කොරෝනා වයිරසයට මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් ගෙන ඇති වැඩපිළිවෙල ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත උප සභාපතිවරිය දැඩි ලෙස විවේචනය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් වෛද්‍යවරු සහ සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් ගෙන ඇති සමස්ත සෞඛ්‍ය ක්‍රියා මාර්ග ව්‍යාකූල සහ අවුල්සහගත බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත උප සභාපතිනී වෛද්‍ය Danielle McMullen, SBS පුවත් සේවයට පැවසුවාය.

පවුලේ වෛද්‍යවරුන්ට තවමත් නිසි උපදෙස් ලැබී නැහැ
කොරෝනා වයිරසය පැතිර යාම ආරම්භ වූ දිනයේ පටන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු පවුලේ වෛද්‍යවරුන්ට ලැබී නොමැති බව වෛද්‍ය Danielle McMullen පැවසුවාය.
මේ සම්බන්ධයෙන් නිසි සම්බන්ධීකරණයක් හෝ සන්නිවේදනයක් නොමැති බවද ඇය සඳහන් කළාය.
පසුගිය සති කිහිපය පුරාවට සෞඛ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ අනෙකුත් වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනෙකුම කොරෝනා වයිරසය පිළිබඳ මාධ්‍ය වෙත විවිධ අදහස් දක්වා තිබූ බවත් ඒ හරහා මහජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත්වූ බවත් ඇය චෝදනා කළාය.
මේ තත්ත්වය හමුවේ වෛද්‍යවරු පවා ව්‍යාකූල අවස්ථාවන්ට මුහුණ දෙමින් සිටින බව ඇය පෙන්වා දුන්නාය.

වෛද්‍යවරුන්ට මතුව ඇති සංකීර්ණ ගැටළු
කොරෝනා වයිරසය ආසාදනය වූ හෝ ආසාදිත යයි සැක කරන පිරිස් වෛද්‍ය පරීක්ෂාවට යොමු කිරීමේදී ප්‍රයෝගික ගැටළු රාශියකට මුහුණ දීමට වෛද්‍යවරුන්ට සිදුව ඇතැයි ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත උප සභාපතිනී වෛද්‍ය Danielle McMullen, SBS පුවත් සේවයට පැවසුවාය.
එම ගැටළු අතරින් පහත ඒවා ප්‍රධාන බව ඇය ප්‍රකාශ කළාය.
- කොරෝනා ආසාදිතයෙකු හෝ ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයකු හමුවේ ක්‍රියා කළ යුතු අයුරු?
- පරීක්ෂා කළ යුත්තේ කවුරුන්ද?
- අදාළ පුද්ගලයින්ව පරීක්ෂා කළ යුත්තේ කෙසේද?
- ඔවුන්ව පරීක්ෂා කළ යුත්තේ කුමන ස්ථානයකදීද?
- සායන වල දෛනික කටයුතු සිදු කරන අතරේම ඔවුන්ගේ පරීක්ෂණ සාම්පල ලබාගත යුත්තේ කෙසේද?
- එම පරීක්ෂණ වලින් අනතුරුව ඒවා සිදුකළ කාමර හිස් කළ යුතුද?
ඊට අමතරව කොරෝනා වයිරසය හමුවේ පැමිණෙන රෝගීන් පරීක්ෂා කිරීමේදී personal protective equipment (PPE) හෙවත් පුද්ගලික ආරක්ෂක උපකරණ භාවිතා කිරීම සහ අදාළ පරිසරය පිරිසිදු කරගන්නා අයුරු පිළිබඳවද නිසි උපදෙස් නිසි පරිදි ලැබී නැති බවද වෛද්‍ය Danielle McMullen චෝදනා කළාය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පියවර
කොරෝනා වයිරසය පැතිරී යාම වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව ඊයේ (11/03) ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඩොලර් බිලියන 2.4 ක මුල්‍ය පිරිවැයක් මධ්‍යම රජය විසින් වෙන් කෙරුණු අතර ඉන් ඩොලර් මිලියන 30 ක් ඒ සම්බන්ධ ජාතික සන්නිවේදන ව්‍යාපාරයට වෙන් කර තිබේ.
මෙම වයිරසය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව වාසය කරමින් ඔස්ට්‍රේලියානු සමාජයට තමන්ගේ දායකත්වය ලබා දිය යුත්තේ කෙසේද යන්න එම සන්නිවේදන ව්‍යාපාරය හරහා මහජනයව දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.


