කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හමුවේ ඩොලර් බිලියන 4.8 ක සහන පැකේජයක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ හරහා විශ්‍රාමිකයින්ට සහ සුබ සාධන දීමනා ලබන්නන්ට සහන ලැබෙන බව අගමැති Scott Morrison නිවේදනය කළේය.

සහන ලැබෙන පිරිස් සහ වෙන් කළ මුල්‍ය ප්‍රතිපාදන
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් හඳුන්වාදුන් මෙම සහන පැකේජය හරහා මිලියන 6.5 කට අධික විශ්‍රාමිකයින්ට සහ සුබ සාධන දීමනා ලාභීන්ට $750 ක අත්පිට මුදල් දීමනාවක් මෙම මස අග සිට ලැබෙනු ඇත.
කොරෝනා වයිරසය පැතිර යාමේ අර්බුදය හමුවේ ඔවුනට මෙම සහනය ලැබෙන බව මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු සමාජයේ වෙසෙන පහත සඳහන් පාර්ශව සඳහා මෙම සහන ලැබෙන බව මධ්‍යම රජය දක්වා තිබේ.
- Newstart සුබ සාධන දීමනා ලාභීන්
- disability support විශ්‍රාමික දීමනා ලාභීන්
- carers' allowance ලාභීන්
- youth allowance ලාභීන්
- veterans support දීමනා ලාභීන්
- family tax ප්‍රතිලාභ ලාභීන්
- මධ්‍යම රජයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය කාඩ්පත් හිමියන් (commonwealth senior health card-holders)
- විශ්‍රාමිකයින්

ආර්ථික කටයුතු සඳහා සක්‍රියව දායක වීම
ලබා දෙන සහන දීමනා වියදම් කරන ආකාරය ඉහත පාර්ශව වෙත කියා දීමට අවශ්‍ය නැති නමුත් ඔවුන් මේ හරහා ආර්ථික කටයුතු සඳහා සක්‍රියව දායක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
කොරෝනා වයිරසයේ පැතිරීම නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ද බරපතල බලපෑම් ඇතිවී ඇති බවත් එනිසාම මාර්තු මාසයෙන් අවසන් වන කාර්තුවේදී ධනාත්මක ආර්ථික රටාවක් ඔස්ට්‍රේලියාවේ ඇති කරගැනීම මධ්‍යම රජයේ අපේක්ෂාව බවත් ඔහු පැහැදිලි කළේය.
මේ අතර කොරෝනා වයිරසය හමුවේ ස්වයං නිරෝධායනයට
මේ අතර කොරෝනා වයිරසය හමුවේ ස්වයං නිරෝධායනයට ලක්වන අනියම් සේවකයින්ට (casual workers) ගෙවීම් සහිත අසනීප නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සලසන බවද මධ්‍යම රජය පවසයි.
එමෙන්ම විශ්‍රාමිකයින්ගේ deeming rate සඳහාද සංශෝධන එක් කර ඇති බව වාර්තා වේ.
පහළ මට්ටමේ 1.0% තිබූ deeming rate ප්‍රතිශතය 0.5% දක්වා කප්පාදු කර ඇත.
$51,800 ක් දක්වාවූ ආයෝජන සතු තනිකඩ විශ්‍රාමිකයින් හට මෙන්ම $86,200 දක්වාවූ ආයෝජන සතු විශ්‍රාමික යුවළ වලට මෙම නව ප්‍රතිලාභ අත්වනු ඇත.
එමෙන්ම ඉහළ මට්ටමේ 3.0% තිබූ deeming rate ප්‍රතිශතය 2.5% දක්වා කප්පාදු කර ඇත.
මෙම සංශෝධන හරහා විශ්‍රාමික යුවළකට වසරකට $1612 ක අමතර මුදලක් ලැබෙන අතර තනිකඩ විශ්‍රාමිකයින් හට වසරකට $1300 ක අමතර මුදලක් ලැබෙනු ඇත.

මෙම අමතර මුදල් එළඹෙන මැයි 01 වන දින සිට ඔවුන්ට ලැබීමට නියමිතය.

