ගතවන මාස කිහිපය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ දුම්රිය හා ට්‍රෑම් අවලංගු කිරීම් හරහා ගමනාගමන ප්‍රමාදවීම් රැසක් (SBS සිංහල/ වාර්තා)

Train delays

Source: AAP

දුම්රිය සහ ට්‍රෑම් සේවාවන් හි ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් වලට ලබන සතියේ සිට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට මුහුණ දීමට සිදුවන බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මහා මාර්ග හරහා වැටී ඇති දුම්රිය ගේට්ටු ඉවත් කිරීම ඇතුළු ප්‍රවාහන කටයුතු සම්බන්ධ ප්‍රධාන ව්‍යාපෘති 120 කට අධික සංඛ්‍යාවක් කඩිනම් කිරීම නිසා මෙම තත්ත්වය උදාවන බව සඳහන්.
Train delays
Source: Flickr

ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම්

එළඹෙන මාර්තු 23 වන දින සිට සතියක් පමණ ගතවන තුරු Flinders Street මාර්ගයේ ගමන් කරන ට්‍රෑම් සේවාවන්ට බාධා වීම් සිදුවන බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Metro උමං දුම්රිය මාර්ගය ආශ්‍රිතව ඉදිවන නව භූගත දුමරිය ස්ථානයක් වන Town Hall දුමරිය ස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඊට හේතුව වේ.

එමෙන්ම Kooyong දුම්රිය ස්ථානය ආශ්‍රිතව Toorak මාර්ගය හරහා දුම්රිය පාලමක් ඉදිකිරීමේ කටයුතු නිසා අප්‍රේල් මාසයේදී දින 9 ක් පුරාවට Toorak මාර්ගයේ එම කොටස වසා දැමෙනු ඇත.

මාර්තු 20 - 27 කාලය තුල Frankston දුම්රිය මාර්ගයේ Cheltenham සහ Mentone දුම්රිය ස්ථාන අතර ඉදිකිරීම් කටයුතු නිසා Frankston දුම්රිය ගමන් සතියක් පමණ අවලංගු කෙරෙන බවද වාර්තා වේ.
එමෙන්ම අප්‍රේල් මාසයේ අග සිට මාස දෙකහමාරක් පමණ එම දුම්රිය මාර්ග කොටස වසා දැමෙනු ඇති බවද සඳහන්.

Cheltenham සහ Mentone දුම්රිය ස්ථාන අතර ඇති මාර්ග හරහා පවතින දුම්රිය ගේට්ටු තුනක් මෙහිදී ඉවත් කෙරෙනු ඇත.

අප්‍රේල් මාසයේ එළඹෙන පාස්කු පාසල් නිවාඩුවේදී West Gate Freeway ramps ද වසා දැමෙනු ඇත.

මේ අතර දුම්රිය මාර්ග ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය සේවාවන්ද යම් අවලංගු කිරීම් වලට ලක්වෙනු ඇත.

ඒ අනුව මාර්තු, අප්‍රේල් සහ මැයි මාස වලදී Geelong, Ballarat, Ararat, Bendigo, Swan Hill, Maryborough සහ Warrnambool යන දුම්රිය වෙනුවට මගීන්ට බස් රථ හරහා ප්‍රවාහනය සලසා තිබේ.
Train delays
Source: Flickr

මාර්තු සහ අප්‍රේල් මාස වල ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් සාරාංශය

මාර්තු 20 සිට  27 - Cheltenham සහ Mentone දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය නවත්වයි. ඒ වෙනුවට බස් යොදවයි.

අප්‍රේල්, මැයි සහ ජුනි - Frankston දුම්රිය මාර්ගයේ Cheltenham සහ Mentone දුම්රිය ස්ථාන අතර කොටස වසා දැමෙයි.

මාර්තු 23 සිට 30 -  Flinders Street මාර්ගයේ ගමන් කරන ට්‍රෑම් සේවාවන්ට බාධා වීම් සිදුවේ.

මාර්තු - Sunbury දුම්රිය මාරගයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම නිසා දුම්රිය අවලංගු කර බස් යොදවා ඇත.

අප්‍රේල් - Kooyong දුම්රිය ස්ථානය ආශ්‍රිතව Toorak මාර්ගය හරහා දුම්රිය පාලමක් ඉදිකිරීමේ කටයුතු නිසා දින 9 ක් පුරාවට Toorak මාර්ගයේ එම කොටස වසා දැමෙනු ඇත.
අප්‍රේල් -  පාස්කු පාසල් නිවාඩුවේදී West Gate Freeway ramps ද වසා දැමෙනු ඇත.

අප්‍රේල් - Old Dandenong සහ Lower Dandenong මාර්ග විටින් විට වසා දැමෙයි.

ජූලි 20 සිට ඔක්තෝබර් - Bell Street මාර්ගයේ දුම්රිය ගේට්ටු ඉවත් කිරීම ඇතුළු Upfield දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු නිසා දුම්රිය අවලංගු කිරීම් සහ බස් රථ යෙදවීම් සිදු කෙරේ.

මාර්තු සිට මැයි - Monash Freeway මාර්ගයේ දෙවැනි අදියරේ යාවත්කාලීන කිරීම ආරම්භ වීම නිසා වේගය අඩු කිරීම් සහ ramp වසා දැමීම් සිදු කෙරේ.
Train delays
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ගතවන මාස කිහිපය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයේ දුම්රිය හා ට්‍රෑම් අවලංගු කිරීම් හරහා ගමනාගමන ප්‍රමාදවීම් රැසක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala