SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය නිසා තාවකාලික වීසා හිමියන්ට ද විශේෂ සුබ සාධන දීමනාවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුවෙයි (SBS සිංහල/ වාර්තා)

Coronavirus
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා අහිමිවී සිටින තාවකාලික සංක්‍රමණිකයින්ට ද විශේෂ සුබ සාධන දීමනාවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධානය යොමු කර තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

කොරෝනා වයිරසය වැළක්වීමේ අරමුණින් රජය ගත් ඇතැම් පියවර නිසා බොහෝ දෙනෙකුගේ රැකියා මේ වන විට අහිමිවී ඇති අතර තාවකාලික සංක්‍රමණිකයින්ට ද මේ අර්බුදයට මුහුණ දීමට සිදුවී ඇත.

Six groups fail to join national child abuse redress scheme.
Minister for Social Services Anne Ruston. Source: AAP

තාවකාලික සංක්‍රමණිකයින්ට ද විශේෂ සුබ සාධන දීමනාවක්

මෙම වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත් තාවකාලික වීසා හිමියන්ට සුබ සාධන දීමනාවක් ලබා දීමට ඇති විකල්ප ඇතිදැයි මධ්‍යම රජය මේ වන විටත් සොයා බලන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සමාජ සේවා අමාත්‍යවරිය වන Anne Ruston පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ සිටින බොහෝ තාවකාලික වීසා හිමියන් දැනට ප්‍රකාශ කර ඇති සුබ සාධන දීමනා ලබා ගැනීමට සුදුසුකම් නොලබයි.

ඒවා හුදෙක් ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට නම් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය තිබිය යුතු අතර නැතිනම් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය තිබිය යුතුය.

රජයේ සේවාවන් ලබා ගැනීමට නොහැකි මිලියන 1.5 ක් පමණ තාවකාලික වීසා හිමියන් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ සිටින බවට ගණන් බලා තිබේ.

තාවකාලික වීසා වර්ග පිළිබඳ මේ වන විට තමන් අවධානය යොමු කරමින් ඒවාට සහය වීමට කුමන ආකාරයේ විකල්ප ඇතිදැයි සොයා බලමින් සිටින බවද සමාජ සේවා අමාත්‍යවරිය වන Anne Ruston පැවසුවාය.

සමාජ ආරක්ෂණ දීමනාවන් ලබා ගැනීමට නුසුදුසු තාවකාලික වීසා හිමියන්ට මේ තත්ත්වය යටතේ විශේෂ සුබ සාධන දීමනාවක් ලබා දීමට තමන්ට ලැබී ඇති විශේෂ බලතල යටතේ උත්සාහ දරන බවද ඇය පැහැදිලි කළාය.

Temporary migrant
Australian government announces major visa concessions for temporary graduates stuck offshore. Source: AAP

තාවකාලික වීසා හිමියන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍යයි

කොරෝනා වසංගතය හමුවේ තාවකාලික වීසා හිමියන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනී Carla Wilshire, SBS පුවත් සේවයට පැවසුවාය.

මෙය සුවිශේෂී කාලයක් බැවින් ඔවුන්ට සහය වීමට විශේෂ ප්‍රතිපත්ති පිළිබඳව සලකා බැලිය යුතු බව ඇය පැහැදිලි කළාය.

එමෙන්ම මධ්‍යම රජය විසින් දමා ඇති නව නීති නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වන ගුවන් යානා බරපතල ලෙස අවම වීම හේතුවෙන් තාවකාලික වීසා හිමියන්ට රටින් පිටවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ඇය පැවසුවාය.

එමෙන්ම වීසා අවසන් වීම සහ සුබ සාධන දීමනා ලබා ගැනීමට නොහැකි වීම නිසා තාවකාලික වීසා හිමියන් බරපතල අර්බුද වලට මුහුණ දෙන බවද ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

එනිසාම වීසා අවසන් වන තාවකාලික වීසා හිමියන්ගේ වීසා දිගු කිරීමද ඔවුන්ට යම් ආකාරයේ සුබ සාධන දීමනාවක් ලබා දීමටද මධ්‍යම රජය කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනී Carla Wilshire, SBS පුවත් සේවයට පැවසුවාය.

Coronavirus in Australia
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now