කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇතැම් සේවාවන් සහ ව්‍යාපාර අක්‍රිය කිරීමට සිදුව ඇති නිසා ඒවායින් ආර්ථික පීඩාවන්ට පත්වන පිරිස් වෙත ආර්ථික සහන සැලසීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් බිලියන 66 ක සහන පැකේජයක් ඉදිරිපත් කර තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කළ දෙවැනි සහන පැකේජය ලෙස මෙය හැඳින්වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මීට පෙර ද මෙවැනිම අන්දමේ සහන පැකේජයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කළේය.
ආර්ථික පීඩනය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවීමට වග බලාගැනීමේ අරමුණින් මෙම සහන පැකේජ ද්විත්වයම ඉදිරිපත් කොට ඇත.

Coronavirus Supplement හෙවත් කොරෝනා වයිරස අතිරේක දීමනාව යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාවේ සුබ සාධන දීමනා ලබන්නන් හට කොරෝනා වසංගතය හේතුවෙන් ලබාදෙන අතිරේක දීමනා Coronavirus Supplement ලෙස හැඳින්වේ.
Coronavirus Supplement එක හරහා කොපමණ මුදලක් ලැබෙයිද?
සති දෙකකට වරක් $550 ක මුදලක් මේ හරහා ලැබෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව මීට පෙර Newstart ලෙස හැඳින්වූ මේ වන විට Jobseeker දීමනාව ලෙස හඳුන්වන සුබ සාධන දීමනාව තාවකාලිකව දෙගුණ කර ඇත.

Coronavirus Supplement ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?
පහත සඳහන් දීමනා ලබන්නන් Coronavirus Supplement ලබා ගැනීමට සුදුසු බව වාර්තා වේ.
- JobSeeker Payment (මීට පෙර Newstart දීමනාව)
- Sickness Allowance
- Youth Allowance for jobseekers
- Parenting Payment Partnered
- Parenting Payment Single
- Partner Allowance
- Farm Household Allowance
මෙය ආරම්භ වන්නේ කෙදින සිටද?
මෙම දීමනා ලබා දීම අප්‍රේල් 27 වන දින සිට ආරම්භ වන අතර අවම වශයනේ මාස 6 ක කාලයක් පුරාවට ලබා දීමට අපේක්ෂා කෙරේ.

මේ සඳහා සුළු පරිමාණ ව්‍යාපාරිකයින් සහ අනියම් (casual) සේවකයින් සුදුසුකම් ලබයිද?
සුළු පරිමාණ ව්‍යාපාරිකයින් සහ අනියම් (casual) සේවකයින් සති දෙකකට $1,075 කට වඩා අඩු ආදායමක් ලබයිනම් ඔවුන්ද මෙම සහන දීමනා සඳහා සුදුසුකම් ලබන බව ABC පුවත් සේවය වාර්තා කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමීමට සිදුවන ව්‍යාපාර සහ සේවක කප්පාදුව හරහා රැකියා අහිමිවන අනියම් (casual) සේවකයින් හට Coronavirus Supplement හරහා සහන සැලසෙන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසයි.
මෙම දීමනා ලබා දීමේදී සාමාන්‍යයෙන් සිදුකරන දේපළ හා වත්කම් පරීක්ෂාව මෙන්ම බලා සිටීමේ කාලයද ඉවත් කර ඇති නමුත් ආදායම් පරීක්ෂාව සිදු කරන බවද ඔහු පැවසීය.
ඒ අනුව සති දෙකකට $1,075 කට වඩා අඩු ආදායමක් ලබයිනම් ඔවුන්ට $550 සම්පූර්ණ Coronavirus Supplement එක ලැබෙනු ඇත.

Coronavirus Supplement එක ලබා ගන්නේ කෙසේද?
ඉහත සඳහන් කළ සුබ සාධන දීමනා වලින් එකක් හෝ ඔබ දැනටමත් ලබා ගන්නවානම් ඔබට මෙම Coronavirus Supplement එක ලබා ගැනීම සඳහා කිසිවක් කළ යුතු නොවෙයි.
ඒ අනුව සුදුසුකම් ලැබූ එවැනි පුද්ගලයින්ට සෑම සති දෙකකට වරක්ම Services Australia ආයතනය විසින් ස්වයංක්‍රීයව අදාළ දීමනා ගෙවනු ඇත.
දැනට ඔබ සුබ සාධන දීමනාවක් නොලබන අයෙකු නම් ඔබ මෙම Coronavirus Supplement එක ලබා ගැනීම සඳහා අයදුම් කළ යුතුය.
මෙම Coronavirus Supplement එක ලබා ගැනීම සඳහා JobSeeker සහ Youth Allowance දීමනා ලබන්නන් ද සුදුසු බවට රජය ප්‍රකාශ කිරීමත් සමග පහත සඳහන් පුද්ගලයින්ටද මේ සඳහා අයදුම් කළ හැකිය.
- රැකියාව අහිමිවූ පූර්ණ කාලීන සේවකයෙකු
- ඒක පුද්ගල ව්‍යාපාරික, ස්වයංරැකියා කරන අයෙකු, ආදායම අඩුවූ අනියම් හෝ කොන්ත්‍රාත්තු සේවකයින්
- කොරෝනා වයිරසය බලපෑ අයෙකු රැක බලා ගන්නෙකු
ඔබ මේ සඳහා සුදුසුදැයි Centrelink ආයතනය විසින් අනුමත කළ යුතුය.

JobSeeker හෝ Youth Allowance දීමනා සඳහා අයදුම් කරන්නේ කෙසේද?
Centrelink ගිණුම හරහා ඇති MyGov ගිණුම මගින් ඔබට මේ සඳහා අයදුම් කළ හැකිය.
නැතිනම් Services Australia ආයතනය දුරකතනයෙන් අමතා ඔබට අයදුම් කරන අයුරු පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.
දහස් ගණනක් පිරිස Centrelink දීමනා ලබාගැනීමට යාම නිසා MyGov වෙබ් අඩවිය ඊයේ පෙරවරුවේ අක්‍රිය වී ඇති බවද වාර්තා වේ.


