SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සම්පූර්ණ වසා දැමීමකට ආසන්න තත්ත්වයක, මාර්තු 25 බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නව නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

Coronavirus in Australia
Source: Pixabay

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාව තුළ පාලනය කිරීම උදෙසා තවත් නවතම නීති කිහිපයක් අගමැති මොරිසන් විසින් ඊයේ (24/03) රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලදී.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඊයේ රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Coronavirus in Australia
Prime Minister Scott Morrison Source: AAP

අද (25/03) සිට ක්‍රියාත්මක වන නව නීති

පසුගිය මාර්තු 23 වන දින සමස්ත ඔස්ට්‍රේලියවටම බලපාන අයුරි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශ කළ නීති වලට අමතරව අද (25/03) මධ්‍යම රාත්‍රියේ සිට නව නීති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.

කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම වැළක්වීම මෙහි අරමුණ වී තිබේ.

ඔස්ට්‍රේලියාව සම්පූර්ණ වසා දැමීමකට ආසන්න තත්ත්වයක පෙර නිමිති මේ හරහා පෙනෙන්නට තිබේ.

ඒ අනුව අද (25/03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නව නීති පහත පරිදි වේ.

  • සාප්පු සංකීර්ණ (shopping centres) ඇති Food courts වසා දැමෙයි. (නමුත් take-away සේවාවන් ක්‍රියාත්මක කළ හැකියි)
  • රූප ලාවන්‍යාගාර, සම්භාහන මධ්‍යස්ථාන, පච්ච කෙටීමේ ස්ථාන, waxing සහ nail සැලෝන් වසා දැමෙයි. (භෞතචිකිත්සක ස්ථාන විවෘත කෙරේ)
  • Auction houses වසා දැමෙයි.
  • දේපළ වෙළෙඳාම් වෙන්දේසි සහ open house inspections තහනම්.
  • බාහිර සහ අභ්‍යන්තර පොළවල් (markets) වසා දැමෙයි. (ආහාර පොළවල් [food markets] විවෘත කිරීමට හැකිය)
  • විනෝද උද්‍යාන සහ arcades වසා දැමිය යුතුය.
  • බාහිර සහ අභ්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දැමිය යුතුය.
  • Community and recreation centres වසා දැමිය යුතුය.
  • Personal training පුද්ගල දුරස්ථභාවය උපරිමයෙන් තබාගෙන පුද්ගලයින් 10 කට පමණක් සීමා කළ යුතුය.
  • විශාල ප්‍රමාණයේ සමාජ සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් තහනම්.
  • කෞතුකාගාර, කලාගාර, පුස්ථකාල සහ ප්‍රජා පහසුකම් ස්ථාන වසා දැමෙයි.
  • ප්‍රජා ශාලා, සහ RSLs වසා දැමෙයි.
  • විවාහ උත්සවය සඳහා විවාහ වන යුවල සහ සාක්ෂිකරුවන් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකුට වඩා සහභාගී වීම තහනම්.
  • අවමංගල්‍ය උත්සව සඳහා  පුද්ගලයින් 10 දෙනෙකුට වඩා සහභාගී වීම තහනම්.
  • කොණ්ඩා කපන හා කොණ්ඩා විලාසිතා සැලෝන් විවෘත කළ හැකි නමුත් මිනිත්තු 30 කට වඩා එක් පුද්ගලයෙකු වෙනුවෙන් වැය කළ නොහැකිය.

ඉහත නීති වලට යටත්ව Shopping centres විවෘතව පවතී.

Coronavirus in Australia
Source: AAP

පාසල් තවමත් විවෘතව පවතී

වික්ටෝරියා ප්‍රාන්තයේ හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත වල පාසල් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව අගමැති මොරිසන් පැවසුවේය.

රැකියා කරන සෑම පුද්ගලයෙකුගේම රැකියාව ඔස්ට්‍රේලියාවට අත්‍යවශ්‍ය බව ද අගමැතිවරයා සඳහන් කළේය.

එනිසා පාසල් වසා ළමුන්ව නිවසේ තබාගැනීමෙන් ඒ සඳහා බාධා වන බවත් දරුවන්ගේ අධ්‍යාපනය මෙම තත්ත්වය නිසා කඩාකප්පල් වනු දැකීමට තමන් අකමැති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. 

එළඹෙන පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් නැවතත් විවෘත කරන බවත් එහිදී දුරස්ථ අධ්‍යාපනය සමග මිශ්‍රවූ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

Police Officers patrolling in the Departures Hall of Sydney Domestic Airport.
Police Officers patrolling in the Departures Hall of Sydney Domestic Airport. Source: AAP

ඔස්ට්‍රේලියාවෙන් පිටවීම සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට තහනම්

කොරෝනා වයිරස වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවෙන් පිටවීම සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට තහනම් කර තිබේ.

නමුත් විවිධ ආධාර සපයන වැඩසහන් වල නිරත පුද්ගලයින්ට, ඇතැම් රජයේ සහ වානිජ කටයුතු වල නියුතු පුද්ගලයින්ට සහ සානුකම්පිත හේතු මත විදෙස් ගත වීමට අවශ්‍ය පුද්ගලයින්ට එම තහනම බල නොපැවැත්වෙන බව ද වාර්තා වේ.

යමෙකු මේ කාලයේ විදෙස්ගතව සිට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණියහොත් ඔහු ඔස්ට්‍රේලියාවට විශාල අවදානමක් රැගෙන එන අයෙකු වන්නට බොහෝ ඉඩකඩ ඇති බව අගමැති මොරිසන් පැවසීය.

හැකිතරම් තම නිවෙස් වලම රැදී සිටින ලෙසද එහිදී අගමැති මොරිසන් සියලුම ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියේය.

Coronavirus in Australia
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now