කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවත් නව නීතියක් ඊයේ (29/03) ප්‍රකාශ කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සමාජය තුළ පුද්ගලයාගෙන් පුද්ගලයාට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීම වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.

අද (30/03) සිට ක්‍රියාත්මක වන නව නීතිය
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවත් නව නීතිය අනුව ගෘහස්ත හා බාහිර පරිසරයේ එකට රැස්ව සිටිය හැකි පිරිස පුද්ගලයින් දෙදෙනෙකුට සීමා කිරීමට රජය තීරණය කර තිබේ.
මීට පෙර එලෙස එකට රැස්ව සිටිය හැකි උපරිම පුද්ගල පිරිස 10 ක් විය.
සිය පවුලේ උදවියව මෙම නීතියෙන් බැහැර කර ඇති නමුත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි බලධාරීන්ට ඒ සම්බන්ධව නීතිමය තීරණයක් ගැනීමට අවස්ථාව ඇති බවද අගමැති ස්කොට් මොරිසන් පැවසුවේය.
මෙම නීතිය අද (30/03) මධ්‍යම රාත්‍රියේ සිට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම ක්‍රියාත්මක කෙරේ.
මේ අතර සමස්ත ඔස්ට්‍රේලියවේම ක්‍රීඩා පිට්ටනි, එළිමහන් කායවර්ධන ස්ථාන සහ skate උද්‍යාන වැනි පොදු ස්ථාන ද අද සිට වසා දැමීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

වියපත් පුද්ගලයින්ට හා ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට අගමැතිගෙන් පණිවිඩයක්
කොරෝනා වයිරසයට ගොදුරු වීමේ සහ ඉන් මිය යාමේ වැඩිම අවදානමක් සහිත පිරිස් වන වියපත් පුද්ගලයින්ට සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට අගමැති Scott Morrison විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.
එනම් මෙම වසංගත තත්ත්වය අතරතුරේ බාහිර සමාජයට නොයා හැකිතරම් නිවසේ රැදී සිටින ලෙසය.
වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ට, නිධන්ගත රෝග වලින් පෙළෙන වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ වයස අවුරුදු 50 ට වැඩි ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට මේ කාලයේදී නිවසේ රැදී සිටින ලෙස අගමැති Scott Morrison ඊයේ (29/03) පැවති මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය කළේය.

කුලිය නොගෙවූ කුලී නිවැසියන් පිටුවහල් නොකිරීමට මාස 6 සහන කාලයක්
කුලී නිවැසියන් හට තම නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ව අදාළ කුලී නිවෙස් වලින් නෙරපීම තාවකාලිකව නැවත්වීමට සහන කාලයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊයේ (29/03) නිවේදනය කළේය.
ඒ අනුව කොරෝනා වයිරසය හමුවේ ආර්ථික පීඩාවට පත් යම් කුලී නිවැසියෙකුට තම නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අදාළ කුලී නිවසින් පිටුවහල් නොකර ඔහුට මාස 6 ක් දක්වා කල් ලබා දීමක් මෙහිදී සිදු කෙරේ.
මෙය පුද්ගලික සහ ව්‍යාපාරික යන අංශ දෙකටම අදාළ වන බව මධ්‍යම රජය ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් කුලී කරුවන්, කුලී හිමියන් මෙන්ම බැංකුද එකට හිඳ සාකච්ඡා කර තීරණයකට එළඹීම වඩා යෝග්‍ය බව අගමැති Scott Morrison වැඩි දුරටත් පැවසුවේය.


