කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ඔබේ නිවාස ණය වාරිකය ගෙවීම කල් දමාගන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

How to defer your mortgage payments in Australia due to the coronavirus outbreak

Source: Pixabay

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සෑම ක්ෂේත්‍රයකටම බරපතල ආර්ථික ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙන ඇති නව ක්‍රියා මාර්ග නිසා බොහෝ ක්ෂේත්‍ර වල ව්‍යාපාර සහ රැකියා ස්ථාන වසා දැමීමට සිදුව ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ හේතුවෙන් බොහොමයක් පිරිසකගේ ආදායම් මාර්ග අහිමිවී ඇති අතර ඔවුන්ගේ නිවාස ණය, නිවාස කුලිය, මාසික බිල්පත් වැනි වියදම් ගෙවා දැමීමටද අපහසු තත්ත්වයකට මුහුණ පා සිටියි.

මේ අතර තම නිවාස ණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර පසුගියදා ප්‍රකාශ කළේය.
ABC පුවත් සේවය වාර්තා කරන පරිදි එම එක් එක් බැංකුව මේ කාලයේදී ඔබ වෙත ලබා දෙන නිවාස ණය සහනය පහත පරිදි වේ.
Federal Budget 2021: Housing & Infrastructure
Federal Budget 2021: Housing & Infrastructure Source: Getty Images

Commonwealth බැංකුව

ඔබගේ නිවාස ණය වාරික ගෙවීම මාස 6 ක් දක්වා කල් දැමීමට අවසරය ලැබේ.

පොලිය සහ ඒ හා බැඳුනු වියදම ඔබගේ ණය ශේෂයට එකතු කරනු ලැබේ.

සහන කාල සීමාව අවසන් වූ පසු ණය ශේෂය නැවත ගණනය කරනු ලැබේ.

ඔබේ ණය කාලය දික් කෙරෙන අතර ඔබේ ණය කල් දැමීමට පෙර තිබූ නැවත ගෙවීමේ මුදල් ප්‍රමාණය (repayments) එලෙසම පවතී.
How to defer your mortgage payments in Australia due to the coronavirus outbreak
Source: AAP

Westpac බැංකුව

ඔබගේ නිවාස ණය වාරික ගෙවීම මාස 3 ක් දක්වා කල් දැමීමට අවසරය ලැබේ.

අධීක්ෂණයකින් පසුව මෙම කාලය දිගු කිරීම හිමිවන අතර කොරෝනා වයිරසය නිසා රැකියා හෝ ආදායම් අහිමිවූවන්ට මෙම සහනය ලැබේ.

කල් දමන කාලයේ පොලිය  ඔබගේ ණය ශේෂයට එකතු කරනු ලබන අතර එනිසා  ඔබගේ ණය ශේෂය වැඩිවනු ඇත.
westpac
Source: AAP

National Australia Bank (NAB)

ඔබගේ නිවාස ණය වාරික ගෙවීම මාස 6 ක් දක්වා කල් දැමීමට අවසරය ලැබේ.

නමුත් මාස තුනක් ගතවූ තැන බැංකුව විසින් මෙය නැවත අධීක්ෂනය කරයි.

කොරෝනා වයිරසය නිසා රැකියා හෝ ආදායම් අහිමිවූ නිවාස ණයක් සහිත පුද්ගලයින්ට පමණක් මෙම සහනය ලැබේ.

මෙය owner-occupiers, නිවාස ආයෝජකයින්ට, හෝ ප්‍රාග්ධන සහ පොලී හෝ පොලී පමණක් වන නැවත ගෙවීම් සඳහා වලංගුවේ.

ඔබට redraw පහසුකම ලබාගැනීමට නිවාස ණය වාරිකය ගෙවීම අත්හිටුවා ඇති කාලය තුළ වුවද හැකිය.
How to defer your mortgage payments in Australia due to the coronavirus outbreak
Source: AAP

ANZ බැංකුව

ඔබගේ නිවාස ණය වාරික ගෙවීම මාස 6 ක් දක්වා කල් දැමීමට අවසරය ලැබේ.

කල් දමන කාලයේ පොලිය  ඔබගේ ණය ශේෂයට එකතු කරනු ලබයි.

මාස තුනක් ගතවූ තැන බැංකුව විසින් මෙය නැවත අධීක්ෂනය කරයි.
How to defer your mortgage payments in Australia due to the coronavirus outbreak
Source: AAP

මෙම සහනය ලබාගැනීමට සාක්ෂි පෙන්විය යුතුද?

කොරෝනා වයිරසය නිසා රැකියා හෝ ආදායම් අහිමිවූ නිවාස ණයක් සහිත පුද්ගලයින්ට පමණක් මෙම සහනය ලැබෙන බව ඇතැම් බැංකු විශේෂයෙන්ම සඳහන් කර තිබේ.

ඒ අනුව ඔබේ නිවාස ණය ලබා දුන් බැංකුව අනුව මෙය වෙනස් වේ.

Commonwealth බැංකුව : නිවාස ණය වාරික ගෙවීම කල් දැමීම සඳහා කිසිදු සාක්ෂියක් අවශ්‍ය නොවෙයි. නමුත් කොරෝනා වයිරසය නිසා රැකියා හෝ ආදායම් අහිමිවූ බවට ඇතැම් විට ඔබට ඔප්පු කිරීමට සිදුවේ.

Westpac බැංකුව : නිවාස ණය වාරික ගෙවීම කල් දැමීම සඳහා වන ඉල්ලීම් එකින් එක වෙන වෙනම අධීක්ෂණය කරයි.

ANZ බැංකුව : ඔබ ඔබේ නිවාස ණය වාරිකය ගෙවීම මේ දක්වා නිසි කලට සිදුකර ඇත්නම් ඔබට මෙම සහනය බොහෝ දුරට ලැබෙනු ඇත.

NAB : නිවාස ණය වාරික ගෙවීම කල් දැමීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවෙයි. ඒ සඳහා අදාළ පාරිභෝගිකයා ඉල්ලුම් කළ යුතුය.
How to defer your mortgage payments in Australia due to the coronavirus outbreak
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service