ඔස්ට්‍රේලියාවට සෘජුවම පැමිණ ස්ථිර පදිංචිය ලබාගත හැකි වීසා වර්ගයක් අහෝසි කිරීමට මධ්‍යම රජයේ අවධානය

ඔස්ට්‍රේලියාවේ අවම වශයෙන් ඩොලර් මිලියන 5ක් ආයෝජනය කරන පුද්ගලයින්ට ලබාදෙන Significant Investor provisional වීසා ලබා දෙන වැඩසටහන සමාලෝචනය කෙරේ.

airport stock

Home Affairs Minister Clare O'Neil has indicated she sees little reason in maintaining the Significant Investor visa stream as part of the country's migration program, saying it "isn't adding value to the country". Source: AAP

ඔස්ට්‍රේලියාවේ අවම වශයෙන් ඩොලර් මිලියන 5ක් ආයෝජනය කරන පුද්ගලයින්ට වීසා ලබා දෙන වැඩසටහන සමාලෝචනය කෙරේ.

ඔස්ට්‍රේලියාවට පිවිසීම මිලට ගැනීමේ මාර්ගයක් ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil එම වැඩසටහන විස්තර කරයි.

මෙම වීසා වර්ගය Significant Investor provisional visa හෙවත් SIV ලෙස හඳුන්වන අතර එය ඔස්ට්‍රේලියාවට පිවිසීමේ 'රන් ප්‍රවේශ පත්‍රයක්' ලෙස හැඳින්වේ.

අනුමත අරමුදල් ප්‍රමාණය ආයෝජනය කරන්නේ නම් සාර්ථක අයදුම්කරුවන්ට වසර පහක් දක්වා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට එම වීසා බලපත්‍රය හරහා අවසර ලබා දෙයි.

මෙම Significant Investor provisional වීසා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද මාර්ගයකි.
මෙම වැඩසටහන වසර 2012 දී ජූලියා ගිලාඩ් රජය විසින් හඳුන්වා දෙන ලද අතර එය විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත.

මෙම ආයෝජක වීසා, "වංචාවලට ගොදුරු විය හැකි" බවට තර්ක කරමින් එය අහෝසි කරන ලෙස ඵලදායිතා කොමිෂන් සභාව 2016 වාර්තාවකින් ඉල්ලා සිටියේය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සමාලෝචනය කිරීමට මධ්‍යම රජය කැපවී සිටින බැවින් මෙම වීසා ඛාණ්ඩය විශාල ගැටලුවක් වී ඇති බව Sky පුවත් වෙත අදහස් දක්වමින් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil පැවසුවාය.

"මෙම වීසා වර්ගයට බොහෝ ඔස්ට්‍රේලියානුවන් විරුද්ධ වනවා ඇතැයි මම සිතනවා, මේ මොහොතේ මෙවැනි වීසා වර්ගයක් අපගේ වැඩසටහනේ කොටසක් ලෙස පවත්වා ගැනීමට හේතු රාශියක් මට පෙනෙන්නට නැහැ." යනුවෙන් ඇය වැඩිදුරටත් පැහැදිලි කළා.

Significant investor වීසා බලපත්‍රය

ව්‍යාපාර නවෝත්පාදන සහ ආයෝජන ඉලක්ක කිරීම Significant Investor වීසා ඛාණ්ඩයේ (subclass 188) මූලික අරමුණ වේ.

මෙය ඕස්ට්‍රේලියාවේ අනුමත ආයෝජන සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 5 ක් වත් ආයෝජනය කරන පුද්ගලයින් සඳහා පිරිනැමේ.

ඔවුන් යම් යම් අවශ්‍යතා සපුරාලිය යුතු අතර වීසා බලපත්‍රයේ වලංගු කාලය සඳහා එම ආයෝජනය පවත්වාගෙන යාමට සැබෑ අභිප්‍රායක් තිබිය යුතුය.

එය ව්‍යාපාර ප්‍රාග්ධනය සහ growth private equity අරමුදල්, අනුමත කළමණාකරන අරමුදල් සහ කළමනාකරණය කළ අරමුදල්වල සමතුලිත ආයෝජන අතර බෙදිය යුතුය.
ප්‍රධාන අයදුම්කරු සඳහා වීසා ගාස්තුව ඩොලර් 9,195ක් වන අතර අමතර ගාස්තු ගෙවා පවුලේ සාමාජිකයන් වීසා අයදුම් පත්‍රයට ඇතුළත් කළ හැකිය.

මෙම ආයෝජක වීසා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවක් නොමැති අතර උපරිම වයස් සීමාවක්ද නොමැත.

වයස අවුරුදු 18 ට වැඩි සියලුම අයදුම්කරුවන්ට functional මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය, නැතහොත් අයදුම්පත් ගාස්තුවේ දෙවන වාරිකයක් ගෙවීමට සිදුවේ.

සාර්ථක අයදුම්කරුවන්ට වසර පහක් දක්වා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිය හැකි අතර, ඔවුන් යම් අවශ්‍යතා සපුරාලන්නේ නම් ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකිය.

Significant investor වීසා කොපමණ ප්‍රමාණයක් ලබා දී තිබේද?

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව 2020 ජුනි මාසය වන විට, 2012 වැඩසටහන ආරම්භයේ සිට SIV වීසා 2,349ක් ලබා දී ඇත.

මෙම කාලය තුළ, ඩොලර් බිලියන 11.7 ක් පමණ අදාළ අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව දන්වා තිබේ.


ලැබී ඇති මුළු වීසා ඉල්ලුම්පත්‍රවලින් 84.8% ක් පමණ චීනයෙන් වන අතර එයින් 84.9% ක් සඳහා වීසා ලබා දී ඇත.

ලබා දී ඇති වීසා වලින් 3.6% ක් පමණ Hong Kong වලින් පැමිණි වීසා අයදුම්පත් වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

චීන ජාතිකයින් 2,370 ක් සහ පවුලේ සාමාජිකයින් 5,000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව චීන පුරවැසියන් 7,000 කට වැඩි පිරිසකට මෙම ක්හාන්දය යටතේ වීසා ලබා දී ඇති බවThe Australian පුවත් පත වාර්තා කරයි.

මෙම දත්ත ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත.

කාම්බෝජයේ Hun Sen පාලන තන්ත්‍රයේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වන බව ද පසුගිය මාසයේ එම පුවත්පත වාර්තා කළ අතර, පසුගිය වසර පහ තුළ ධනවත් කාම්බෝජ පුරවැසියන් 10 දෙනෙකු මෙම SIV වීසා ලබා ගෙන තිබේ.
Minister for Home Affairs Clare O’Neil and Minister for Immigration Andrew Giles are pictured during the Jobs and Skills Summit this month.
Minister for Home Affairs Clare O’Neil and Minister for Immigration Andrew Giles during the Jobs and Skills Summit at Parliament House in Canberra, 2 September, 2022. Source: AAP / MICK TSIKAS

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලකිලිමත් වන කරුණු

මෙම වර්ගයේ වීසා බලපත්‍රයක් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බවත්, මෙම වීසා දරන සෑම පුද්ගලයෙකු සඳහාම සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට වියදම් වන බවත් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil පැවසුවාය.

"මේ අය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීවිතයේ තරමක් වයස ඉක්මවා පැමිණෙන අය, බොහෝ විට ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ව්‍යාපාරික ජීවිතය අවසානයේ සහ මෙහි පදිංචි වී විශ්‍රාම ගැනීම සඳහායි." යනුවෙන් ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියට එය ඵලදායී භාවිතයක් බව තම නොසිතන බව ද ඇය අවධාරණය කළාය.
ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi මෙයට එකඟ වන අතර, වසර ගණනාවක් පුරා තමන් මෙම වීසා වැඩසටහන විවේචනය කළ බව ඔහු පවසයි.

"මම හිතන්නේ වීසා බලපත්‍රයක් මිලට ගැනීම අපගේ වීසා ක්‍රමය ක්‍රියාත්මක විය යුතු ආකාරය නෙමෙයි" ලෙස ඔහු SBS පුවත් වෙත පැවසීය.

"මම හිතන්නේ සංක්‍රමණ වැඩසටහනේ නිපුණතා වීසා ධාරාව සඳහා ඔස්ට්‍රේලියානු සමාජයට සහ ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සහ අයවැයට පැහැදිලි ප්‍රතිලාභයක් තිබිය යුතුයි. එය සිදු නොකරනවා යයි පෙනෙන්නේ නම් එම වීසා වර්ගය අහෝසි කළ යුතුයි." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

මෙම අවස්ථාවෙහිදී මෙම වීසා වර්ගයෙන් ඔස්ට්‍රේලියාවට ලැබෙන ප්‍රතිලාභයක් තමන්ට නොපෙනෙන බවද ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi සඳහන් කළේය.

දැන් සිදුවන්නේ කුමක්ද?

මෙම මාසයේ පැවති රැකියා සහ නිපුණතා සමුළුවෙන් පැන නැගුණු සංක්‍රමණ වැඩසටහනේ වෙනස්කම් යටතේ මෙම මූල්‍ය වර්ෂය සඳහා ආයෝජන වීසා කෝටාවේ ප්‍රමාණය දළ වශයෙන් අඩකින් අඩු කෙරිණි.

ලබන වසරේ පෙබරවාරි අග වන විට වාර්තා කිරීමට නියමිත ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිළිබඳ සමාලෝචනයේ අවසන් වාර්තාවෙන් පසුව එය සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil පැවසුවාය.

"එය ඔස්ට්‍රේලියාවට වටිනාකමක් එකතු නොකරනවීසා වැඩසටහනක් බව මා සිතන අතර එය දැන් ප්‍රකාශයට පත් කර ඇති සංක්‍රමණ වැඩසටහනේ සමාලෝචනය හරහා අපි සොයා බලනවා" යනුවෙන්ද ඇය පැවසුවාය.

Share

Published

By Emma Brancatisano, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service