Explainer

ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තවල සංක්‍රමණිකයින්ට ඇති වීසා අවස්ථා මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තවල සහ ටෙරිටරිවල සංක්‍රමණිකයින්ට මේ වන විට ඇති වීසා අවස්ථා පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

An artwork of a map of Australia with passport stamps on each state

Source: SBS

ඔස්ට්‍රේලියාව මේ වන විට දැඩි පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයකට මුහුණ දී සිටියි.

මෙනිසාම විදෙස් සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව ඉහළ දමන ලෙස විවිධ ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර සහ ආයතන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බල කරමින් සිටියි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම පාහේ ඔවුන්ගේ සංක්‍රමණ වැඩසටහන් මේ වන විට විවෘත කර හා විවෘත වෙමින් පවතියි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තවල සහ ටෙරිටරිවල සංක්‍රමණිකයින්ට මේ වන විට ඇති වීසා අවස්ථා පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

——————————————————————
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
——————————————————————

State sponsorship හෙවත් ප්‍රාන්ත හෝ ටෙරිටරි අනුග්‍රහය

බොහෝ සංක්‍රමණිකයන්ට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා බලපත්‍රයක් සඳහා සේවා යෝජකයින් විසින් අනුග්‍රහය දක්වයි.

ඒ අතරේ ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන්ට තම තමන්ගේ සංක්‍රමණ වැඩසටහන යටතේ වීසා සඳහා පුහුණු ශ්‍රමිකයන්ව නිර්දේශ කළ හැකිය.

එම නිර්දේශ කිරීම් ප්‍රධාන වශයෙන් 190 වීසා හෙවත් Skilled Nominated වීසා ලෙස හෝ 491 වීසා හෙවත් Skilled Work Regional (Provisional) වීසා හෝ BIIP හෙවත් Business Innovation and Investment Program ලෙස ඛාණ්ඩ තුනකට බෙදේ.

මෙහිදී 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව හිමි කරදෙන වීසා ඛාණ්ඩයකි.

එමෙන්ම 491 හා BIIP යන ඛාණ්ඩ හරහා ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට සංක්‍රමණිකයින් හට මග පාදයි. 
A composite image of Anthony Albanese and Mahmoud Abbas
Anthony Albanese spoke with Palestinian Authority leader Mahmoud Abbas on Thursday morning. Source: AAP / Dan Himbrechts

State sponsorship හෙවත් ප්‍රාන්ත හෝ ටෙරිටරි අනුග්‍රහය

බොහෝ සංක්‍රමණිකයන්ට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා බලපත්‍රයක් සඳහා සේවා යෝජකයින් විසින් අනුග්‍රහය දක්වයි.

ඒ අතරේ ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන්ට තම තමන්ගේ සංක්‍රමණ වැඩසටහන යටතේ වීසා සඳහා පුහුණු ශ්‍රමිකයන්ව නිර්දේශ කළ හැකිය.

එම නිර්දේශ කිරීම් ප්‍රධාන වශයෙන් 190 වීසා හෙවත් Skilled Nominated වීසා ලෙස හෝ 491 වීසා හෙවත් Skilled Work Regional (Provisional) වීසා හෝ BIIP හෙවත් Business Innovation and Investment Program ලෙස ඛාණ්ඩ තුනකට බෙදේ.

මෙහිදී 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව හිමි කරදෙන වීසා ඛාණ්ඩයකි.

එමෙන්ම 491 හා BIIP යන ඛාණ්ඩ හරහා ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට සංක්‍රමණිකයින් හට මග පාදයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් පිළිබඳ සලකා බැලීමේදී මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවර කෝටාව 12,290 ක් වන අතර පසුගිය වසරේ ලැබී තිබුණේ 9,840 කි.


මෙහි දෙවැනි වැඩිම කෝටාව හිමිව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර එය 11,570 කි.

වික්ටෝරියානු ප්‍රාන්තයට පසුගිය වසරේ ලැබී තිබුණේ 5,750 ක කෝටාවකි.

ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට 2022-23 වසර සඳහා හිමිවූ සංක්‍රමණික කෝටාවන් පිළිබඳ සියලු විස්තර මෙතනින් දැනගන්න.

Australian Visa
Source: Getty / Getty Images

විදේශයන්හි සිටින අයට අයදුම් කළ හැකිද?

විදේශයන්හි වෙසෙන පුද්ගලයින්ට ප්‍රාන්ත හා ටෙරිටරි නිර්දේශ කිරීම් සඳහා අයදුම් කිරීමට පනවා තිබුණු සීමාවන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල සහ ටෙරිටරිවල ලිහිල් කර ඇත.

විශේෂයෙන්ම පසුගිය කොවිඩ් සමයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහනට අයදුම් කිරීමට විදේශයන්හි වෙසෙන අයදුම්කරුවන්ට අවහිර කර තිබුණද දැන් එම අවහිර කිරීම ඉවත් කර තිබේ.

නමුත් ඇතැම් ප්‍රාන්ත තම ප්‍රාන්තයෙන් බැහැරව ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක සිටින අයදුම්කරුවන්ට තම ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහනට අයදුම් කිරීම අවහිර කර තිබේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලින් පසුව මෙවර තෙවැනි විශාලතම සංක්‍රමණික කෝටාව හිමිව ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටය.

වෘත්තීන් 200 කට අධික සංඛ්‍යාවක් මෙවර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රැකියා ලැයිස්තුවලට එක් කර තිබේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් $200 අයදුම්පත් ගාස්තුව ද ඉවත් කර ඇති අතර 2022 ජූලි 1 වන දින සිට බල පැවැත්වෙන පරිදි නව අයදුම්කරුවන් සඳහා වන අවශ්‍යතාවලද සංශෝධන සිදු කර ඇත.

එම සංශෝධන පහත පරිදි වේ.

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත නාමයෝජනා සඳහා ප්‍රමාණවත් අරමුදල් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම.
  • කළමනාකරු සහ වෘත්තීය මට්ටමේ අයදුම්කරුවන් සඳහා ඉංග්‍රීසි අවශ්‍යතාව "competent" මට්ටමට දක්වා අඩු කිරීම.
  • WASMOL ලැයිස්තු 1 සහ 2 සඳහා ලේඛන අවශ්‍යතා සහ අයදුම්කරු නම් කරනු ලබන වීසා බලපත්‍රය මත පදනම්ව උපාධිධාරී රැකියා ලැයිස්තු වෙනස් කිරීම.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මෙවර සංක්‍රමණ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

Mark McGowan wearing a suit and tie, hi-vis vest and white hard hat.
WA Premier Mark McGowan. Source: AAP / TREVOR COLLENS

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන පසුගිය වසරේ STEM සුදුසුකම් දරන අයදුම්කරුවන්ට පමණක් විවෘත වූ නමුත් මෙවර එය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රැකියා ලැයිස්තුවේ සියලු රැකියා සඳහාම විවෘත කර ඇත.

එමෙන්ම විදේශීය අයදුමකරුවන්ට ද මෙවර වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහනට අයදුම් කළ හැකිය.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙවර සංක්‍රමණ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්තයේ 2022-23 නිපුණතා සංක්‍රමණ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුළ සිටින සහ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් දෙපාර්ශවයටම පසුගිය අගෝස්තු 16 සිට විවෘත විය.

මේ හරහා පුහුණු ශ්‍රමිකයින්ට, උපාධිධාරීන්ට සහ සුළු පරිමාණ ව්‍යාපාර හිමියන්ට ක්වීන්ස්ලන්තයේ වෙසෙමින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරගැනීමටත් පූර්ණ කාලීන රැකියා කිරීමට හෝ ව්‍යාපාර කිරීමට මාර්ග සම්පාදනය කරන බවද ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ක්වීන්ස්ලන්ත සංක්‍රමණ වැඩසටහන යටතේ අයදුම්කරුවන් සඳහා රැකියා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ සිටින අයදුම්කරුවන් සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ සුදුසුකම් ලත් නිපුණතා රැකියා ලැයිස්තුවේ රැකියා/ වෘත්තීන් පමණක් අදාළ වේ.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා Queensland Skilled Occupation List (QSOL) අදාළ වන බව ඔවුහු දැනුම් දෙති.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙවර සංක්‍රමණ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන පසුගිය සතියේදී විවෘත කෙරිණි.

රැකියා 500 කට අධික ප්‍රමාණයක් මේ සඳහා වලංගු වේ.

විදෙස් රටවල සිටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහනට අයදුම් කළ හැකිය.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මෙවර සංක්‍රමණ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර මෙතනින්.
Aerial view of Adelaide with Adelaide Oval in foreground.
Adelaide is considered a regional area under Australia's skilled migration program. Source: Getty / Ryan Pierse

Northern Territory

විදෙස් රටවල සිට Northern Territory සංක්‍රමණ වැඩසටහනට අයදුම් කළ නොහැකිය.

සාර්ථක අයදුම්කරුවන් අවම වශයෙන් වසර තුනක්වත් Northern Territory හි ජීවත් වීමට සහ රැකියා කිරීමට එකඟ වන ලෙස ද Northern Territory රජය ඉල්ලා සිටී.

ඔස්ට්‍රේලියානු ස්වාදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ රැකියා ලැයිස්තුවේ ඇති ඕනෑම රැකියාවක් මේ සඳහා අයදුම් කිරීමට වලංගු වන නමුත් Northern Territory හි ප්‍රමුඛතාව සලකා 200 කට අධික රැකියා සංඛ්‍යාවක් සහිතව Northern Territory රැකියා ලැයිස්තුවක් ද මේ වන විට නිර්මාණය කර තිබේ.

Northern Territory හි මෙවර සංක්‍රමණ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් මෙවර වැඩිම සංක්‍රමණ කෝටාව හිමිව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

මෙම වසරේ සේවාදායක අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ අයදුම්පත් සලකා බැලීම විධිමත් කිරීම සඳහා සරල nomination නිර්ණායක සකස් කර ඇති බව Investment NSW හි ප්‍රකාශකයෙකු පැවසුවේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවර රැකියා ලැයිස්තුව තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර ඉදිරි සතිවලදී NSW සංක්‍රමණ වෙබ් අඩවියේ එය ප්‍රකාශයට පත් කරන බව අදාළ ප්‍රකාශකයා පැවසීය.

Australian Capital Territory

ACT හි රැකියා නිර්ණායක ඉතා පුළුල් වන අතර ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිපුණතා රැකියා ලැයිස්තුවේ රැකියා 420කට වඩා මෙයට ඇතුළත් වේ.

ACT හි මෙවර සංක්‍රමණ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

Share

Published

By Charis Chang, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service