Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ නවතම සංක්‍රමණික කෝටාවත් සමග PR ගන්න පහසුම ප්‍රාන්ත හා ටෙරිටරි මෙන්න

Australia's State and Territory nominated visa allocations for 2022-23

පසුගිය මුල්‍ය වර්ෂයේ මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතියි.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


පසුගිය මුල්‍ය වර්ෂයේ මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතියි.


Key Points

  • මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 කි.
  • 2022-23 ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් සලකා බැලීමේදී ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර එය 12,290 කි.
  • මෙහි දෙවැනි වැඩිම කෝටාව හිමිව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර එය 11,570 කි.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව සහ ප්‍රාන්ත හා ටෙරිටරිවල සංක්‍රමණික වැඩසටහන් වෙනුවෙන් අදාළ සංක්‍රමණික කෝටාවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතින නමුත් ප්‍රාන්ත හා ටෙරිටරි සංක්‍රමණික කෝටාවන් හි යම් සංශෝධන සිදුවී ඇත.

——————————————————————

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

——————————————————————

ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව

2022-23 වසර සඳහාද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව Skill, Family සහ Child යන ඛාණ්ඩ 3 කට බෙදා තිබේ.

පසුගිය මුල්‍ය වර්ෂයේ මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙස නොවෙනස්ව පවතියි.

Australia's State and Territory nominated visa allocations for 2022-23
Credit: Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල සංක්‍රමණික වැඩසටහන්

2022-23 වසරට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් වෙන් කිරීමේදී පහත පරිදි ඒවා ප්‍රධාන ඛාණ්ඩ තුනකට බෙදා වෙන් කර තිබේ.

  • Skilled – Nominated (subclass 190)
  • Skilled Work Regional (Provisional) (subclass 491)
  • Business Innovation and Investment Program (BIIP)

මෙහිදී 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව හිමි කරදෙන වීසා ඛාණ්ඩයකි.

එමෙන්ම 491 හා BIIP යන ඛාණ්ඩ හරහා ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට සංක්‍රමණිකයින් හට මග පාදයි.

ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි තම සංක්‍රමණික වැඩසටහන් සඳහා තමන්ටම වෙන්වූ නිර්ණායක ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව අදාළ අයදුම්කරුවන් ඒ ඒ නිර්ණායක වලට යටත්ව තම අයදුම්පත් මේ සඳහා යොමු කළ යුතු වේ.

Skilled Migration
Source: SBS / SBS News / Aaron Hobbs

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් පිළිබඳ සලකා බැලීමේදී මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවර කෝටාව 12,290 ක් වන අතර පසුගිය වසරේ ලැබී තිබුණේ 9,840 කි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙහි දෙවැනි වැඩිම කෝටාව හිමිව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර එය 11,570 කි.

වික්ටෝරියානු ප්‍රාන්තයට පසුගිය වසරේ ලැබී තිබුණේ 5,750 ක කෝටාවකි.

ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට 2022-23 වසර සඳහා හිමිවූ සංක්‍රමණික කෝටාව ප්‍රධාන ඛාණ්ඩ තුන අනුව පහත පරිදි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • Subclass 190 – 7,160
  • Subclass 491 – 4,870
  • Business Innovation and Investment Program – 260

වික්ටෝරියා ප්‍රාන්තය

  • Subclass 190 – 9,000
  • Subclass 491 – 2,400
  • Business Innovation and Investment Program – 170

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • Subclass 190 – 5,350
  • Subclass 491 - 2,790
  • Business Innovation and Investment Program - 40

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

  • Subclass 190 – 2,700
  • Subclass 491 – 3,180
  • Business Innovation and Investment Program – 70

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • Subclass 190 – 3,000
  • Subclass 491 – 1,200
  • Business Innovation and Investment Program – 235

ටස්මේනියා ප්‍රාන්තය

  • Subclass 190 – 2,000
  • Subclass 491 – 1,350
  • Business Innovation and Investment Program - 10

Australian Capital Territory

  • Subclass 190 - 800
  • Subclass 491 - 1,920
  • Business Innovation and Investment Program - 10

Northern Territory

  • Subclass 190 - 600
  • Subclass 491 - 840
  • Business Innovation and Investment Program - 15

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now