වික්ටෝරියා ප්‍රාන්තයේ නොමිලේ හෙදියක් හෝ පවුල් සෞඛ්‍ය නිලධාරියෙකු වීමට මහගු අවස්ථාවක් (SBS සිංහල/ වාර්තා)

දැඩි සත්කාර, පිළිකා සත්කාර, ළමා රෝග සහ හෙද විශේෂඥවරු ඇතුළු අවශ්‍යතා ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන තවත් දහස් ගණනක් සඳහා ශිෂ්‍යත්ව ද මෙම ව්‍යාපෘතිය යටතේ පිරි නැමේ.

Nursing Australia

Source: Getty / Getty Images/Fly View Productions

Key Points

  • හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් වීම සඳහා අධ්‍යාපනය ලබන්නන්ට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
  • 2023 සහ 2024 දී හෙද හෝ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රවේශ පාඨමාලාවකට ඇතුළත් වන සියලුම නව දේශීය සිසුන්ට පාඨමාලා වියදම් පියවා ගැනීම සඳහා $16,500 දක්වා ශිෂ්‍යත්වයක් ලැබෙනු ඇත.
  • සිසුන්ට ඔවුන් අධ්‍යාපනය ලබන අතරතුර ඩොලර් 9,000 ක් සහ ඉතිරි ඩොලර් 7,500 ඔවුන් වසර දෙකක් වික්ටෝරියානු මහජන සෞඛ්‍ය සේවාවන්හි සේවය කරන්නේ නම් ලැබෙනු ඇත.

හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් වීම සඳහා අධ්‍යාපනය ලබන 10,000 කට අධික සංඛ්‍යාවකට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ශ්‍රම හිඟය මග හරවා ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 270 ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත.

එහිදී 17,000කට වැඩි පිරිසකට හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් ලෙස බඳවාගෙන පුහුණු කරවීමටද අපේක්ෂා කරයි.

එමෙන්ම දේශීය සිසුන් 10,000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ හෙද හෝ පවුල් සෞඛ්‍ය නිලධාරී උපාධි අධ්‍යයන පිරිවැය ප්‍රාන්ත රජය විසින් ගෙවනු ඇත.

Portrait of male nurse at hospital
Source: Getty / Getty Images/FG Trade

ශිෂ්‍යත්ව පිරි නැමීම

දැඩි සත්කාර, පිළිකා සත්කාර, ළමා රෝග සහ හෙද විශේෂඥවරු ඇතුළු අවශ්‍යතා ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන තවත් දහස් ගණනක් සඳහා ශිෂ්‍යත්ව ද මෙම ව්‍යාපෘතිය යටතේ පිරි නැමේ.

මේ අතර 2023 සහ 2024 දී හෙද හෝ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රවේශ පාඨමාලාවකට ඇතුළත් වන සියලුම නව දේශීය සිසුන්ට පාඨමාලා වියදම් පියවා ගැනීම සඳහා $16,500 දක්වා ශිෂ්‍යත්වයක් ලැබෙනු ඇත.

සිසුන්ට ඔවුන් අධ්‍යාපනය ලබන අතරතුර ඩොලර් 9,000 ක් සහ ඉතිරි ඩොලර් 7,500 ඔවුන් වසර දෙකක් වික්ටෝරියානු මහජන සෞඛ්‍ය සේවාවන්හි සේවය කරන්නේ නම් ලැබෙනු ඇත.

පුළුල් කරන ලද පශ්චාත් උපාධි පවුල් සෞඛ්‍ය නිලධාරීන් දිරිගැන්වීමේ වැඩසටහනක් හරහා තවත් පවුල් සෞඛ්‍ය නිලධාරීන් ශ්‍රම බලකායට එක්වනු ඇතැයිද වික්ටෝරියා ප්‍රාන්ත රජය විශ්වාස කරයි.

මේ වන විට සිටින හෙද හෙදියන් 150 දෙනෙකුට පවුල් සෞඛ්‍ය නිලධාරී පිළිබඳ විශේෂඥ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන අතරතුර නොකඩවා සේවය කිරීම සඳහා පාඨමාලා වියදම් පියවා ගැනීමට ශිෂ්‍යත්ව සහ වැටුප් ආධාර ඒ හරහා ලබා දෙනු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

පැකේජයට ඇතුළත්වන දේ

මෙම පැකේජයට පහත දේ ඇතුළත් වේ.

  • පශ්චාත් උපාධි හෙදියන් සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 10,000 ක් පමණ වටිනා දැඩි සත්කාර, හදිසි, ළමා රෝග සහ පිළිකා ප්‍රතිකාර වැනි විශේෂ ක්ෂේත්‍රවල අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ශිෂ්‍යත්ව.
  • Registered nurses හෙවත් ලියාපදිංචි හෙදියන් වීමට enrolled nurses සඳහා $11,000 ශිෂ්‍යත්ව, පාඨමාලා වියදම් ආවරණය කිරීම සහ ලියාපදිංචි හෙදියන් සංඛ්‍යාව ඉහළ නැංවීම.
  • රෝහල් සහ ප්‍රජා සැකසුම් දෙකෙහිම නව හෙද වෘත්තිකයන් 100 දෙනෙකුගේ පුහුණුව සහ රැකියා සඳහා සහාය වීමට $12,000 ශිෂ්‍යත්ව.
  • වික්ටෝරියා ප්‍රාන්ත රෝහල්වල සේවය කිරීම සඳහා වර්ධනය වෙමින් පවතින උපාධිධාරීන් සහ පශ්චාත් උපාධිධාරීන් පිරිසට වැඩි සහයෝගයක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 20 කට වඩා වැඩි මුදලක් වෙන් කිරීම්. ඒ හරහා ඔවුන්ට අවශ්‍ය සායනික අධ්‍යාපනඥයින්, ගුරුවරුන් සහ අධ්‍යයන කාලය සඳහා ප්‍රවේශය ඇති බව සහතික කිරීම.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now