Lunar New Year හෙවත් චීන අලුත් අවුරුද්දේ නිධාන කතාව සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු (SBS සිංහල/ වාර්තා)

චන්ද්‍ර අලුත් අවුරුද්ද, චීන අලුත් අවුරුද්ද ලෙසද හැඳින්වේ, එය ඔස්ට්‍රේලියානු සංස්කෘතියේ මුල් බැසගත් අනගයකි. සිඩ්නි නුවර පැවැත්වෙන චීන අලුත් අවුරුදු සැමරුම් ආසියාවෙන් පිටත පැවැත්වෙන චීන අලුත් අවුරුදු සැමරුම්වල විශාලතම සැමරුම ලෙස සැලකේ.

 Leão Vermelho no Ano Novo Lunar

Leão Vermelho no Ano Novo Lunar Source: AAP Image/Jeremy Ng

Lunar New Year හෙවත් චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්ද ලෝකයේ මහා ඉහළින් වාර්ෂිකව සමරන උත්සවයකි.

මේ වසරේදී Lunar New Year හෙවත් චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්ද යෙදී තිබුණේ ජනවාරි 22 වැනිදාටය.

මෙම අලුත් අවුරුදු උත්සවයේ අංග හතරක් තිබේ. ඔවුන් Little Year හෙවත් කුඩා අවුරුද්ද, අනුස්මරණ දිනයක් සහ යාඥා දිනයක් සමග සතියක් ආරම්භ කරන අතර, පසුව අලුත් අවුරුදු උදාව, නැවත එක්වීමේ සහ තෑගි පිරිනැමීමේ දිනයක් සනිටුහන් කරයි.
මෙම වසන්ත උත්සවය Lantern Festival හෙවත් ලන්තෑරුම් උත්සවය දක්වා දින 15 ක් පුරාවට පැවැත්වේ.

ආචාර්ය Pan Wang යනු නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ චීන හා ආසියානු අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.

චන්ද්‍ර දින දර්ශනය ආරම්භ වන්නේ  මෙම අලුත් අවුරුදු උදාවත් සමග බවත් එය චන්ද්‍රයාගේ භ්‍රමණය මත නිර්මාණය වී ඇති බවත් ඇය පැවසුවාය.
මෙය චීනයේ සහ කොරියාව, වියට්නාමය, ජපානය වැනි අනෙකුත් නැගෙනහිර ආසියාතික රටවල ද සමරනු ලබන බව ආචාර්ය Pan Wang සඳහන් කළාය.

මෙම චන්ද්‍ර අලුත් අවුරුද්ද මැලේසියාවේ සහ මොංගෝලියාවේ මෙන්ම ලොව පුරා බොහෝ ඩයස්පෝරාවන් අතරද සමරනු ලැබේ.

චන්ද්‍ර අලුත් අවුරුද්දට වසර 4,000ක ඉතිහාසයක් ඇති අතර එය Xia හෝ Shang රාජවංශයේ සිට ආරම්භ වන බව ආචාර්ය Pan Wang වැඩිදුරටත් පැවසුවාය.
dragon
Source: Getty Images/Kiszon Pascal

අග්නිදිග සහ නැගෙනහිර ආසියානු සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක්

ආචාර්ය Kai Zhang ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සංස්කෘතික, ඉතිහාසය සහ භාෂා පාසලේ නවීන චීන භාෂා වැඩසටහන සමඟ කටයුතු කරයි.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම් ලොව පුරා සිටින ජනතාවට චීන සහ අග්නිදිග සහ නැගෙනහිර ආසියානු සංස්කෘතීන් පිළිබඳව විශාල වශයෙන් ඉගෙන ගැනීමට කදිම අවස්ථාවක් බව ඇය පැවසුවාය.

"එය දිගු ඉතිහාසයේ සංස්කෘතික සිදුවීමක් වන අතර ඉතා පොහොසත්, සංකේතාත්මක අර්ථයක් එහි අන්තර්ගත වෙනවා." යනුවෙන්ද ඇය සඳහන් කළාය.



ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



චන්ද්‍ර අලුත් අවුරුද්ද සැමරීමේ ක්‍රම

චන්ද්‍ර අලුත් අවුරුදු ක්‍රියාකාරකම් අතරට සැරසිලි කිරීම, අලුත් අවුරුදු උදාවේදී පවුලේ අය සමඟ රාත්‍රී ආහාරය ගැනීම, රතු ලියුම් කවර සහ වෙනත් තෑගි බෙදා දීම, රතිඤ්ඤා සහ ගිනිකෙළි පත්තු කිරීම, සිංහ සහ මකර නැටුම් නැරඹීම ඇතුළත් වේ.

"චන්ද්‍ර අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ පවුල් සහ මිතුරන් සමග එක් රැස්වී ඩම්ප්ලිං, මාළු ඇතුළු ආහාර වර්ග අනුභව කිරීම සමගයි." යනුවෙන් ආචාර්ය Wang පැවසුවාය.

"රතු වර්ණය ඉතා වාසනාවන්ත වර්ණයක් ලෙස සැලකෙනවා. එබැවින් මෙම සැමරුම්වලදී ඔබ රතු වර්ණ සැරසිලි බොහොමයක් දකින අතර, නව වසර සැමරීම සඳහා සහ ඔවුන්ගේ වර්ධනය සැමරීම සඳහා දරුවන්ට රතු ලියුම් කවරයක් ලබා දීම චීන ජාතිකයන්ගේ සම්ප්‍රදායක්." යනුවෙන්ද ආචාර්ය Wang වැඩි දුරටත් සඳහන් කළාය.

Iris Tang යනු චීනයේ ප්‍රධාන භූමියේ හැදී වැඩී මීට වසර 20 කට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි අයෙකි.

ඔස්ට්‍රේලියාවේ සහ චීනයේ ප්‍රධාන භූමියේ සැමරුම් අතර ඇති ප්‍රධාන වෙනස නම් තමන්ගේ මව්බිමේදී චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව දිගු රජයේ නිවාඩුවක් තිබීම බව ඇය පැවසුවාය.

එය චීනයේ මිලියන සිය ගණනක් ජනතාව තම පවුල් සමග නැවත එක්වීම සඳහා තම ගම්බිම් කරා යන කාලයකි.

චීනයේ මෙන් ඕස්ට්‍රේලියාවේ ද මෙම චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම්වල, ආහාර වැදගත් අංගයක් ගන්නා බව Iris Tang පැවසුවාය.

පුද්ගලිකව, තමන්ගේ පවුලේ අය සහ කැන්බරා හි සිටින මිතුරන් සමඟ විශාල වශයෙන් ආහාර පාන සමග මෙම අලුත් අවුරුද්ද සමරන බව Iris Tang  සඳහන් කළාය.

"මම ආහාර වේල් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සාදන අතර නව අවුරුදු සැමරුම්වල ඉතිරි කාලය තුළ ආහාරයට ගැනීම සඳහා පසුව ඒවා අධි ශීතකරණයේ දමනවා." යනුවෙන් ද ඇය සඳහන් කළාය.
performers
Chinese dancers perform during the Sydney Lunar Festival Media Launch at the Chinese Garden of Friendship in Sydney on February 9, 2021. Source: AAP Image/Bianca De Marchi

චීන සාම්ප්‍රදායික දින දර්ශනය

නූතන චීනය භාවිතා කරන්නේ ග්‍රෙගෝරියානු දින දර්ශනය වුවද චීනයේ මෙන්ම විදේශීය චීන ජාතිකයන් අතර ද සාම්ප්‍රදායික චීන දින දර්ශනය බහුලව භාවිතා කෙරේ.

එහි චන්ද්‍ර අලුත් අවුරුද්ද, ලන්තෑරුම් උත්සවය සහ Qingming උත්සවය වැනි සාම්ප්‍රදායික නිවාඩු දින සටහන් කර තිබේ.

මිනිසුන් විසින් සුබ වේලාවන් බලන විවාහ මංගල්‍ය, අවමංගල්‍ය කටයුතු, නිවසකින් නිවසකට මාරුවීම් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම යන කටයුතු වලදී වසරක් ඇතුළත අදාළ දිනයන් පිළිබඳ සම්ප්‍රදායික චීන නාමකරණය ද එය විසින් ලබා දෙන බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ චීන හා ආසියානු අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Pan Wang පැවසුවාය.
චීන සම්ප්‍රදායික දින දර්ශනය චන්ද්‍ර - සූර්ය වන අතර එය චන්ද්‍රයාගේ සහ සූර්යයාගේ චලනය මත නිර්මාණය වී ඇති බවද ඇය ප්‍රකාශ කළා.
"මෙම දින දර්ශනයේ, මාසයේ ආරම්භය තීරණය වන්නේ චන්ද්‍රයාගේ අදියර මගිනි. එබැවින් බොහෝ චන්ද්‍ර දින දර්ශනවල මෙන්, මාස දින 29ක් හෝ 30ක් දිගු වන අතර වසරේ ආරම්භය තීරණය වන්නේ සූර්ය වර්ෂය අනුවය" යනුවෙන් ආචාර්ය Pan Wang පැහැදිලි කළාය.

වෙනස්කම් සහිත වූ සාම්ප්‍රදායික චීන දින දර්ශනය නැගෙනහිර ආසියාව පුරා භාවිතා වේ.

සෑම වසරකම, මෙම චීන අලුත් අවුරුදු දිනය ජනවාරි හෝ පෙබරවාරි මාසයේ දී යෙදිය හැකි බව ආචාර්ය Pan Wang පැවසුවාය.

"එය ජනවාරි අග සිට පෙබරවාරි මැද දක්වා පරාසය තුළ යෙදෙන්න පුළුවන්. මෙම වසරේ එය පෙබරවාරි මාසයේ සිදු වෙනවා" යනුවෙන් ආචාර්ය Pan Wang සඳහන් කළාය.
red lanterns
Source: Getty Images/d3sign

Lantern Festival හෙවත් ලන්තෑරුම් උත්සවය

මෙම චීන අලුත් අවුරුද්දේ 15 වන දිනයේදී Lantern Festival හෙවත්  ලන්තෑරුම් උත්සවය පැවැත්වෙන බව ආචාර්ය Kai Zhang ප්‍රකාශ කළාය.

ලන්තෑරුම් උත්සවය චීන දින දර්ශනයට අනුව පළමු මාසයේ පහළොස්වන දිනය සමග සමපාත වේ.

මෙය සාම්ප්‍රදායික ක්‍රියාවක් බවත් සෑම පවුලකම වැඩිහිටියන් තම දරුවන් වෙනුවෙන් කුඩා ලන්තෑරුම් නිර්මාණය කර දෙන බවත් එය තමනිවසින් පිටත දල්වා ආලෝකමත් කරන බවත් ඇය පැහැදිලි කළාය.

එමෙන්ම Tang රාජවංශය දක්වා ඈතට ගියවිට එකළ මේ සම්බන්ධ විශාල පරිමාණයේ උත්සව පවත්වා ඇති බවද ඇය ප්‍රකාශ කළාය.
chinese lion
رقص شیر Source: Getty Images/Nigel Killeen

මුතුන් මිත්තන්ට ගෞරව කළ යුතු කාලයක්

ආචාර්ය Craig Smith යනු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ආසියා ආයතනයේ චීන පරිවර්තන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

ඔහු වසර කිහිපයක් තායිවානයේ සහ දකුණු කොරියාවේ ජීවත් වූ අතර එම ස්ථාන දෙකෙහිම චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම් පිළිබඳ විශිෂ්ට මතකයන් කිහිපයක් ඔහුට තිබේ.

දකුණු කොරියාවේ චන්ද්‍ර අලුත් අවුරුදු දිනය වෙනත් සංස්කෘතීන් විසින් ද බෙදා ගන්නා සම්ප්‍රදායක් වන තම මුතුන් මිත්තන්ට ගෞරව දැක්වීමේ කාලයක් බව ඔහු පැවසුවේය.

අලුත් අවුරුදු දිනයේදී, සෑම කෙනෙකුම අවදි වී මියගිය මුතුන් මිත්තන් සඳහා ආහාර වේලක් සකසා ඔවුන් සිහිපත් කර ඔවුන්ට බීම පිළිගන්වන බව ඔහු ප්‍රකාශ කළේය.
Sydney fica ao rubro nesta altura do ano
A stall seen selling Chinese New Year products during the Georges River Lunar New Year Festival in Sydney on January 18, 2020. Source: AAP Image/Jeremy Ng

වසර දහස් ගණනක් ඈතට දිවෙන ඉතිහාසය

චීනය හැර වෙනත් රටවලින් පැමිණෙන චන්ද්‍ර අලුත් අවුරුද්දේ සම්ප්‍රදායික සැමරුම්වල බොහෝ අංග ඇති බව ආචාර්ය Smith පවසයි.

උදාහරණයක් ලෙස, චන්ද්‍ර අලුත් අවුරුදු පෙළපාළිවලදී සම්ප්‍රදායිකව ප්‍රදර්ශනය කෙරෙන සිංහ නැටුම දැක්විය හැකිය.

"විද්වතුන් මෙම සිංහ නැටුම් සම්ප්‍රදාය දෙස බලන විට, ඔවුන් සැබවින්ම වසර දහස් ගණනකට පෙර ආපසු හැරී බලනවා. සම්ප්‍රදායන්, ආගම්, සංගීතය, කලාවන් බොහොමයක් චීනයට පැමිණියේ අපි අද හඳුන්වන බටහිර හෝ මධ්‍යම ආසියාතික රටවලින් බව අපි බොහෝ කලක සිට දැන සිටිනවා. විශේෂයෙන්ම සුප්රසිද්ධ සේද මාවත ඔස්සේ." යනුවෙන් ආචාර්ය Smith සඳහන් කළේය.

මෙම සම්ප්‍රදායේ මූලයන් කිහිපයක් චීනයෙන් පිටත පිහිටීමට බොහෝ දුරට ඉඩ ඇත. බොහෝ අය එය භාෂාමය හා ඓතිහාසික විශ්ලේෂණයන් මත පදනම්ව පර්සියානු සම්ප්‍රදායන්ට සම්බන්ධ කර ඇත.

2022 යනු හාවාගේ වසර වන අතර එය චීන චන්ද්‍ර අලුත් අවුරුදු දිනයේ සිට ආරම්භ වී 2024 පෙබරවාරි 10 දක්වා පවතී.

කෙසේ වෙතත්, වියට්නාමයේ, මෙය හාවා වෙනුවට බළලාගේ චන්ද්‍ර අලුත් අවුරුද්ද ලෙස සමරයි.

චීන රාශි චක්‍රය චන්ද්‍ර අලුත් අවුරුද්දේ දී ආරම්භ වී එය අවසානයේදී අවසන් වේ.

වසර 12ක පුනරාවර්තන රාශි චක්‍රයේ සෑම වසරකම රාශි චක්‍ර සත්වයෙකු විසින් නිරූපණය කරනු ලැබේ.

ඒ සෑම සතෙකුටම තමන්ගේම කීර්තිමත් ගුණාංග තිබේ.

මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, සුනඛයා සහ ඌරා යන සතුන් එම රාශි චක්‍රයේ පිළිවෙලින් පැමිණෙන සතුන් බව සඳහන්.

හාවා රාශි චක්‍රයේ හතරවැන්න වේ.


Share

Published

Updated

By Chiara Pazzano, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service