හුදෙකලා වීම, නිරෝධායනය සහ නිවසේ සිටීමට වන උපදෙස් අතර ඇති වෙනස්කම් ගැන ඔබ දැනුවත්ද? (SBS සිංහල/ වාර්තා)

People are seen at Fitzroy Gardens in East Melbourne,

People are seen exercising and enjoying time outdoors in Fitzroy Gardens in East Melbourne during a second COVID-19 lockdown. Source: AAP

හුදෙකලා වීම, නිරෝධායනය සහ නිවසේ සිටීමට වන උපදෙස් යන කරුණු සෑම විටම ඔබට එක හා සමානව බව හැඟුනද ඒ අතර වෙනස්කම් පවතී.

පසුගිය දින කිහිපය තුල ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුල උද්ගත වූ කොරෝනා තත්වය පිළිබඳව පරීක්ෂා කිරීමේදී පුද්ගලයින් මෙම කරුණු තේරුම් නොගෙන ඇති බවට හඳුනාගෙන තිබේ. පරීක්ෂණ සඳහා යොමු වූ පුද්ගලයින් self-isolate හෙවත් හුදෙකලා වීම සිදු නොකොට ඇති අතර ඔවුන් පවසන්නේ සෞක්‍ය නිලධාරීන් තමන්ට ඒ පිළිබඳව දැනුම් නොදුන් බවයි.
أصغر ضحية في الثلاثينات: هل يستهين الشباب بخطر كورونا؟
أصغر ضحية في الثلاثينات: هل يستهين الشباب بخطر كورونا؟ Source: AAP
හුදෙකලා වීම සහ අනිවාර්ය නිරෝධායනය එක හා සමාන නොවන නමුත් කොරෝනා වසංගතය ශීග්‍ර ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම කරුණු බලාත්මක කිරීමේ යම් වෙනස්කම් සිදුව තිබේ.

හුදෙකලා වීම සහ නිරෝධායනය අතර වන වෙනස

කොරෝනා වසංගතයට නිරාවරණය වී ඇති බවට විශ්වාස කරන පුද්ගලයින් (විශේෂයෙන්ම සංචාරයේ නිරත වුවන්) quarantine හෙවත් නිරෝධායනය සඳහා යොමු කෙරේ. නමුත් මොවුන් අසනීප තත්වයේ පසු නොවන අවස්ථා තිබේ.

පරීක්ෂණයට මුහුණ දී කොරෝන වෛරසය වැළදී ඇති බවට සනාථ වූ පුද්ගලයින්, පරීක්ෂණයට මුහුණ දීමෙන් අනතුරුව පරීක්ෂණ වාර්තා පැමිණෙන තෙක් සිටින පුද්ගලයින්, කොරෝනා වෛරසය වැළදුණු බවට සනාථ වූ රෝගියකු සමග සම්බන්ධතා පැවැත්වූ සහ රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් isolation හෙවත් හුදෙකලා වීම සඳහා යොමු කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


හුදෙකලා වීම සහ නිරෝධායනය බලාත්මක වීමේ විවිධ ප්‍රාන්ත අනුව වෙනස් වුවද මෙම ක්‍රියාවන් ද්විත්වය සඳහාම දැඩි බලාත්මක නීතීන් පවතී.

වික්ටෝරියා ප්‍රාන්තය තුල, නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් සහ කොරෝනා වෛරසය වැළදුණු බවට සනාථ වූ අයකු සමග සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් නිරෝධායනය වීම අනිවාර්ය වේ.

ප්‍රාන්තය තුල සිදුකෙරෙන පරීක්ෂණ ඔස්සේ කොරෝනා වෛරසය වැලදී ඇති බවට සනාථ වූ සෑම අයකුම අනිවාර්ය හුදකලා වීම සිදුකල යුතුය. ඔවුන්ට පරීක්ෂණ වාර්තා පැමිණෙන විට නිවසින් බැහැරව සිටී නම් තමන් නිරෝධායනය වන ස්ථානයට යන තෙක් වෙනත් කිසිදු ස්ථානයක නැවතීම සිදු නොකළ යුතුය.
Police stop motorists
Police stop motorists crossing the Qld-NSW border to check to for permits Source: AAP
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ පවතින නීති අතර යම් සමානකමක් පවතී. පරීක්ෂණයට මුහුණ දුන් සෑම අයකුම සිය පරීක්ෂණ වාර්තා පැමිණෙන තෙක් සෞක්‍ය පිළිබඳව වන හේතුවකට හැර සිය නිවසේ හුදෙකලා වීම සිදු කල යුතුය.

විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්, වික්ටෝරියානු වැසියන් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හඳුනාගත් ස්ථාන වල සිට කැපිටල් ටෙරිටරියට පැමිණෙන්නන් අනිවාර්යන්ම නිරෝධායනය විය යුතුය.

රෝග ලක්ෂණ පෙන්නුම් කලද නොකලද විදේශයක සිට පැමිණෙන්නන් සඳහා හෝටල් නිරෝධායනය වීම සෑම ප්‍රාන්තයකම අනිවාර්ය වන අතර ක්වීන්ස්ලන්තය , නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ නොදර්න් ටෙරිටරිය තුලදී ඒ සඳහා වන වියදම් දැරිය යුතු වේ.

රෝග ලක්ෂණ හදුනාගත්, පරීක්ෂණයට මුහුණ දුන් ,වෙනත් කොරෝනා වෛරසය වැළදුණු රෝගියකු සමග සම්බන්ධතා පැවැත් වූ සහ පසුගිය දින 14 ක කාලය තුලදී වික්ටෝරිය ප්‍රාන්තයේ සිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් අනිවාර්යයෙන්ම හුදකලා වීම සිදුකල යුතුය.
Passengers arriving
Passengers arriving from Melbourne are greeted by staff from NSW Health to check for COVID-19 Source: AAP
ක්වීන්ස්ලන්තයට සහ නොදර්න් ටෙරිටරියට පැමිණෙන්නන්ද අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු අතර මේ සඳහා විදේශයන්හි සිට පැමිණෙන්නන්, වික්ටෝරියානුවන් , නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වල පුද්ගලයින් ඇතුලත් වේ. මෙම පුද්ගලයින් හෝටල් නිරෝධායනය සඳහා වන ගෙවීම් දැරිය යුතු වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල කොරෝනා වෛරසය වැළදුණු බවට සනාථ වූ පුද්ගලයින් අනිවාර්යයෙන්ම හුදකලා වීම සිදුකලයුතු අතර අදාල කාලසීමාව නිවසටම වී ගතකලයුතු වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළු වන සෑම අයකුම අනිවාර්ය නිරෝධායනය සඳහා යොමු කෙරේ සෞක්‍ය හේතුවකට හැර ඔවුනට වෙනත් කිසිදු කාරණාවකට තමන් සිටින ස්ථානයෙන් බැහැරට යාමට නොහැක. කොරෝනා වසංගතය දැඩි ලෙස පවතින ප්‍රදේශ වලින් පැමිණෙන ටස්මේනියානු වැසියන් සහ ටස්මේනියානු වැසියන් නොවන සංචාරකයින් ප්‍රාන්තය මගින් නිර්දේශිත ස්ථානයන්හි නිරෝධායනය විය යුතු අතර සෙසු පුද්ගලයින් හට සිය නිවසේ නිරෝධායනය වීමේ හැකියාව පවතී.

බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සෑම අයකුම සිය නිවසේ හෝ හෝටල් කාමරයේ සිට හුදකලා වීම සිදු කලයුතු අතර රෝග ලක්ෂණ පෙන්නුම් කලද නොකලද එය අනිවාර්ය වේ.

නිවසේ සිටින ලෙසට ලබාදෙන උපදෙස්

මෙම උපදෙස් ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වෙනස් වේ.

මෙල්බර්න්හි සහ Mitchel Shire ප්‍රදේශ වල පුද්ගලයින්ට මේ වන විට නිවසේ සිටින ලෙසට ලබාදෙන උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී නිවසින් බැහැරට යාමට හැකියාව හිමි වන්නේ පහත සඳහන් හේතු සඳහා පමණි.

  • අහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට.
  • ඖෂධ සහ සෞක්‍ය පහසුකම් ලබාගැනීමට
  • ව්‍යායාම සඳහා
  • රාජකාරි කටයුතු සහ සහ පාසල් කටයුතු සඳහා (නිවසේ සිට කිරීමට නොහැකිනම්)
මෙම හේතු වලට හැර වෙනත් කිසිදු හේතුවක් මත නිවසින් බැහැරට යාම තහනම් වේ.

Image හුදකලා වන අතරතුර මා කුමක් කල යුතුද?

ඔබ හුදකලා වීම සිදුකරන විට ඔබේ පවුලේ සෙසු පිරිස සමග සම්බන්ධතා පැවැත්වීම හැකිතාක් අවම කල යුතුය.

ඔබ පරීක්ෂණයට මුහුණ දී වාර්තා ලැබෙන තුරු සිටින රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයකු නම් ඔබට ආරක්ෂිතව දින 14 ක කාලයක් සිටිය හැකි ස්ථානයක් කරා යා යුතු වේ. මෙහිදී සිය පවුලේ සෙසු පිරිසද මේ පිළිබඳව දැනුවත් කල යුතු වේ.

 

ඔබ නිරෝධායනය හෝ හුදකලා වීම සිදුකරයි නම්.

  • පවුලේ සෙසු සාමාජිකයින්ගෙන් ඈත්ව වෙනත් කාමරයක් භාවිත යුතු අතර හැකිනම් වෙනත් නාන කාමරයක්ද භාවිත කල යුතුය.
  • පවුලේ සාමාජිකයින්ගෙන් පිටත කිසිවකුට නිවසට පැමිණීමට ඉඩ නොතැබිය යුතුය (සෞක්‍ය නිලධාරීන්ට හැර )
  • සෑම විටම පවුලේ සාමාජිකයින්ගෙන් මීටර 1.5ක් ඈත්ව සිටිය යුතුය.
  • ඔබ සහ පවුලේ සෙසු පිරිස මුහුණු ආවරණ පැළදිය යුතුය
  • නිවසේ පවතින දෑ සෙසු පවුල් සාමාජිකයින් සමග පොදුවේ භාවිත නොකළ යුතු අතර දැඩි සෞක්‍ය ආරක්ෂිත ක්‍රියා පිළිවෙත් අනුගමනය කල යුතුය.

පරීක්ෂණයට මුහුණ දීමෙන් අනතුරුව හුදකලා වන ලෙසට සෞක්‍ය නිලධාරියකු ඔබට නොපැවසුව හොත්.

ඔබ ඕස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්තයක සිටියද පරීක්ෂණයට මුහුණ දීමෙන් අනතුරුව පරීක්ෂණ වාර්තා පැමිණෙන තෙක් ඔබ අනිවාර්යයෙන්ම හුදකලා වීම සිදුකල යුතුය.

ඔබට ඒ පිළිබඳව යම් ගැටළුවක් පවතී නම් ඔබේ ප්‍රාන්තයේ රාජ්‍ය වෙබ් අඩවියට පිවිස අදාල කරුණු පිළිබඳව සොයා බැලිය හැක.

කෙසේ වුවද කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් සෙසු පිරිස අතර ගැවසීමෙන් වැලකී සිටීමට ක්‍රියා කල යුතුය.

Image තමා හට කොරෝනා වෛරසය වැළදී නොමැති බවට පරීක්ෂණ ඔස්සේ තහවුරු වීමෙන් අනතුරුවත් හුදකලා වීම හෝ නොරෝධයනය වීම සිදුකල යුතුද?

ඇතැම් ප්‍රාන්ත වල ඔබ එලෙස සිදු කල යුතුය.


ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල, ඔබගේ පරීක්ෂණ වාර්තා අනුව කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සනාථ වුවද රෝග ලක්ෂණ පහව යනතුරු අනිවාර්යයෙන්ම හුදකලා වීම සිදු කල යුතුය. ඔබට වෛරසය වැළදී නොමැති බවට තහවුරු වුවද ඔබ සංචාරයෙන් අනතුරුව එම දේශසීමාවට පැමිණි අයකු නම් සති දෙකක කාලයක් අනිවාර්යයෙන්ම නිරෝධායනය විය යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල, ඔබ පරීක්ෂණ වාර්තාවන්ට අනුව වෛරසය වලදී නොමැති බවට තහවුරු වුවද වෛරසය වැළදුණු අයකු සමග සම්බන්ධතා පවත්වා ඇත්නම් අනිවාර්යයෙන්ම සති දෙකක් නිරෝධායනය හෝ හුදකලා වීම සිදු කල යුතුය.

බටහිර ඔස්ට්‍රේලිය ප්‍රාන්තය තුල හදුනාගනු ලබන මෙවැනි පුද්ගලයින් අනිවාර්ය දින 14 ක නිරෝධායනයකට යටත් විය යුතු අතර 15 වැනි දින සිට සිය සාමාන්‍ය ජීවන රටාවට නැවතත් යාමේ හැකියාව හිමි වේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුල, පරීක්ෂණයට මුහුණ දුන් සෑම අයකුම පරීක්ෂණ වාර්තා පැමිණෙන තෙක් හුදකලා වීම සිදුකල යුතුය.පරීක්ෂණ වාර්තා ඍණාත්මක වුවද රෝග ලක්ෂණ සම්පුර්ණයෙන් පහව යනතෙක් හුදකලා විය යුතුය.

ටස්මෙනියා ප්‍රාන්තය තුල , මෑතකදී කිසිදු සංචාරයක නිරත නොමැති පරීක්ෂණ වාර්තා ඍණාත්මක වන පුද්ගලයින් හුදකලා වීමට අවශ්‍ය නොමැති නමුත් නිරෝධායනයේ සිටින අයකුනම් පරීක්ෂණ වාර්තා ඍණාත්මක වුවද නිරෝධායන කාලය අඩු නොවේ.

දකුණු ඔස්ට්‍රේලියාව තුල, පරීක්ෂණ වාර්තා ඍණාත්මක වුවහොත් හුදකලා වීමට අවශ්‍ය නොවන අතර යම් අසනීප තත්වයක පසු වේ නම් සෙසු පිරිස අතර ගැවසීම අවම කල යුතුය.

ක්වීන්ස්ලන්තය තුල , ඇතැම් ප්‍රදේශ සඳහා නිරෝධායනය වීම අනිවාර්ය වේ.

මේ පිළිබඳව ඔබට යම් ගැටළුවක් පවතී නම් ඔබේ ප්‍රාන්තයේ සෞක්‍ය අධිකාරිය සමග සම්බන්ධ වන්න.

Image තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වුන හොත් සෙසු පවුල් සාමාජිකයන්ද නිරෝධායනය විය යුතුද?

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල, ඔබේ පවුලේ සාමාජිකයකුට වෛරසය වැළඳී ඇති බවට සනාථ වුනොත් ඔබ නිවසේ සිට නිරෝධායනය විය යුතුය.

වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්ත තුල, ඔබේ පවුලේ සාමාජිකයකුට වෛරසය වැළඳී ඇති බවට සනාථ වුනොත් ඔබ බලධාරීන් නැවත දැනුම් දෙන තෙක් නිරෝධායනය විය යුතුය.

නොදර්න් ටෙරිටරිය තුල, බලධාරීන් විසින් ඔවුන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරයි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුල, පවුලේ සෙසු සාමාජිකයින් හුදකලා වීම සිදු කල යුතුය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල, පවුලේ සෙසු සාමාජිකයින් හුදකලා වීම සිදු කල යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල, වෙනත් ස්ථානයක් සොයා ගත නොහැකි නම් පවුලේ සෙසු සාමාජිකයින් හුදකලා වීම සිදු කල යුතුය.

පුද්ගලයින් හුදකලා වීම සිදු නොකරන්නේ ඇයි

අනිවාර්ය නිරෝධායනය සහ හුදකලා වීම කඩ කිරීමට පෙළඹීමට හේතු කිහිපයක් පවතී.

වික්ටෝරිය ප්‍රාන්තය තුල ජුලි මස 7 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුල සිදු කල පරීක්ෂණ අතුරින් රෝගීන් 3,810 දෙනෙකු හදුනාගෙන ඇති නමුත් රෝගීන් 3,400 දෙනෙකු අසනීප තත්වය පැවතුනද හුදකලා වීම සිදුකොට නොමැත. 53% දෙනෙකු තම පරීක්ෂණ වාර්තා පැමිණෙන තෙක් හුදකලා වීම සිදු කොට නොමැත.

භාණ්ඩ මිලදී ගැනීමට සහ රැකියාවට යාමට පුද්ගලයින් නිවසින් බැහැරට ගොස් ඇති අතර ප්‍රධාන වශයෙන්ම ලෙඩ නිවාඩු නොමැති වීම මේ සඳහා හේතු වී තිබේ. එවැනි පුද්ගලයින් සඳහා වික්ටෝරියානු රජය මගින් සහන පැකේජයක් හදුන්වා දී තිබේ.

Contact Tracing කාර්යය සිදු කිරීමේදී පුද්ගලයින් වැඩි පිරිසක් සිය දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදක්වන අතර මෙම පුද්ගලයින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ.

 

 

 


Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service