රැජිණගේ අවමංගල්‍යය උත්සවය පිළිබඳ සියලුම විස්තර සමග ඔබට එය නැරඹිය හැකි අයුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

දෙවැනි එළිසබත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (සැප්තැම්බර් 19) ලන්ඩන් නුවර Westminster Abbey හි පැවැත්වේ. එම අවස්ථාව ඔස්ට්‍රේලියාවේ සිට ඔබට දැකිය හැකි ආකාරය සහ අවමංගල්‍ය උත්සවයේ වැඩ කටයුතු සිදුවන කාල වේලාවන් පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ගෙන එයි.

The coffin of Queen Elizabeth ll, draped in the Royal Standard, with the Imperial State Crown and flowers on top in Westminster Hall.

The funeral of Queen Elizabeth II will take place on Monday 19 September and is expected to be attended by around 2,000 guests. Source: Getty / Photo by Sarah Meyssonnier - WPA Pool

ලොව පුරා සිටින ආරාධිත අමුත්තන් 2,000 ක් පමණ අද දිනයේදී දෙවැනි එළිසබත් රැජිණගේ අවමංගල්‍ය කටයුතු සඳහා Westminster Abbey වෙත එක්වනු ඇත.

තවත් මිලියන ගණනක් රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් මෙම අවස්ථාව නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටී.

බ්‍රිතාන්‍යයේ සිනමා ශාලා 125ක් අවමංගල්‍ය උත්සවය ප්‍රදර්ශනය කරන අතර උද්‍යාන, නගර චතුරශ්‍ර සහ දෙව්මැදුරුවල නැරඹුම් තිර සකසා මෙය ප්‍රදර්ශනය කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

රාජකීය අවමංගල්‍ය උත්සවය නරඹන්නේ සහ එහි සජීවී තොරතුරු දැනගන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7:30 සිට SBS ප්‍රධාන රුපවාහිනී නාලිකාව දෙවැනි එළිසබත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ආවරණය කරමින් BBC රුපවාහිනිය සිදුකරන සජීව විකාශය වෙත මාරු කෙරෙනු ඇත.

එමෙන්ම අද පස්වරු 6.30 සිට SBS පුවත් වෙබ් අඩවිය හරහා live blog එකක් ක්‍රියාත්මක වන අතර එය මෙම වෙබ් පිටුවෙන් බලාගත හැකිය.

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ රාජකීය අවමංගල්‍ය උත්සවයේ සජීව විකාශය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7:35 සිට SBS App එක හරහා සහ නිල වෙබ් අඩවිය හරහා ලබා දීමට කටයුතු කර තිබේ.

අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ වන්නේ කීයටද?

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදෑසන 6:30 ට එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 3:30 ට දිවංගත රැජිණගේ දේහය තැන්පත් කර තිබීම අවසන් කෙරේ.

ඉන් පසුව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදෑසන 8 ට එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 5 ට Westminister Abbey දොරටු විවෘත කෙරේ.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදෑසන 10.44 ට එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 7.44 ට රැජිණගේ දේහය Westminister Abbey වෙත ගෙන යනු ඇත.

රැජිණගේ දේහය Westminister Abbey වෙත බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදෑසන 10.52 ට එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 7.52 ට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන් අනතුරුව අවමංගල්‍ය උත්සවයේ කටයුතු බ්‍රිතාන්‍ය වේලාවෙන් අද උදෑසන 11 ට එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ වීමට නියමිතය.

අවසන් ගෞරව දැක්වීමේ ඛණ්ඩ වාදනය කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසු අවමංගල්‍ය උත්සවයේ කටයුතු බ්‍රිතාන්‍ය වේලාවෙන් අද දහවල් 12 ට පමණ එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 9 ට පමණ අවසන් වේ.

Queen Elizabeth II opens up about her coronation in a BBC documentary.
Queen Elizabeth II opens up about her coronation in a BBC documentary. Source: AAP

අවමංගල්‍ය උත්සවයෙන් පසු කුමක් සිදුවේද?

අවමංගල්‍ය උත්සවය අවසානයේ, රැජිනගේ දේහය රැගත් දෙන සමග III චාල්ස් රජු සහ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් බ්‍රිතාන්‍ය වේලාවෙන් අද දහවල් 12:15 ට පමණ එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 9.15 ට පමණ Hyde Park Corner හි Wellington Arch වෙත පෙරහැරෙන් පැමිණෙනු ඇත.

බිග් බෙන් ඔරලෝසුව විනාඩියක පරතරයකින් යුතුව නාද වනු ඇත.

රැජිණගේ දේහය රැගත් දෙන රාජ්‍ය අවමංගල්‍ය රථයකින් Windsor වෙත ගෙන යනු ඇති අතර, බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පස්වරු 3 ට එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12 ට පමණ එහි පැමිණීමට අපේක්ෂා කෙරේ.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පස්වරු 4 ට එනම් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට අලුයම 1 ට දේහය මිහිදන් කිරීමේ දේව මෙහෙය ආරම්භ වනු ඇති අතර එයට අමුත්තන් 800 ක පමණ කණ්ඩායමක් සහභාගී වේ.

Canterbury අගරදගුරු Justin Welby ගේ ආශිර්වාදය ඇතිව Windsor හි ප්‍රධානී David Conner විසින් දේව මෙහෙය මෙහෙයවනු ලැබේ.

ඉන්පසුව, රැජිණගේ දේහය රාජකීය සොහොන් බිමේ තැන්පත් කරනු ඇත.

එදිනම සවස VI වන ජෝර්ජ් රජුගේ අනුස්මරණ දේවස්ථානයේ පෞද්ගලිකව පවත්වන පවුලේ දේව මෙහෙයකදී දෙවැනි එළිසබත් රැජිණගේ දේහය එඩින්බරෝ ආදිපාදවරයා සමඟ තැන්පත් කරනු ලැබේ.


Share

3 min read

Published

By Jessica Bahr, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now