කොරෝනා වෛරසය ඔබගේ ශරීරයට ඇතුලුවන අයුරු පිළිබඳව ඔබ දැනුවත්ද? (SBS සිංහල / වාර්තා)

wiping the phone

Source: Pixabay

කොරෝනා වෛරසය පුද්ගල ශරීරයට ඇතුලු වීම බොහෝ විට සිදුවන්නේ පෘෂ්ඨ ස්පර්ශය මතද එසේත් නොමැති නම් වාතයේ පවතින බිඳිති ඔස්සේද යන්න බොහෝ දෙනා තුල පවතින ගැටලුවක්. වාතය ඔස්සේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් වන තොරතුරු සැලකිය යුතු ලෙස විකාශනය වී ඇති නමුත් පෘෂ්ඨ මගින් මෙම වෛරසය සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳවද අවධානය යොමු කලයුතු වනවා.

කොරෝනා වෛරසය කෙතරම් කාලසීමාවක් පෘෂ්ඨයක් මතුපිට පවතීද?

පරීක්ෂකයින් සඳහන් කරන්නේ මෙම වෛරසයද සෙසු වෛරස ආකාරයෙන්ම කැස්සෙන් හෝ ඔබ දෙසට හැරී කතා කරන අයකුගේ ශ්වසන ජල බිඳිති සෘජු ලෙසම සම්ප්‍රේෂණය වීමෙන් බවයි. එමෙන්ම පෘෂ්ඨ ස්පර්ශය මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම අඩු වශයෙන් සිදු වන බව ලෝක සෞක්‍ය සංවිධානයද පවසා තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් වූ New England Journal of Medicine සිදුකල පුළුල්ව පිළිගත් අධ්‍යනයක් මගින් විවිධ පෘෂ්ඨ මතුපිට වෛරසය පවතින කාලසීමාවන් පිළිබඳව තහවුරු කොට තිබේ.

  • මළ නොබැඳෙන වානේ සහ ප්ලාස්ටික් මත කොරෝනා වෛරසය පවතින කාලසීමාව - පැය 72
  • කාඩ්බෝඩ් මත අක්‍රීය වෛරසය පවතින කාලසීමාව - පැය 24
  • කොපර් මත අක්‍රීය වෛරසය පවතින කාලසීමාව - පැය 04
කෙසේ නමුත් ආහාර මගින් කොරෝනා වෛරසය වැළදුණු බවට මේ වනතෙක් කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.
WH
Source: Pixabay

පෘෂ්ඨ මගින් කොරෝනා වෛරසය ආසාදනය වීමට පවතින අවධානම

වෙනත් ශ්වසන රෝග පදනම් කරගනිමින් රෝග පාලන මධ්‍යස්ථානය පවසන්නේ වෛරසය පවතින් පෘෂ්ඨ ස්පර්ෂ කිරීමෙන් අනතුරුව තම නාසය, මුඛය හෝ ඇස් ස්පර්ශ කිරීම මගින් පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධනය වීමේ හැකියාවක් පවතින බවයි. කෙසේ නමුත් වෛරසය ව්‍යාප්ත වන ප්‍රධානම ක්‍රමය මෙය නොවේ.

Toronto විශ්ව විද්‍යාලයේ ආසාදන වැලැක්වීමේ සහ පාලන විශේෂඥ Susy Hota පෙන්වා දෙන්නේ පෘෂ්ඨ මගින් වෛරසය ව්‍යාප්තවීම අඩු ප්‍රවනතාවක් ගන්නා අතර මේ වනතෙක් පෘෂ්ඨ ස්පර්ශය මගින් පමණක් කොරෝනා වෛරසය වැළදුණු රෝගියකු පිළිබඳව සාක්ෂි නොමැති බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ වෛරස විශේෂඥයකු වන Ian Mackay පෙන්වා දෙන්නේ Aerosol transmission තත්වයට සාපේක්ෂව පෘෂ්ඨ මගින් වෛරසය ව්‍යාප්තවීම අඩු ප්‍රවනතාවක් ගන්නා බවයි. කෙසේ නමුත්, පෘෂ්ඨ මගින් වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රවනතාවයක් පවතින අතර ගෘහස්ත ස්ථාන වලදී වැඩි අවධානමක් පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Deakin විශ්ව විද්‍යාලයේ වසන්ගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය Catherine Bennett පවසන්නේ සමාජ දුරස්ථ බව ආරක්ෂා කිරීම හා සමානවම වෙනත් පද්ගලයකු ස්පර්ශ කල මතුපිටක් ස්පර්ශ කිරීමෙන් අනතුරුව අත් සේදීම වැදගත් බවයි.
Corona hotspot
Source: Pixabay

පවතින අවධානම අවම කරන්නේ කෙසේද?

මේ වන විට වෛරසය පවතින ප්‍රදේශ වලින් ඔබට යම් භාණ්ඩයක් ලැබී ඇත්නම් එය ස්පර්ශ කිරීම පිළිබඳව දැඩි සැලකිලිමත් බවක් දැක්විය යුතු අතර එම භාණ්ඩය ස්පර්ශ කිරීමෙන් අනතුරුව වහාම අත් සේදීම අනිවාර්ය වේ.

එලෙස ලැබුණු භාණ්ඩයක් පවතී නම් පැය 24ක් හෝ පැය 48 ක කාලයක් ගතවීමෙන් පසුව ස්පර්ශ කිරීම මගින්ද වෛරසය වැළදීමේ අවම සම්භාවිතාවයක් පවතී.

ඉර අව්වට සහ සුළඟට නිරාවරණය කිරීම මගින්ද අවධානම අවම වේ.

කෙසේ නමුත් ඔබට ලැබෙන ලිපි හෝ වෙළඳ භාණ්ඩ පිළිබඳව වැඩි බියක් ඇති නොකරගතයුතු අතර දොරගුලු සහ විදුලි සෝපාන බොත්තම් පිළිබඳව දැඩි අවධානයකින් පසුවීම වැදගත් වේ.

 

 

 


Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service