දෙසැම්බර් මාසය උදාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම නිවාඩුව පැමිණෙයි.
පාසල් නිවාඩුවත් සමග පැමිණෙන මෙම ග්‍රීෂ්ම නිවාඩුවේදී බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
එම සංචාර බොහොමයක් වෙනත් ප්‍රාන්ත වෙත හෝ ටෙරිටරි වෙත යාමට අපේක්ෂා කරන සංචාර විය හැකිය.
Highlights
- ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරිවාසීන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව විවෘතව පවතී.
- දේශීය සංචාරකයින්ට වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළු වීමේදී අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය නොවේ.
- පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ ඔස්ට්‍රේලියානුවාසීන්ට ක්වීන්ස්ලන්තය දෙසැම්බර් 13 සඳුදා සිය දේශසීමා විවෘත කළේය.
නමුත් කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ඇති ප්‍රාන්ත හයේ සහ ටෙරිටරි දෙකේ ප්‍රාන්ත සීමා නීති එකිනෙකට වෙනස් ලෙස ක්‍රියාත්මක වේ.
එනිසා එම නීති පිළිබඳ මනා අවබෝධයක් සහිතව ඔබේ සංචාරය ආරම්භ කිරීම වඩා වැදගත් වේ.
2021 දෙසැම්බර් 14 වන විට වාර්තා වූ තොරතුරුවලට අනුව SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන මෙම ලිපිය ඊට අත්වැලක් සපයයි.
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරිවාසීන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව විවෘතව පවතී.
ප්‍රාන්ත අවසර පතක් ලබාගැනීම, කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීම හෝ ස්වයං නිරෝධායනය වීමක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුළු වීමේදී සිදු කිරීමට අනවශ්‍යය.
කෙසේ වෙතත්, පසුගිය දින 14 තුළ කොවිඩ් බලපෑමට ලක් වූ ප්‍රදේශයකට හෝ කොවිඩ් අවදානමකට ලක්වූ ප්‍රදේශයකට හෝ ඔබ ගොස් ඇත්නම් ඒ සඳහා යම් නීති සහ සීමා පනවා තිබේ.
එවැනි ස්ථානයකට ඔබ ගොස් ඇත්දැයි දැනගැනීමට මෙම වෙබ් අඩවිය හරහා හැකිය.
එවැනි අවදානම් ස්ථානයකට ගොස් ඇතිනම් ඔබ:
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ඇතුළු වීමට පෙර හෝ ඇතුල් වීමට පැය 24ක් ඇතුළත NSW entry declaration පෝරමයක් සම්පූර්ණ කළ යුතුය.
- අවදානම් කලාපයක සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ඇතුළු වේනම් ඔබගේ නවාතැන වෙත සෘජුවම ගමන් කළ යුතු අතර එම ප්‍රදේශයට ගිය දින සිට දින 14 ක් ගතවන තෙක් ඔබ ස්වයං නිරෝධායනය විය යුතුය.
එසේ සිටින ඔබට නවාතැනින් පිටවීමට අවසර ඇත්තේ පහත හේතු මත පමණි:
- භාණ්ඩ හා සේවා ලබා ගැනීමට;
- රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා, ළමුන්ව childcare දැමීම සඳහා හෝ shared parenting විධිවිධාන සඳහා;
- සෞඛ්‍ය සේවා ලබාගැනීමට, කොවිඩ් එන්නත ලබා ගැනීමට;
- වෙනත් නවාතැනකට මාරු වීමේදී;
- නිවසේ සිටින අයෙකු සමග හෝ වෙනත් පුද්ගලයෙකු සමග හෝ එළිමහනේ ව්‍යායාම් කිරීම සඳහා;
- සතෙකුට ආහාර දීම හෝ රැක බලාගැනීම සඳහා;
- හදිසි අවස්ථාවකදී.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රදේශවල වෙසෙන ස්වදේශික ඔස්ට්‍රේලියානු ප්‍රජාවන් වෙත ගමන් කරන ඕනෑම අයෙකු පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබිය යුතු ලෙසත් ඔවුන්ට අසනීප බවක් දැනේ නම් සංචාරය කිරීමෙන් වළකින ලෙසත් NSW Health තරයේ නිර්දේශ කරයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම කොවිඩ් නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
වික්ටෝරියා ප්‍රාන්තය
දේශීය සංචාරකයින්ට වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළු වීමේදී අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය නොවේ.
එමෙන්ම කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීම හෝ ස්වයං නිරෝධායනය වීමක් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළු වීමේදී ඔවුන්ට සිදු කිරීමට අනවශ්‍යය.
ඔබ ප්‍රාන්ත අතර හෝටල් නිරෝධායනය සම්පූර්ණ කර වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළු වීමට කැමති නම් එවිටද ඇතුළු වීමේ බලපත්‍රයක් අවශ්‍ය නොවේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.

Australian Capital Territory
පසුගිය දින 14 තුළ ඉහළ කොවිඩ් අවදානමක් සහිත ප්‍රදේශයකට නොගිය සියලුම ACT වැසියන්ට සහ සෙසු ප්‍රාන්තවාසීන්ට ඕනෑම හේතුවක් නිසා ACT වෙත ඇතුළු වීමට අවසර ඇත. ඒ සඳහා ඔබට සංචාරක නිදහස් කිරීමේ අයදුම් පත්‍රයක් සම්පූර්ණ කිරීමට හෝ නිරෝධායනය වීමට හෝ stay at home නියෝගයට යටත් වීමට අවශ්‍ය නොවේ.
ඔබ එන්නත් කරන ලද ACT පදිංචිකරුවෙකු හෝ සෙසු ප්‍රාන්තවාසිකයෙකු වන නමුත් පසුගිය දින 14 තුළ ඉහළ කොවිඩ් අවදානම් සහිත ප්‍රදේශයකට ගොස් ඇත්නම්, ඔබ ACT වෙත පැමිණීමට පෙර පැය 72ක් ඇතුළත සංචාරක නිදහස් කිරීමේ පෝරමයක් සම්පූර්ණ කළ යුතුය. ACT වෙත ඇතුල්වීමේදී, ඔබට සංචාරක නිදහස් කිරීමේ ලියකියවිලි ලැබෙනු ඇති අතර, ඔබ කොවිඩ් රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ යුතු මෙන්ම රෝග ලක්ෂණ වර්ධනය වුවහොත් වහාම කොවිඩ් පරීක්ෂාවක් කරගත යුතුය.
ඔබ පසුගිය දින 14 තුළ ඉහළ කොවිඩ් අවදානම් සහිත ප්‍රදේශයකට ගොස් ඇති කොවිඩ් එන්නත නොලද ACTපදිංචිකරුවෙකු නම්, ඔබ ACT වෙත පැමිණීමට පෙර පැය 72ක් ඇතුළත නිදහස් කිරීමේ පෝරමයක් සම්පූර්ණ කළ යුතුය. අනන්‍යතාවය, පදිංචිය සහ ඔබගේ වත්මන් ප්‍රාන්ත බල ප්‍රදේශයෙන් ඉවත් වීමේ අධිකාරිය තහවුරු කිරීමෙන් පසුව ඔබට ඔබේ සංචාරක නිදහස් කිරීම් නිකුත් කරනු ලැබේ.
ඔබ අවසන් වරට කොවිඩ් අධි අවදානම් ප්‍රදේශයේ සිටි දිනයේ සිට දින 14ක් ගත වන තුරු ඔබ නිවසේ සිටිය යුතු අතර නිවසින් පිටවීමට අවසර ඇත්තේ පහත හේතු මත පමණි:
- භාණ්ඩ හා සේවා ලබා ගැනීමට;
- රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා, ළමුන්ව childcare දැමීම සඳහා හෝ shared parenting විධිවිධාන සඳහා;
- සෞඛ්‍ය සේවා ලබාගැනීමට, කොවිඩ් එන්නත ලබා ගැනීමට;
- උපරිම පැයක කාලයක් තුළ එළිමහනේ ව්‍යායාම් කිරීම සඳහා;
- සතෙකුට ආහාර දීම හෝ රැක බලාගැනීම සඳහා;
- හදිසි අවස්ථාවකදී.
වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලුම පුද්ගලයින් එළිමහනේ දැඩි ව්‍යායාමයක නොයෙදෙන්නේ නම් ඉහත සඳහන් හේතූන් මත තම පරිශ්‍රයෙන් පිටවන විට සෑම විටම මුඛ ආවරණයක් පැළඳිය යුතුය.
ACT හි ටෙරිටරි සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
ACT හි නවතම කොවිඩ් නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala
- SBS සිංහල වෙබ් අඩවියෙන් www.sbs.com.au/sinhalese
- SBS Radio APP එකෙන් (Free)
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් පෙන්විය හැකි පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ ඔස්ට්‍රේලියානුවාසීන්ට ක්වීන්ස්ලන්තය දෙසැම්බර් 13 සඳුදා සිය දේශසීමා විවෘත කළේය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වන සෑම කෙනෙකුම පැමිණීමට පෙර ක්වීන්ස්ලන්ත ප්‍රවේශ බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර එය ලබාගත යුතුය.
ඔබ පසුගිය දින 14 තුළ කොවිඩ් අවදානම් සහිත ස්ථානයක සිටීම හෝ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වීම හෝ මත ප්‍රාන්තයට ඇතුළු වීමේ අවශ්‍යතා වෙනස් වේ.
ඔබ safe travel zone එකක සිට හෝ green zone එකක සිට ගමන් කරන්නේ නම් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමේදී සංචාරක සීමාවන් නොමැත.
ඔබ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත්නම්, ඔබට සීමා නොකළ NSW මායිම් කලාපයෙන් නිදහසේ ගමන් කළ හැකිය.
ඔබ සම්පූර්ණයෙන්ම එන්නත් කර නොමැති නම්, ඔබට ගමන් කළ හැක්කේ අවසර ලත් සහ අත්‍යවශ්‍ය අරමුණු සඳහා පමණි
ඔබ සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇත්නම්, අවසර ලත්, අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය සේවක අරමුණු සඳහා සීමා කර ඇති NSW මායිම් කලාපයේ සිට ක්වීන්ස්ලන්තයට ගමන් කළ හැකිය.
ඔබ සම්පූර්ණයෙන් එන්නත් කර නොමැති නම්, සීමා කරන ලද ප්‍රාන්ත මායිම් කලාපයේ සිට ක්වීන්ස්ලන්තය වෙත ඔබගේ සංචාරය අත්‍යවශ්‍ය අරමුණු සඳහා පමණක් සීමා වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නවතම කොවිඩ් නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
දකුණු ඔස්ට්‍රේලියාව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද සංචාරකයින් සඳහා එහි දේශසීමා විවෘත කර ඇති අතර, ආපසු පැමිණෙන දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පදිංචිකරුවන් ඇතුළුව, අවුරුදු 12 ත් මාස දෙකට වැඩි සියලුම සංචාරකයින්ට COVID-19 එන්නත් අවශ්‍යතා අදාළ වේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පදිංචිකරුවන් ඇතුළුව වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක හෝ සිට දකුණු ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ නම්, ඔබ පැමිණීමට දින 14කට පෙර EntryCheck SA අයදුම්පතක් සම්පූර්ණ කළ යුතුය. ඔබගේ සැලසුම්ගත පැමිණීමට අවම වශයෙන් පැය 72කට පෙර එය අයදුම් කිරීම නිර්දේශ කෙරේ.
මෙම පෝරමය ඔබගේ COVID-19 අවදානම තක්සේරු කරන අතර ඇතුල් වීමේ කොන්දේසි පිළිබඳව උපදෙස් දෙනු ඇත.
ඔබ සංචාරය කරන ස්ථානය සහ ඔබේ කොවිඩ් අවදානම් මට්ටම අනුව, ඔබට HealthCheck SA භාවිතයෙන් නිරෝධායනය, කොවෝඩ් පරීක්ෂණ සහ කොවිඩ් රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය විය හැකිය.
ඔබ එන්නත් නොකළ සංචාරකයෙකු නම් සහ අනුමත වෛද්‍ය නිදහස් කිරීමක් නොමැති නම්, ඔබට දකුණු ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නැත. ආපසු පැමිණෙන දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පදිංචිකරුවන් ටද මෙය අදාළ වේ.
තෝරාගත් හේතු සඳහා පමණක් එවැනි පුද්ගලයින්ට විශේෂ අවසරයක් ලබාදීම සලකා බලනු ලැබේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද දේශීය සහ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022 පෙබරවාරි 05 වන දින විවෘත කෙරේ.
එම දිනයෙන් පසු, ඔබට තවදුරටත් නිරෝධායනය වීමට අවශ්‍ය නොවනු ඇත.
දැනට නිරෝධායනය නොවී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර ඇත්තේ ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට පමණි.
සෙසු ප්‍රාන්ත හා ටෙරිටරිවලින් පැමිණෙන සංචාරකයින් දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් ඇතුළුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළු වන සියලුම පුද්ගලයින් G2G බලපත්‍රයක් සම්පුර්ණ කළ යුතුය.
අවසරයකින් තොරව බටහිර ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට සංචාරකයින්ට දැනට අවසර නැත.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.

Northern Territory
පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට, Northern Territory පදිංචිකරුවන්ට සහ වයස අවුරුදු 12 ට අඩු ළමුන් වැනි කොවිඩ් එන්නත ලබාගැනීමට නොහැකි පුද්ගලයින්ට Northern Territory වෙත ඇතුළු විය හැකිය.
Northern Territory වෙත සංචාරය කරන සියලු දෙනා ඇතුළු වීමට දින පහක් හෝ ඊට අඩු කාලයකදී online Border Entry පෝරමයක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.
COVID-19 රතු කලාපයකින් Northern Territory වෙත පැමිණෙන සම්පුර්ණ එන්නත් කරන ලද Northern Territory වැසියන්ට දින 7 ක් නිවසේ නිරෝධායනය වීමට අවසර ලබා දේ. ඔබගේ online Border Entry පෝරමය සැකසීමෙන් පසුව මේ සඳහා ඔබට උපදෙස් ලැබෙනු ඇත.
green zone එකින් පැමිණෙන එන්නත් නොකළ Northern Territory වැසියන්ට තවමත් Northern Territory වෙත ඇතුළු වීමට හැකි වේ.
නමුත් ඔවුන් නිරෝධායනයට සුදුසු ස්ථානයකට යාමට අවශ්‍ය වනු ඇති අතර COVID-19 සඳහා පරීක්‍ෂා කර ඍණාත්මක ප්‍රතිඵලයක් ආපසු ලැබෙන තෙක් ස්වයං-හුදෙකලා විය යුතුය.
red zone කලාපයකින් පැමිණෙන එන්නත් නොකළ Northern Territory වැසියන්ට දින 14ක අධීක්‍ෂණය සහිතව අනිවාර්ය නිරෝධායනය කිරීමට අවශ්‍ය වේ.
red zone කලාපය පිළිබඳ වැඩි විස්තර මෙතනින්.
Northern Territory හි ප්‍රාන්ත සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
Northern Territory හි නවතම කොවිඩ් නීති පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
ටස්මේනියා ප්‍රාන්තය
ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා දෙසැම්බර් 15 විවෘත කෙරේ.
ටස්මේනියා ප්‍රාන්ත වැසියන් ඇතුළුව ටස්මේනියාවට පැමිණෙන සියලුම සංචාරකයින් ප්‍රාන්තයට ඇතුළු වීමට පෙර ඔවුන්ව සම්බන්ධ කරගත හැකි තොරතුරු සහ ගමන් විස්තර සැපයිය යුතුය.
මෙය සිදු කරනු ලබන්නේ Tas e-Travel පද්ධතිය හරහාය.
එන්නත් නොකළ සියලුම සංචාරකයින්ට සහ ආපසු පැමිණෙන ටස්මේනියා ප්‍රාන්ත වැසියන්ට ටස්මේනියාවට ඇතුළු වීමට අනුමැතිය අවශ්‍ය වේ.
ඔබගේ අයදුම්පතට සුදුසු පරිශ්‍රවල සාක්ෂි ඇතුළත් කිරීමට අවශ්‍ය වනු ඇත, නැතහොත් හෝටල් නිරෝධායනය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වනු ඇත.
තවද ටස්මේනියාවට පිටත් වීමට පෙර පැය 72 තුළ සිදු කරන ලද PCR පරීක්ෂණයක ඍණ ප්‍රතිඵල ඊට ඇතුළත් කිරීමට අවශ්‍ය වනු ඇත.
ටස්මේනියා ප්‍රාන්තයේ දැනට පවතින ප්‍රාන්ත සීමා පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගත හැකිය.
දෙසැම්බර් 15 න් පසුව ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා පිළිබඳ විස්තර මෙතනින් ලබා ගත හැකිය.

