නවතම Ethics Index හෙවත් ආචාරධර්ම දර්ශකයට අනුව, ප්‍රාන්ත දේශපාලනඥයන් ෆෙඩරල් දේශපාලනඥයන්ට සහ දේපළ වෙළඳාම් නියෝජිතයින්ට වඩා විශ්වාසදායක බැවින් අඩු බව හෙළිවී තිබේ.
2022 ආචාරධර්ම දර්ශකයට අනුව විශ්වාසනීය වෘත්තීන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ හෙදියන් වන අතර පසුව ගිනි නිවන භටයින් සහ පරිපූරක වෛද්‍යවරුන් වේ.
ඔස්ට්‍රේලියාවේ පාලන ආයතනය විසින් සම්පාදනය කරන ලද තොරතුරු වලට අනුව මෙම වාර්ෂික සමීක්ෂණය මගින් හෙළිවී ඇත්තේ මෙවර සමස්ත ලකුණු ප්‍රමාණය 42 ක් බවත් එය පසුගිය වසරේ ලකුණු 45 ක් වූ බවත්ය.
2020 වසරේදී එම අගය ලකුණු 52 ක් වැනි ඉහළම අගයක් ගත්තේය.
සමාජ මාධ්‍ය දැවැන්තයකු වන TikTok වෙත මෙවර -32 ක ලකුණු අගයක් ලැබී ඇති අතර එය අවම සදාචාරාත්මක සංවිධානයක් ලෙස සැලකේ.
Facebook ආයතනයට මෙවර -28 ක ලකුණු අගයක් ලැබී තිබේ.
ජනමාධ්‍ය වෙත -15 ක්ද විශාල සමාගම් වෙත -3 ක්ද සම්පත් සපයන සමාගම් වෙත -1 ක්ද ලෙස මෙවර ලකුණු ලැබී තිබේ.
ඔස්ට්‍රේලියාවේ විශ්වාසනීය අතින් ඉහළම වෘත්තීන් ලැයිස්තුව

පැහැදිලි කඩා වැටීමක්
විශ්වාසය සහ ආචාර ධර්මවල පැහැදිලි පහත වැටීමක් අපි දැන් දකින බව ආයතන ප්‍රධානී Megan Motto පැවසුවාය.
මේ මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රචාරකයින්ට සහ මාර්තු මාසයේ ඡන්ද පොළට යන NSW හි ඡන්ද ප්‍රචාරකයින්ට අයහපත් ආරංචියක් තිබේ.
ප්‍රාන්ත දේශපාලනය විශ්වාසය සහ ආචාර ධර්ම අතින් පහළම රැකියාව වූ අතර ලැබුණු ශුද්ධ ලකුණු ප්‍රමාණය -22 කි.
එය 2021 දී -10 ක් විය.
කොවිඩ් වසංගතයේ ආරම්භයේ දී “අපි සියල්ලෝම එකට සිටිමු” යන ප්‍රබල හැඟීම නිසා සෞඛ්‍ය අංශ ගැන විශ්වාසය ඉහළ ගිය බව Megan Motto පැවසුවාය.
ඔස්ට්‍රේලියානුවන් රජයන් සහ වෛද්‍ය වෘත්තිය කෙරෙහි විශ්වාසය තැබූ අතර ඔවුහු බොහෝ දුරට ප්‍රතිලාභ ලැබූහ.
"නමුත් එතැන් සිට අපි ලිහිල් වීමක් දුටුවා, අපි ටිකක් අඩු විශ්වාසයක් දුටුවා, වඩා නරුම සහ වඩා බෙදී ඇති බවක් පෙනුනා." ඇය පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ විශ්වාසනීය අතින් පහළම වෘත්තීන් ලැයිස්තුව

දූෂණය, බදු ගෙවීම පහර හැරීම සහ නොහොබිනා ප්‍රචාරණය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.
දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමට ඉහළම සදාචාරාත්මක වගකීමක් ඇත්තේ ජනතාවට නොව ෆෙඩරල් රජයට සහ විශාල සමාගම්වලට බව Ipsos විසින් කරන ලද සමීක්ෂණයෙන් හෙළි විය.
COVID-19 සමඟ නිවාඩුවක් ගත කිරීම බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු කළ බවද මෙහිදී හෙළිවිය.

යහපත් හැසිරීම් පිළිබඳ අපේක්ෂාවන් වර්ධනය වෙයි
යහපත් හැසිරීම් පිළිබඳ ඔස්ට්‍රෙලියානුවන්ගේ අපේක්ෂාවන් වර්ධනය වී තිබේ.
ආචාර ධර්ම අපේක්ෂා හිඟය එනම් යම් දෙයක් සදාචාරාත්මක විය යුතු ආකාරය සහ සිදුවන්නේ කුමක්ද යන අපේක්ෂාවන් අතර පරතරය මේ වසරේ -37 ක් වූ අතර පසුගිය වසරේදී එය -28 ක් විය.
මෙම පරතරය වැඩි වන තරමට සමාජය අවශ්‍ය පරිදි යහපත් ආකාරයට ක්‍රියා නොකරන බවට වන අනතුරු ඇඟවීම් විශාල වන බව ද Megan Motto පැවසුවාය.
එළැඹෙන වසරේ ඔස්ට්‍රේලියාවට ප්‍රමුඛතම සදාචාරාත්මක අභියෝග තුන වන්නේ aged care ක්ෂේත්‍රයේ ගැටලුව විසඳීම, බිඳ වැටුණු සැපයුම් දාමයන් මත යැපීම අවම කිරීම සඳහා දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ දේශගුණික විපර්යාස මැඩලීම සඳහා සාධනීය පාරිසරික ක්‍රියාවන් සිදු කිරීම වේ.


