කොරෝනා කලබල අතරේ ආසියාවෙන් ඕස්ට්‍රේලියාවට තැපෑලෙන් පැමිණෙන "සැකකටයුතු බීජ" ඔබටත් ලැබුනාද? (SBS සිංහල වාර්තා)

A package of mystery seeds sent to an American resident.

A package of mystery seeds sent to an American resident similar to those that have been found in Australia. Source: US Department of Agriculture

ආසියාවෙන් ඕස්ට්‍රේලියානු ලිපිනයන් වෙත ඉල්ලුම් නොකළ බීජ පැකට් කිහිපයක් පැමිණ ඇති බවට වාර්තා වීමෙන් පසු තැපෑලෙන් ලැබෙන “අභිරහස් බීජ” කිසිවක් රෝපණය නොකරන ලෙස ඕස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ අංශ නිලධාරීන් විසින් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.

ඕස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ නිලධාරීන් විසින් ඕස්ට්‍රේලියානු ලිපිනයන් වෙත පැමිණෙන බීජ පැකේජ 36 ක් සොයාගෙන ඇති අතර ඒවා නොදන්නා ශාක ද්‍රව්‍ය වලින් පුරවා ඇති බවද, ඒවා ලබන්නන් ලෙසට සඳහන් ලිපින වල සිටින පුද්ගලයින් විසින් කිසිදිනෙක ඒවා ඇණවුම් කර නොමැති බවද වාර්තා වේ.

මෙම බීජ පැකට් චීනය, මැලේසියාව, පාකිස්ථානය සහ තායිවානය වැනි ආසියාතික රටවල් කිහිපයකින් ඕස්ට්‍රේලියාවට තැපැල් මාර්ගයෙන් ලැබී තිබේ. මෙවැනි ආකාරයේ සිදුවීම් 36ක් පිළිබඳව මේ වන විට ඕස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ නිලධාරීන් වෙත තොරතුරු වාර්තා වී ඇති අතර මේ සම්බන්ධයෙන් වාර්තා කල පුද්ගලයින් සඳහන් කොට ඇත්තේ තමන් මෙවැනි දෙයක් කිසි ලෙසකින්වත් ඇණවුම් නොකළ බවයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු බීජ සම්මේලනය අනතුරු අඟවා ඇති අතර ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් ඇනවුම් නොකළ මෙවැනි අකාරයේ බීජ පැකට් තැපෑලෙන් ලැබුනහොත් වහාම ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි.
Seed packet
An unsolicited seed packet recieved in Australia. Source: Supplied: Department Of Agriculture, Water And Environment


එමෙන්ම තමන් දන්නා සහ විශ්වාසනීය මාර්ග ඔස්සේ ලැබෙන බීජ පමණක් රෝපණය කරන ලෙස ඕස්ට්‍රේලියානු බීජ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී Osman Mewett ද ජනතාවගෙන් ඉල්ලා සිටී.ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ගොවීන් සඳහා ලබාදෙන බීජ නිසි තත්ව පරීක්ෂණයන්ට භාජනය කරන බවයි. නොදන්නා සම්භවයක් පවතින මෙවැනි බීජ මගින් ඕස්ට්‍රේලියාවේ ජෛව සුරක්‍ෂිතතාවයට විශාල තර්ජනයක් වන අතර ආක්‍රමණික විශේෂ හා පළිබෝධකයන් ඕස්ට්‍රේලියාවේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුකිරීමේ අවධානමක්ද මෙමගින් පවතින බව Osman Mewett අවධාරණය කර සිටී.

මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ මෙහෙයුම් ප්‍රධානී Emily Canning සඳහන් කොට ඇත්තේ ඔබ ඇණවුම් නොකළ බීජ පැකට් යම්කිසි ලෙසකින් තැපැල් මාර්ගයෙන් ඔබට ලැබුනොත් වහාම එම පැකට් කසල ලෙස බැහැර කරන ලෙස හෝ ඒ පිළිබඳව මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි. මෙම බීජ රෝපණය කිරීම මගින් ඔබේ ගෙවතු උද්‍යාන වලට පමණක් නොව පරිසරයට සහ සමස්ත ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේස්ත්‍රයටම අවධානමක් මතු වන බවද ඇය පෙන්වා දී තිබේ.
එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ටම මෙවැනි ආකාරයේ සැකකටයුතු බීජ පැකට් පසුගිය සති පහක කාලය තුළදී ලැබී ඇති අතර, පලතුරු හා එළවලු, විසිතුරු පැල, ඔසු සහ වල්පැලෑටි මිශ්‍රණ යන වර්ග යටතේ පැකට් 140 ක් පමණ විවිධ පුද්ගලයින්ට ලැබී ඇති බව එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙය, eBay සහ Amazon වැනි ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය අලෙවිකරුවන් ව්‍යාජ ඇණවුම් නිර්මාණය කිරීම මගින් සිය විකුණුම් ප්‍රමාණය ඉහල නැංවීම සඳහා සිදුකරනු ලබන වංචනික ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට විශ්වාස කරන බව එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාජ ඇණවුම් නිර්මාණය කිරීමෙන් මෙවැනි ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය වෙබ් අඩවි තුළ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවෙන අතර විකුණුම් ප්‍රමාණය කෘතිම ලෙස ඉහළ නැංවීමට සහ පාරිභෝගික ඇගයුම් සඳහා ඉල්ලුම් නොකළ භාණ්ඩ අහඹු ලිපින වෙත යැවීමට වානිජ්‍ය අලෙවිකරුවන් කටයුතු කොට ඇති බවයි.
Corona
Source: SBS Radio


Share

Published

Updated

By Naveen Razik, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service