එළඹෙන ශීත ඍතුවත් සමග, සිව්වන කොවිඩ් එන්නතත් ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි (SBS සිංහල/ වාර්තා)

COVID-19 වෛරසයේ නව Omicron උප ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ නව ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට මේ වනවිට පත්වෙමින් තිබේ. මේ හේතුවෙන් කොවිඩ් සඳහා සිව්වන එන්නතත් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව මෙමෙ ලිපිය ඔස්සේ ඔබට රැගෙන එයි.

A woman receives a COVID-19 vaccine at a pop-up vaccination clinic at the National Centre of Indigenous Excellence in Redfern, Sydney, Saturday, on 4 September, 2021.

A woman receives a COVID-19 vaccine at a pop-up vaccination clinic in Sydney. Source: AAP / Dan Himbrechts

Highlights

  • Booster එන්නතෙන් ලබාදෙන ප්‍රතිශක්තියේ ඉක්මනින් හීන වේ 
  • ඕස්ට්‍රේලියාව මේ වනවිට පත්ව සිටින අවදානම 
  • Omicron ප්‍රභේදයටම විශේෂිත එන්නතක් සඳහා මේ වනවිට තිබෙන ප්‍රමාදය 
  • Nasal sprays භාවිත කිරීම වාසි සහගත බවට වන මත

මීට යම් කාලයකට පෙර ඔස්ට්‍රේලියාව තුල COVID-19 ආසාදිතයින් අඩු වෙමින් පැවති අතර වෛරස තත්වය ස්ථාවර වෙමින් පැවතින.

එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කරන ලද නව පර්යේෂණයකින් පෙන්නුම් කලෙත් සිව්වන COVID-19 එන්නත් මාත්‍රාව තුන්වන මාත්‍රාවට වඩා අමතර ආරක්ෂාවක් සිදු නොකරන බවයි.

කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස මේ වනවිට COVID-19 තත්වය යලිත් වෙනස් වෙමින් පවතී,

පසුගිය සතියේ පැවති සාකච්චාවකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard සඳහන් කොට සිටියේ BA.2 නම් Omicron උප ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ඉහල යමින් පවතින අතර, ඉදිරි සති හය තුළ ප්‍රාන්තයේ ආසාදිතයින් දෙගුණයකට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කළ යුතු බවයි.

එමෙන්ම මෙම BA.2 උප ප්‍රභ්දය ඉදිරි මාස කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වනු ඇති බවට ප්‍රවීණයන්ද අපේක්ෂා කරයි.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මූලික ඇස්තමේන්තුගත තොරතුරු වලට අනුව,කොවිඩ් BA.2 Omicron උප ප්‍රභේදය (BA.1) ට වඩා 25% ත් 40% ත් අතර සම්ප්‍රේෂණය වීමේ ඉහල ප්‍රවණතාවයක් පවතින බවයි, එය දැනටමත් ඩෙන්මාර්කය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල තත්වය මත පැහැදිලි වේ.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) සිව්වන මාත්‍රාව සෑම පුද්ගලයකුටම තවමත් නිර්දේශ කොට නොමැත, නමුත් එම එන්නත් දැනටමත් අධිකව ප්‍රතිශක්තිකරණය අඩු ඕස්ට්‍රේලියානුවන් සඳහා ලබා ගැනීමට හැකියාව තිබේ.

එමෙන්ම නව පර්යේෂණ පෙන්වා දී ඇත්තේ එළඹෙන ශීත සෘතුවත් සමග සිව්වන COVID-19 එන්නතක් අවශ්‍ය වනු ඇති බවයි.

Booster එන්නතෙන් ලබාදෙන ප්‍රතිශක්තියේ ඉක්මනින් හීන වේ

කොවිඩ් තෙවන එන්නත් මාත්‍රාව මගින් ප්‍රතිශක්තිය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරන බව පැහැදිලි කරුණකි.

නමුත් New England Journal of Medicine මගින් ප්‍රකාශයට පත් කරන ලද නව පර්යේෂණයකින් පෙන්නුම් කොට ඇත්තේ තුන්වන එන්නත් මාත්‍රාවෙන් ලබාදෙන ප්‍රතිශක්තිය කෙටි කාලයකින් අඩු වන බවයි. Pfizer තුන්වන මාත්‍රාවෙන් සති දහයක කාලයකට පසු Omicron වලට එරෙහිව එන්නත් වල සඵලතාවය 45% දක්වා පහත වැටෙන බව ඔවුන් පවසයි.

Omicron වෛරස ප්‍රභ්දයේ බොහෝ විකෘතිතා පවතින අතර, මුලිකව නිපදවන ලද එන්නත් මගින් දැඩි බලපෑමක් මේ සඳහා සිදු නොකිරීම මෙයට ප්‍රධාන හේතුව වේ.
The Australian government has rolled out a new COVID-19 campaign named 'Boost'
Source: AAP / Daniel Pockett
මෙම එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණ සෛලවල යම් කොටසකට පමණක් Omicron වෛරසය සමඟ සාර්ථකව කටයුතු කළ හැකි අතර මේ හේතුවෙන් ප්‍රතිශක්තිය ඉක්මනින් අඩු වීම සිදු වේ.

මේ වනවිට හඳුනාගෙන ඇති BA.2 උප ප්‍රභ්දය සඳහාද මෙය බලපායි. මෙය තුලත් Omicron හා සමාන විකෘති බෙදා පවතින නමුත් ඇතැම් වෙනස්කම් පවතී. මේ හේතුවෙන් BA.2 උප ප්‍රභ්දය සඳහා එන්නත් කෙතරම් ඵලදායීදැයි තවමත් නොදනී.
COVID-19 එන්නත් මාත්‍රා තුනක් ලබාගැනීම මගින් දරුණු රෝගවලින් විශිෂ්ට ආරක්ෂාවක් සපයන බව මේ වනවිට තහවුරු වී තිබේ.

නමුත් ඕස්ට්‍රේලියානු ශීත ඍතුව පැමිනෙන විට බොහෝ පිරිසක් ඔවුන්ගේ තුන්වන මාත්‍රාව ලබාගෙන මාස හතරකට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. මේ හේතුවෙන් මෙම වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතී.

තවමත් සෙසු විද්‍යාඥයින් විසින් සමාලෝචනය කර නොමැති අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ, තුන්වන එන්නත මගින් ප්‍රතිදේහ සඳහා සිදු කරන ප්‍රතිචාරය සිව්වන මාත්‍රාව මගින් උපරිම මට්ටමට ගෙන යන බවයි. එය අතිරේක ආරක්ෂාවක් ලබා නොදෙන නමුත්, ශීත ඍතුව එළඹෙන වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කරයි.

කෙසේ නමුත් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ පිරිසක් තවමත් ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රා ද්විත්වය හෝ ලබා නොමැති මොහොතක මේ ආකාරයෙන් සිව්වන එන්නත් මත්රවත් ලබාදීම ආචාර ධර්මවලට එරෙහි බව ඇතැමුන් පවසයි.

ඕස්ට්‍රේලියාව මේ වනවිට පත්ව සිටින අවදානම

2021 වසරේදී COVID-19 වෛරසයට එරෙහිව පුද්ගලයින්ගේ පවතින ප්‍රතිශක්තිකරණ මට්ටම සෞඛ්‍ය බලධාරීන් පුළුල් ලෙස දැන සිටියේය. නමුත් මේ වනවිට මිලියන ගණනක් ජනතාව, එන්නත් ද්විත්වය හෝ ත්‍රිත්වය එසේත් නැතිනම් කිසිදු එන්නතක් ලබා නිසිටින විවිධ කාලවලදී කොවිඩ් ආසාදනය වීම සිදුව තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාව මෙම BA.2 සහ සෙසු ප්‍රභේදවලට කෙතරම් අවදානමට ලක්විය හැකිද යන්න තක්සේරු කිරීම අපහසු වේ.
මෙම අවිනිශ්චිත වටපිටාව තුළ, ඕස්ට්‍රේලියානුවන්ට සිව්වන මාත්‍රාව ලබා ගැනීමට ඉඩ දීම මගින් සාමූහික ප්‍රතිශක්තිය වැඩි කරන අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වෛරස් ඇතිවිය හැකි ශීත ඍතුවේ දී BA.2 හි ව්‍යාප්තිය අවම කිරීමට හැකියාව හිමිවේ.

Omicron ප්‍රභේදයටම විශේෂිත එන්නතක් සඳහා මේ වනවිට තිබෙන ප්‍රමාදය

වත්මන් COVID-19 එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිය මග හැරීමට Omicron ප්‍රභේදයට හැකි බව සාක්ෂිවලින් පෙනී යයි. මෙම ප්‍රභේදයේ විකෘතිතා පැවතීම මීට ප්‍රධානතම හේතුවයි.

මේ හේතුවෙන් මෙම Omicron ප්‍රභේදය සඳහම් නිෂ්පාදනය කල යුතු එන්නතක අවශ්‍යතාවය මේ වනවිට මතුව තිබේ.
එමෙන්ම Omicron ප්‍රභේදය සඳහා වර්තමානයේ පවතින එන්නත් සමඟ පුද්ගල ප්‍රතිශක්තිකරණය ඉහල දැමීම සම්බන්ධයෙන් එතරම් ප්‍රභල සාක්ෂි නොමැත. එමෙන්ම Omicron සඳහාම විශේෂිත එන්නතක් නිකුත් කරන විට, BA.2 ප්‍රමුඛ වීමද නිරායාසයෙන් සිදු වේ.

මේ පවතින තත්වයෙන් මිදීම සඳහා “universal” හෝ “variant-proof” COVID-19 එන්නත් භාවිත කිරීම යහපත් වන බව පර්යේෂකයින්ගේ මතයයි.
COVID vaccine
Source: Getty Images/Stefan Cristian Cioata
මේවා ආසාදනය සඳහා අවශ්‍ය වෛරසයේ කොටසක් ඉලක්ක කරන එන්නත් වශයෙන් සැලකේ. එමෙන්ම එම එන්නත් විවිධ ප්‍රභේද සමග ක්‍රියා කිරීමට වැඩි ඉඩක් පවතී.

එමෙන්ම ඉදිරි වසර කිහිපය තුල මෙවැනි එන්නතක් නිෂ්පාදනය කිරීම පර්යේෂකයින්ගේ අපේක්‍ෂාවයි.

Nasal sprays භාවිත කිරීම වාසි සහගත බවට වන මත

mRNA එන්නත් මගින් SARS-CoV-2 හි මුල් ප්‍රභේදයට එරෙහිව 90% කට වඩා වැඩි ආරක්ෂාවක් ලබා දිය හැක. මෙය වැදගත් තත්වයක් වන අතර ශරීරය තුලට ලබාදෙන එන්නතක් මගින් ශ්වසනය ආශ්‍රිත වෛරසයක් වැලැක්වීම ඊට හේතුවයි.

ශ්වසනය ආශ්‍රිත වෛරස් වාතයේ ඇති සෛල තුළ ප්‍රතිවර්තනය වේ. එය නාසයෙන් සහ උගුරෙන් ආරම්භ වන අතර, ආසාදනය වර්ධනය වුවහොත් පෙණහලු දක්වා දිවේ.

ENA Respiratory ආයතනය පවසන්නේ, ඔවුන් COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා සඳහා වනප්‍රතිශක්තීකරණ-උත්තේජන Nasal spray සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන බවයි.මෙය මේ වනවිට 2 වන අදියරේ රසායනික අත්හදා බැලීම්වලට පිවිස තිබේ.

මෙම Nasal spray එක මගින්, පුද්ගල ශරීරයට වෛරසය ඇතුළු වීමට පෙර නාසයේදී සහ උගුරෙදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සිදු කරයි.

COVID-19 කළමනාකරණය කිරීම මේ වනවිට වඩාත් සංකීර්ණ වෙමින් පවතී, ඉදිරියේදී ඇතිවිය හැකි තත්වය සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැක.

මේ හේතුවෙන් නව ප්‍රභේද මතු වන විට, ඒවා කෙතරම් දුරකට සම්ප්‍රේෂණය වන්නේද සහ දරුණුද යන්න අප තේරුම් ගත යුතු අතර, එන්නත් කිරීමේ උපායමාර්ග ඒ අනුව ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

Share

Published

Updated

By Jonathan Bartlett, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
එළඹෙන ශීත ඍතුවත් සමග, සිව්වන කොවිඩ් එන්නතත් ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala