කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ තවමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා මෙන්න (SBS සිංහල/ වාර්තා)

Large Group of Diverse People with Different Occupations

Large Group of Diverse People with Different Occupations Source: Getty Images

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොල බරපතල ලෙස කඩා වැටී ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් රැකියා ක්ෂේත්‍ර කිහිපයක පුරප්පාඩු සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවද සඳහන්.
Workers are in demand in these few industries amid Covid-19 Pandemic
In demand jobs as we move to COVID normal Source: AAP

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොල බරපතල ලෙස කඩා වැටෙයි

පවතින කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොල බරපතල ලෙස කඩා වැටී ඇති බව ABC පුවත් සේවය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ නව රැකියා  පුරප්පාඩු සඳහා ප්‍රචාරය කෙරෙන ප්‍රචාරක දැන්වීම් වල විශාල අඩුවක් ඇති බව ප්‍රමුඛ පෙළේ රැකියා වෙබ් අඩවියක් වන SEEK වෙබ් අඩවිය පෙන්වා දෙයි.

පසුගිය වසර හා සසඳන විට මේ වසරේ මෙම කාලයේදී ඔස්ට්‍රේලියාවේ නව රැකියා  පුරප්පාඩු සඳහා ප්‍රචාරය කෙරෙන ප්‍රචාරක දැන්වීම් 65% කින් අඩුවී ඇතැයි SEEK දත්ත දක්වයි.

ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ බරපතලම කඩා වැටීම සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 72% ක කඩා වැටීමකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ රැකියා වෙළෙඳපොළේ කඩා වැටීම 67% ක් බව වාර්තා වේ.

කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ දරුණු ලෙස පැතිරීම ආරම්භ වීමත් සමග මෙලෙස රැකියා වෙළෙඳපොළේ කඩා වැටීම පටන්ගෙන තිබේ.

මාර්තු මස පළමු සතියේදී එම ප්‍රතිශතය 13% ක් වුවද පසුගිය සති දෙක තුළ එය බරපතල ලෙස 65% දක්වා පහත බැස තිබේ.
Workers are in demand in these few industries amid Covid-19 Pandemic
Source: SBS

කොරෝනා වසංගතය දරුණුවටම බලපෑ රැකියා ක්ෂේත්‍ර

කොරෝනා වසංගතය දරුණුවටම බලපෑ රැකියා ක්ෂේත්‍ර අතරින් ක්‍රීඩා, කලා සහ ප්‍රචාරක හා ජන මාධ්‍ය ප්‍රමුඛ තැනක් ගනී.

එමෙන්ම Hospitality සහ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍ර වලටද මෙම අර්බුදය බරපතල ලෙස බලපා තිබේ.

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර වල රැකියා කඩා වැටීමේ ප්‍රතිශත පහත පරිදි වේ.
Workers are in demand in these few industries amid Covid-19 Pandemic
Source: SBS Sinhala

තවමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා

කොරෝනා වසංගතය හමුවේ වුවද ඔස්ට්‍රේලියාවේ පහත රැකියා සඳහා තවමත් ඉහළ ඉල්ලුමක් පවතින බව SEEK වෙබ් අඩවිය පෙන්වා දෙයි.

Healthcare

හෙදියන්, වැඩිහිටි සුරැකුම් සේවා වල සේවකයින්, සාමාන්‍ය සෞඛ්‍ය සේවකයින්, මනෝ චිකිත්සකයින්, සමාජ සේවකයින් මේ අතර ප්‍රධාන වේ.

Retail

ආහාර පාන සහ අනෙකුත් ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ සැපයීමේ සේවා වල යෙදී සිටින shelf stackers, භාණ්ඩ බෙදා හරින රියදුරන්, supply chain කළමණාකරුවන්, ගබඩා පාලකවරුන් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

Manufacturing

ආහාර පාන සහ අනෙකුත් ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන ඇතැම් කර්මාන්ත ශාලා සඳහා මේ දිනවල අමතර සේවකයින්ව බඳවා ගනු ලබයි.

Digital specialists

Software developers සහ සයිබර් ආරක්ෂණ විශේෂඥයින් සඳහා මේ දිනවල වැඩි ඉල්ලුමක් ඇති බව වාර්තා වේ.

Family support

පාසල් නිවාඩු දී ඇති නිසා තම දරුවන්ව නිවසේදීම බලා ගැනීමට නැනීවරුන් සහ නිවසේදීම ඉගැන්වීමට ටියුටර්ස් ලා සඳහා ද මේ දිනවල හොඳ ඉල්ලුමක් පවතී.

Customer support

දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන වල දුරකථන ක්‍රියාකරුවන් ට සහ පාරිභෝගික සහයකයින් ට ද මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතියි.

Mining and resources

මෙම ක්ෂේත්‍ර වල ට්‍රක් රියදුරන්, යන්ත්‍ර ක්‍රියාකරුවන් මෙන්ම diesel fitters සහ auto electricians යන තනතුරු සඳහාද ඉහළ ඉල්ලුමක් ඇත.


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service