කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොල බරපතල ලෙස කඩා වැටී ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් රැකියා ක්ෂේත්‍ර කිහිපයක පුරප්පාඩු සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොල බරපතල ලෙස කඩා වැටෙයි
පවතින කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොල බරපතල ලෙස කඩා වැටී ඇති බව ABC පුවත් සේවය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ නව රැකියා පුරප්පාඩු සඳහා ප්‍රචාරය කෙරෙන ප්‍රචාරක දැන්වීම් වල විශාල අඩුවක් ඇති බව ප්‍රමුඛ පෙළේ රැකියා වෙබ් අඩවියක් වන SEEK වෙබ් අඩවිය පෙන්වා දෙයි.
පසුගිය වසර හා සසඳන විට මේ වසරේ මෙම කාලයේදී ඔස්ට්‍රේලියාවේ නව රැකියා පුරප්පාඩු සඳහා ප්‍රචාරය කෙරෙන ප්‍රචාරක දැන්වීම් 65% කින් අඩුවී ඇතැයි SEEK දත්ත දක්වයි.
ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ බරපතලම කඩා වැටීම සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 72% ක කඩා වැටීමකි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ රැකියා වෙළෙඳපොළේ කඩා වැටීම 67% ක් බව වාර්තා වේ.
කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ දරුණු ලෙස පැතිරීම ආරම්භ වීමත් සමග මෙලෙස රැකියා වෙළෙඳපොළේ කඩා වැටීම පටන්ගෙන තිබේ.
මාර්තු මස පළමු සතියේදී එම ප්‍රතිශතය 13% ක් වුවද පසුගිය සති දෙක තුළ එය බරපතල ලෙස 65% දක්වා පහත බැස තිබේ.

කොරෝනා වසංගතය දරුණුවටම බලපෑ රැකියා ක්ෂේත්‍ර
කොරෝනා වසංගතය දරුණුවටම බලපෑ රැකියා ක්ෂේත්‍ර අතරින් ක්‍රීඩා, කලා සහ ප්‍රචාරක හා ජන මාධ්‍ය ප්‍රමුඛ තැනක් ගනී.
එමෙන්ම Hospitality සහ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍ර වලටද මෙම අර්බුදය බරපතල ලෙස බලපා තිබේ.
කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර වල රැකියා කඩා වැටීමේ ප්‍රතිශත පහත පරිදි වේ.

තවමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා
කොරෝනා වසංගතය හමුවේ වුවද ඔස්ට්‍රේලියාවේ පහත රැකියා සඳහා තවමත් ඉහළ ඉල්ලුමක් පවතින බව SEEK වෙබ් අඩවිය පෙන්වා දෙයි.
Healthcare
හෙදියන්, වැඩිහිටි සුරැකුම් සේවා වල සේවකයින්, සාමාන්‍ය සෞඛ්‍ය සේවකයින්, මනෝ චිකිත්සකයින්, සමාජ සේවකයින් මේ අතර ප්‍රධාන වේ.
Retail
ආහාර පාන සහ අනෙකුත් ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ සැපයීමේ සේවා වල යෙදී සිටින shelf stackers, භාණ්ඩ බෙදා හරින රියදුරන්, supply chain කළමණාකරුවන්, ගබඩා පාලකවරුන් මේ අතර ප්‍රධාන තැනක් ගනී.
Manufacturing
ආහාර පාන සහ අනෙකුත් ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන ඇතැම් කර්මාන්ත ශාලා සඳහා මේ දිනවල අමතර සේවකයින්ව බඳවා ගනු ලබයි.
Digital specialists
Software developers සහ සයිබර් ආරක්ෂණ විශේෂඥයින් සඳහා මේ දිනවල වැඩි ඉල්ලුමක් ඇති බව වාර්තා වේ.
Family support
පාසල් නිවාඩු දී ඇති නිසා තම දරුවන්ව නිවසේදීම බලා ගැනීමට නැනීවරුන් සහ නිවසේදීම ඉගැන්වීමට ටියුටර්ස් ලා සඳහා ද මේ දිනවල හොඳ ඉල්ලුමක් පවතී.
Customer support
දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන වල දුරකථන ක්‍රියාකරුවන් ට සහ පාරිභෝගික සහයකයින් ට ද මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතියි.
Mining and resources
මෙම ක්ෂේත්‍ර වල ට්‍රක් රියදුරන්, යන්ත්‍ර ක්‍රියාකරුවන් මෙන්ම diesel fitters සහ auto electricians යන තනතුරු සඳහාද ඉහළ ඉල්ලුමක් ඇත.

