උපාධි උත්සවයක්, දරු උපතක්, ඕස්ට්‍රේලියාවේ සංචාරයක්; මේ ඔබේ දෙමව්පියන්ගේ ඕස්ට්‍රේලියානු ගමන ගැන ඔබ දකින සිහින අතරින් කිහිපයක්. සතුටින් පිරි කාලයක් උදෙසා වීසා 600 කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක් අත්‍යවශ්‍ය ද? සිය දියණියගේ දරු උපතට පැමිණි පියෙකු අනපේක්ෂිත හෘදයාබාධයකට ලක් වනවා. මාමණ්ඩියගේ රෝහල්ගත කිරීම සහ ඉන් පසු මුහුණ දීමට සිදු වූ තත්ත්වය පිළිබඳ අත්දැකීම මෙලෙස අප සමඟ බෙදාගත්තේ පර්ත් නුවර වජිර ජයවර්ධන.

මෙය පෞද්ගලික ජීවන අත්දැකීමකි. විශේෂඥ සහාය සඳහා අදාළ වෘත්තිකයන් වෙත ගොස් උපදෙස් අනුගමනය කරන මෙන් කාරුණිකව මතක් කරමු.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






