ඔස්ට්‍රේලියාව, ජූලි අධ්‍යන වාරයේ ලාංකික ශිෂ්‍ය වීසා අයදුම්පත් විශාල ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කරයි, හේතුව මෙන්න

Australia rejected a large number of Sri Lankan student visa applications in the July intake, Here is the reason

Australia rejected a large number of Sri Lankan student visa applications in the July intake, Here is the reason Source: iStockphoto

2023 පෙබරවාරි මාසයෙන් ආරම්භ වුණු විශ්ව විද්‍යාල අධ්‍යන වාරය සමග සංසන්දනය කිරීමේදී මෙම ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම සැලකිය යුතු ලෙස ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇතැයි සිඩ්නි නුවර ලියාපදිංචි අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර මහත්මිය, SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.


2023 ජූලි මාසයෙන් ආරම්භ වුණු විශ්ව විද්‍යාල අධ්‍යන වාරය සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සිසුන් යොමු කළ නව ශිෂ්‍ය වීසා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී තිබේ.

2023 පෙබරවාරි මාසයෙන් ආරම්භ වුණු විශ්ව විද්‍යාල අධ්‍යන වාරය සමග සංසන්දනය කිරීමේදී මෙම ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම සැලකිය යුතු ලෙස ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇතැයි සිඩ්නි නුවර ලියාපදිංචි අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර මහත්මිය, SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

විශේෂයෙන් එහිදී ජුනි මස අග භාගයේදී යොමු කළ ශිෂ්‍ය වීසා අයදුම්පත් වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව පලිහක්කාර මහත්මිය ප්‍රකාශ කළාය.

මේ හේතුව නිසාම නිවැරදි අන්දමින් සැලසුම් කර තමන්ගේ ශිෂ්‍ය වීසා අයදුම්පත්‍රය යොමු කළ යුතු බව ඇය ජාත්‍යන්තර සිසුන්ට සිහිපත් කළාය.

තමන් තෝරාගත් පාඨ මාලාව කෙතරම් දුරට තමන්ගේ අනාගතයට වටිනවාද සහ එය අනාගතයේදී තමන් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ අදාළ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන් හරි හැටි පැහැදිලි කර නැති බවට අදාළ වීසා බලධාරීන් දන්වා ඇති බව එම ප්‍රතික්ෂේප වී ඇති ශිෂ්‍ය වීසා අයදුම්පත් දෙස අවධානය යොමු කළ විට බොහෝ විට පෙනෙන බව ද පලිහක්කාර මහත්මිය, SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

Genuine Temporary Entrant (GTE) ප්‍රකාශය

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පතේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියාවට ඔබේ පැමිණීම අව්‍යාජ එකක් බවට තහවුරු කිරීම සඳහා ඔබ සහ ඔබේ අරමුණු පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයක් යොමු කළ යුතුවේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙය Genuine Temporary Entrant හෙවත් GTE ප්‍රකාශය ලෙස හැඳින්වේ.

එමෙන්ම මෙය Statement of Purpose හෙවත් SOP ලෙසද හඳුන්වයි.

මෙම ප්‍රකාශය ඔබගේ ශිෂ්‍ය වීසා අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු අතර එයින් පහත කරුණු පැහැදිලි කළ යුතුය:

  • ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඉගෙනීමට මිස වෙනත් හේතුවක් නිසා නොවන බව
  • ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නේ ඔබගේ වීසා බලපත්‍රයේ අවසර දී ඇති කාලය සඳහා පමණක් බව


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now