ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 02 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඔස්ට්‍රේලියානු සැලසුම අගමැති මොරිසන් ලෝක දේශගුණික සමුළුවේදී හෙළිකරයි.
- ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු ශ්‍රමිකයින්ද නුදුරේදීම ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවෙතැයි ඔස්ට්‍රේලියාවේ සංචාරක හා ප්‍රවාහන සංසදය අපේක්ෂා කරයි.
- ISIS ප්‍රබලයෙකු සමග සබඳතා පවත්වන ලාංකිකයින් 702 ක් පිළිබඳ විමර්ශන ඇරඹේ.
- ලොව සැබෑ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල සංඛ්‍යාලේඛනවලට වඩා දෙතුන් ගුණයකින් වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
- ශ්‍රී ලංකාවේ 20-20 ක්‍රිකට් ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටෙයි.
Share






