මීට වසර 24කට පෙර පැවැත්වුණු ඔස්ට්‍රේලියාවේ අවසන් ජනමත විචාරණයේ මුල, මැද, අග සියලු විස්තරේ මෙන්න

REFERENDUM EXPLAINER HEADER.png

Australia's last referendum was 24 years ago, here's how it went down

ඔස්ට්‍රේලියාව අවසන් වරට ජනමත විචාරණයක් පැවැත් වූයේ 1999 වසරේ වූ අතර එවකට අගමැතිව සිටියේ John Howard ය.


ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දීම පිණිස පැවැත්වෙන Voice To Parliament ජනමත විචාරණය එළඹෙන ඔක්තෝබර් 14 වන දින පැවැත්වීමට දැන් තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාව අවසන් වරට ජනමත විචාරණයක් පැවැත් වූයේ 1999 වසරේ වූ අතර එවකට අගමැතිව සිටියේ John Howard ය.

එම ජනමත විචාරණයේ ප්‍රශ්න දෙකක් තිබුණි, නමුත් එය සම්මත වීමට තරම් Yes ඡන්ද ප්‍රමාණවත් තරම් ලබා ගැනීමට එම ප්‍රශ්න දෙකම අසමත් විය.

"ඔස්ට්‍රේලියාව ජනරජයක් ලෙස පත් කළ යුතුද සහ ඔස්ට්‍රේලියාවේ නිසි බලධාරියා වන බ්‍රිතාන්‍ය රැජිණ සහ ප්‍රධාන ආණ්ඩුකාරවරයා වෙනුවට ජනාධිපතිවරයෙකු පත් කළ යුතුද" යන්න එක් ප්‍රශ්නයක් විය.

"පෙරවදනක් ඇතුළත් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද" යන්න දෙවැනි ප්‍රශ්නය විය.

1999 දී පැවති ජනමත විචාරණය සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් සංඛ්‍යාව 12,392,040 ක් වූ අතර මෙවර එය මිලියන 17.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1999 ජනමත විචාරණයේදී මතුවූ ප්‍රධාන තර්ක මොනවාද?

එවකට ඔස්ට්‍රේලියානු ජනරජ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ Malcolm Turnbull විසිනි, පසුව ඔහු ලිබරල් සන්ධානය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයෙකු විය.

ඔහු ජනරජය "ප්‍රතිපත්තිමය සහ ජාතික අභිමානය පිළිබඳ සෘජු ප්‍රශ්නයක්" යැයි තර්ක කළ අතර "අපගේ ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකු විය යුතුය" යන වාක්‍ය ඛණ්ඩය භාවිතා කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
රාජ්‍ය නායකයෙකු තෝරා පත් කර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තර පැවති අතර, එය Yes ඡන්දය පහත වැටීමට හේතු වූ බව ඇතැම් විශ්ලේෂකයින් පවසති.

ජනරජය සඳහා වූ Yes ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට බොහෝ ඉහළ පෙළේ ඔස්ට්‍රේලියානුවන්ගේ සහය ලැබුණු අතර එය ප්‍රභූ ව්‍යාපාරයක් බව තර්ක කිරීමට No ඡන්ද පාර්ශවයට මඟ පෑදුනි.

හිටපු අගමැතිවරුන් වන Gough Whitlam, Bob Hawke සහ Malcolm Fraser එය පිටුපසින් සිට ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු විය යුතු බවට තර්ක කළහ.

Yes ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය කියා සිටියේ එය රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කරන බවත් පාලනයට පරිණතභාවයක් ගෙන එන බවත්ය.
ජනරජයක් සඳහා ඉල්ලීම් කළ අයට විශේෂයෙන් අගමැති Howard විසින් ලියන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පූර්විකාව සම්මත කර ගැනීමට අවශ්‍ය නොවීය.

No ව්‍යාපාරය යනු රාජකීය පවුලට, විශේෂයෙන් දෙවැනි එලිසබෙත් රැජිනට සහ ප්‍රභූවරුන්ට එරෙහිව හඹා ගිය රාජාණ්ඩුවාදීන්ගේ මිශ්‍රණයකි.

ජනරජයක් සඳහා යෝජනා කර ඇති රාමුව සෑහීමකට පත් නොවන බව සිතූ බොහෝ අය ද No ලෙස ඡන්දය දුන් අතර, එම යෝජනාව සැලකිය යුතු කිසිවක් වෙනස් නොකරනු ඇතැයි තර්ක කළ අය ද No ලෙස ඡන්දය දුන්හ.

යෝජිත ක්‍රමය "දේශපාලකයාගේ ජනරජයක්" නිර්මානය කරන බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් නිල වශෙයන් ක්‍රියාත්මක වූ No ව්‍යාපාරය තර්ක කළේය.

යෝජිත ආකෘතිය යටතේ ඔස්ට්‍රේලියාවට යහපතක් නොවන නිසාත් වර්තමාන ක්‍රමයට අතිවිශාල ප්‍රතිලාභ ඇති නිසාත් තමා No යනුවෙන් ඡන්දය දෙන බව අගමැති Howard පැවසීය.
A man holding a yellow banner with green text that reads: Vote Yes for our republic
Australian Republican Movement chief Malcolm Turnbull shows off the yes vote balloons on the day of the 1999 referendum. Source: AAP / Rob Griffith

1999 ජනමත විචාරණයේ ප්‍රතිඵල

කිසිම ප්‍රාන්තයක Yes ඡන්දය සඳහා බහුතරයක් තිබුණේ නැත.

ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයේ එක් අවස්ථාවක වික්ටෝරියා ප්‍රාන්තය Yes ඡන්දවලින් බහුතරයකට ළඟා වනු ඇති බවක් පෙනුනද ගණන් කිරීම අවසන් වූ පසු, No ඡන්ද වැඩි බව අනාවරණය විය.

ඔස්ට්‍රේලියාව ජනරජයක් කළ යුතුය යන ප්‍රශ්නය සඳහා Yes ඡන්දය ක්වීන්ස්ලන්තයේ 37% ක් වූ අතර වික්ටෝරියාහි ප්‍රාන්තයේ 49.8% ක් විය.
ව්‍යවස්ථා පෙරවදන සඳහා ක්වීන්ස්ලන්තයේ 32.8% ක්ද වික්ටෝරියා ප්‍රාන්තයේ 42.5% ක් ද Yes ඡන්ද හිමිවිය.

සමස්තයක් වශයෙන්, 54.9% ක් ජනරජයක් කිරීම එපා යැයි ඡන්දය දුන් අතර, පෙරවදන සඳහා 60.7% ක් No ලෙස ඡන්දය දුන්හ.

ඔස්ට්‍රේලියාව ජනරජයක් කළ යුතුය යන ප්‍රශ්නය සඳහා Yes ඡන්දය බහුල වශයෙන් පැමිණියේ අභ්‍යන්තර නාගරික ප්‍රදේශවලිනි.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මීට වසර 24කට පෙර පැවැත්වුණු ඔස්ට්‍රේලියාවේ අවසන් ජනමත විචාරණයේ මුල, මැද, අග සියලු විස්තරේ මෙන්න | SBS Sinhala