ඔස්ට්‍රේලියාවේ ඕනෑම Course එකක් කෙරුවොත් 485 වීසාවල post-study work කාලය දීර්ග කරගන්න පුළුවන්ද?

The government's measure to cap the Commonwealth Grant Scheme to 2017 levels will take effect in the new year and apply to all bachelor degrees.

Australia's Post-study work rights extension: How to do this? Source: AAP

මෙම වීසා දීර්ග කිරීම ලැබෙන පාඨමාලා දළ වශයෙන් 3500 ක් පමණ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.


ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය තවත් දීර්ග කිරීමට සුදුසුකම් ලබා ඇති සියලුම තෝරාගත් උපාධි පාඨමාලාවල සම්පූර්ණ ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින ශ්‍රම හිඟයට ජාත්‍යන්තර සිසුන්ගෙන් දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් මධ්‍යම රජය මෙම පියවර ගෙන තිබේ. 

485 වීසා සඳහා post-study work කාලය දීර්ඝ කිරීම

Temporary Graduate වීසා හෙවත් 485 වීසා ඛාණ්ඩයේ Post-Study Work Stream යටතේ වීසා කාලය තවත් දීර්ග වන්නේ පහත ආකාරයටය:

සාමාන්‍ය උපාධිධාරීන් සඳහා වසර හතරක කාලයක්, එනම් වැඩිපුර වසර දෙකක දීර්ග කිරීමක් ලැබේ;

Master හෙවත් ශාස්ත්‍රපති උපාධිධාරීන් සඳහා වසර පහක කාලයක්, එනම් වැඩිපුර වසර තුනක දීර්ග කිරීමක් ලැබේ;

ආචාර්ය උපාධිධාරීන් සඳහා වසර හයක කාලයක්, එනම් වැඩිපුර වසර හතරක දීර්ග කිරීමක් ලැබේ.

මෙම දීර්ග කිරීම් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ඉගෙනුම ලබන, ජීවත්වන සහ සේවය කරන සුදුසුකම් ලත් ජාත්‍යන්තර සිසුන් සඳහා දැනට පවතින අමතර වසර එකේ සිට දෙක දක්වා සේවා කාලයට අමතරව වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම දීර්ග කිරීම ලැබෙන උපාධි පාඨමාලා මොනවද?

මෙම වීසා දීර්ග කිරීම ලැබෙන පාඨමාලා දළ වශයෙන් 3500 ක් පමණ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

එම පාඨමාලා මූලික ඛාණ්ඩ 9 ක් යටතේ ලැයිස්තුගත කර තිබෙන බවත් ඔහු පැවසීය.

ඕනෑම උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කළ විට මෙම වීසා දීර්ග කිරීම ලබාගත නොහැකි බවද නීතිඥ සමරසිංහ මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now