Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ කුලියට නිවසක් සොයා ගැනීම එන්න එන්නම දුෂ්කර වෙයි, ප්‍රධාන නගරවල නවතම තොරතුරු මෙන්න

Signage for a real estate property

Australia's rental vacancy rate just hit a new record low and it could get worse Source: AAP

වසරකට වැඩි කාලයක් තුළ කුලී නිවාසවල විශාලතම මාසික පහත වැටීම අත්විඳීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතය 1.1% බවට පත්වී ඇති බව PropTrack හි නවතම වාර්තාව හෙළි කළේය.


ලබා ගත හැකි කුලී නිවාස සංඛ්‍යාව ඉතිහාසයේ අවම මට්ටමට අඩුවීගෙන යන බැවින් ඔස්ට්‍රේලියානුවාසීහු දැඩි නිවාස අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

වසරකට වැඩි කාලයක් තුළ කුලී නිවාසවල විශාලතම මාසික පහත වැටීම අත්විඳීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතය 1.1% බවට පත්වී ඇති බව PropTrack හි නවතම වාර්තාව හෙළි කළේය.

COVID-19 වසංගතයේ ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාව පුරා පවතින කුලී දේපල සංඛ්‍යාව අඩකින් අඩු විය.

නුදුරු අනාගතයේ දී මේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි සිතිය නොහැකි බව ආර්ථික විද්‍යාඥවරියක් සහ මෙම වාර්තාවේ කතුවරිය වන Anne Flaherty පවසයි.

මේ මොහොතේ කුලී නිවැසියන් සඳහා පවතින තත්ත්වය ඇත්තෙන්ම දුෂ්කර බවත් ජනගහනය වැඩි වෙමින් පැවතීම මධ්‍යයේ නව නිවාස සැපයීම මන්දගාමී වීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඇය පෙන්වා දෙයි.

ප්‍රධාන නගරවල කුලී නිවාස පුරප්පාඩු වීමේ තත්ත්වය

බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත් යන ප්‍රධාන නගර තුනෙහි කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතය 1% කට වඩා අඩුය.

සිඩ්නි නුවර කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතය 0.19% කින් 1.1% දක්වා පහත වැටුනි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

එමෙන්ම මෙල්බර්න් නුවර එම අගය 0.1% පහත වැටීමෙන් පසු 1.19% ක් ලෙස වාර්තා විය.

කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතය 0.26% කින් පහත වැටුණද ඔස්ට්‍රේලියාවේ ඉහළම කුලී නිවාස පුරප්පාඩු වීමේ අනුපාතය ඇත්තේ කැන්බරා නුවරය, එය 1.72% කි.

ලබා ගත හැකි කුලී නිවාස සංඛ්‍යාව වැඩි වූ එකම ප්‍රධාන නගරය ඩාවින් වන අතර එය 0.17% කින් 1.7% දක්වා ඉහළ ගියේය.

කුලී නිවාස අඩු සැපයුමක් ඇති කරන සාධක

කුලී නිවාස අඩු සැපයුමක් ඇති කරන එක් සාධකයක් වන්නේ පවුලේ කුඩා බවය.

කොවිඩ් වසංගතය අතරතුර, සෑම වාසස්ථානයකම ජීවත් වන පුද්ගලයින් අඩු වූ අතර සාමාන්‍ය පවුලක ප්‍රමාණය හැකිලී ගියේය.

මෙය අමතර නිවාස 200,000 ක් සඳහා ඉල්ලුමක් ඇති කළේය.

කෙසේ වෙතත්, මෙම ප්‍රවණතාවය ආපසු හැරවීමට පටන් ගෙන ඇති අතර ඉදිරි වසර තුළ එය නොකඩවා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර සීමිත කුලී නිවාස සැපයුම නිසා නිවාස කුලිය වැඩිවීම දිගටම සිදුවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

බොහෝ ඔස්ට්‍රේලියානුවන් දැන් තම ජීවිතයේ ජීවන වියදම් අරගලයකට මුහුණ දෙමින් සිටින අතරේ නිවාස සඳහා ඔවුන්ගේ නිර්දේශිත ආදායමෙන් තුනෙන් එකකට වඩා වියදම් කරති.

කුලී නිවාස හිමියන් ද වැඩි වැඩියෙන් තම නිවාස, කුලී වෙළඳපොලෙන් ඉවත් කරගන්නේ ඒ හා සම්බන්ධ පිරිවැය වැඩි වී ඇති බැවිනි.

ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් තුනෙන් එකක් කුලී නිවැසියන් වන අතර නව ඔස්ට්‍රේලියානුවාසීන් ද කුලී නිවැසියන් වීමට වැඩි ඉඩක් ඇති බව ආර්ථික විද්‍යාඥ Anne Flaherty පවසයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now