Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ IT, ඉංජිනේරු වැනි අංශවල වෘත්තීමය සේවකයෝ අතිකාල දීමනා සහ penalty rates වලට සුදුසුකම් ලබති

AAP

Source: AAP

සැප්තැම්බර් 16 සිට එවැනි සේවකයෝ සතියකට පැය 38කට වඩා රාජකාරී කළහොත් අතිකාල දීමනා ලැබීම සඳහා සුදුසුකම් ලබති.


2023 සැප්තැම්බර් 16 දිනට පසු ආරම්භ වූ පළමු වැටුප් කාල සීමාවේ සිට ඔස්ට්‍රේලියාවේ Professional Employees වැටුප් ඛාණ්ඩයේ සිටින සේවකයන්ට අතිකාල දීමනා හිමි වේ.

ඒ අනුව Professional Employees වැටුප් ඛාණ්ඩයෙන් ආවරණය වන Professional employees හෙවත් ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, වෛද්‍ය පර්යේෂකයන්, තොරතුරු තාක්‍ෂණය, විදුලි සංදේශ සේවා වැනි වෘත්තීමය අංශවල යෙදී සිටින වෘත්තීමය සේවකයින් හට මෙම සංශෝධනය බලපායි.

වෘත්තීමය සේවකයින්ට අතිකාල දීමනා

එවැනි වෘත්තීමය සේවකයින් තම නියමිත සේවා පැය ගන්නට ඔබ්බෙන් රාජකාරී කළද මෙතෙක් කිසිදු අතිකාල ගෙවීමක් හෝ penalty ගෙවීමක් හෝ සඳහා හිම්කම් කීවේ නැත.

නමුත් සැප්තැම්බර් 16 සිට එවැනි සේවකයෝ සතියකට පැය 38කට වඩා රාජකාරී කළහොත් අතිකාල දීමනා ලැබීම සඳහා සුදුසුකම් ලබති.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

රාජකාරී කිරීමට ඇති අමතර පැය ගණන සාධාරණ නම්, සේවා යෝජකයෙකුට අතිකාල වැඩ කරන ලෙස සේවකයෙකුගෙන් ඉල්ලා සිටීමටද හැකිය.

ඉලෙක්ට්‍රොනික උපාංගයකින් (දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකයක් වැනි) සිදු කරන ඕනෑම අමතර ඇමතුම් ගැනීමක් හෝ දුරස්ථව සිදුකරන රාජකාරියක් සඳහා සේවා යෝජකයන් සේවකයකුට අතිකාල ගෙවීමට අවශ්‍ය වේ.

අතිකාල රාජකාරී සඳහා සේවකයින්ට ඔවුන්ගේ අවම hourly rate හෙවත් පැයේ ගාස්තුවලින් ගෙවිය යුතුය.

Penalty rates බලපාන අවස්ථා වලදී සේවකයින් අතිකාල රාජකාරී කරන්නේ නම්, ඔවුන්ට Penalty rates වලට අදාළ ඉහළ ගාස්තු ලබා ගැනීම සඳහා හිමිකම් ඇත.

අතිකාල දීමනා වෙනුවට සේවකයෙකු හට එම කාලයේ නිවාඩුවක් ගැනීමට අවශ්‍ය නම් සේවා යෝජකයින්ට සහ සේවකයින්ට ඒ සඳහා සාකච්ඡා කර එකඟ විය හැකිය.

Penalty ගෙවීම්

සුදුසුකම් ලත් සේවකයින්ට දැන් පහත Penalty ගෙවීම් සඳහා හිමිකම් ඇත.

අදාළ Penalty ගෙවීම් අදාළ සේවකයින්ගේ වැටුප් ඛාණ්ඩය යටතේ ඔවුන්ගේ අවම පැයක ගෙවීම පදනම් කරගනිමින් ගණනය කෙරේ.

Penalty Rates.PNG

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now