Key Points
- ණය දෙන්නා, ණය වර්ගය සහ ඔබේ තත්වයන් අනුව,පොලී අනුපාත සහ ගාස්තු වෙනස් වේ
- ඔබට වගකීමෙන් ණයක් කළමනාකරණය කළ හැකිද යන්න ඔබේ credit score එක පෙන්නුම් කරයි
- ණය දෙන්නන් ඔබේ Australian credit history එක පිළිබඳව සැලකිලිමත් වේ
පුද්ගලික ණයක් ඔස්සේ ඔබට යම් මුදලක් ණයට ගැනීමට ඉඩ සලසයි, එය ඔබට කාලයත් සමඟ පොලී සමඟ ආපසු ගෙවීමට හැකියාව පවතී.
සාමාන්‍යයෙන් මෝටර් රථයක් මිලදී ගැනීමට, නිවාඩුවක් ගතකිරීමට යාමට, විවාහ මංගල්‍යයක් හෝ ණය තහවුරු කිරීමක් වැනි විශේෂිත දෙයක් සඳහා පුද්ගලික ණයක් ලබාගැනීමට බොහෝ පිරිසක් කටයුතු කරයි.
ASIC හි Moneysmart කණ්ඩායමේ Andrew Dadswell පවසන්නේ, ඔබට නියමිත කාල සීමාවක් තුළ ඔබේ වියදම් ව්‍යාප්ත කිරීමට හැකි වීම සහ එය ඔබට අයවැය සැකසීමට සහ ඔබේ මුදල් කළමනාකරණය කිරීමට උපකාරී වීම පුද්ගලික ණයක සැබෑ වාසිය වන බවයි.
කෙසේ නමුත් පුද්ගලික නය වල තිබෙන පොලී අය කිරීම අවාසියක් වන බවත් Andrew කියා සිටී.
සාමාන්‍ය ණය ගැනීමේ පරාසය ඩොලර් 2,000 සිට ඩොලර් 100,000 දක්වා වන අතර ආපසු ගෙවීමේ කාලය වසර 02 සිට 07 දක්වා විහිදේ.
ඔබ පුද්ගලික ණයක් සඳහා සුදුසුකම් ලබනවාද?
පුද්ගලික ණයක් සඳහා අයදුම් කිරීමට, ඔබ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුය.
තාවකාලික වීසා දරන්නෙකු ලෙස, ඔබට පුද්ගලික ණයක් ලබා ගැනීමට හැකි වන අවස්ථා තිබෙන නමුත් සපුරාලියයුතු අමතර අවශ්‍යතා පවතින බව Andrew පවසයි.
ණය ලබා දෙන්නන් ඔබේ Australian credit history එක පිළිබඳව උනන්දු වේ. ඔවුන් ඔබේ රැකියා විස්තර, අනන්‍යතා සාක්ෂි සහ ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළුව ඔබට ඇති වත්කම් සහ ණය මොනවාදැයි විමසීම සිදු කරයි.
ඔවුන් ඔබේ credit score එක පිළිබඳවත් අවධානය යොමු කරන බව ASIC හි Moneysmart කණ්ඩායමේ Andrew කියා සිටී.

credit score යනු කුමක්ද?
මෙය ඔබගේ ඕස්ට්‍රේලියාව තුල ණය ඉතිහාසයේ සාක්ෂි වන බව Finder හි පුද්ගලික මූල්‍ය විශේෂඥයෙකු වන Amy Bradney-George පවසයි.
ඔබේ ණය ලකුණු සාමාන්‍යයෙන් 0 සහ 1000 අතර සංඛ්‍යාවක් වන අතර, එය ණය දෙන්නන්ට වගකීමෙන් ණය කළමනාකරණය කිරීමේ හැකියාව සඳහා වන මිණුම් ලකුණක් වේ.
මෙහිදී අඩු credit score එකක් තිබීම ණය දෙන්නන් සඳහා වැඩි අවදානමක් ඇතිකිරීම හේතුවෙන් ඔවුන් පොලී අනුපාතය ඉහල දැමීම සිදු කරයි.
Amy පවසන්නේ ඔබ මින් පෙර ඔස්ට්‍රේලියාවේදී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පවතින හෝ වෙනත් ණය ආපසු ගෙවීම මග හැර ඇත්නම් ඔබේ credit score එක පහත වැටෙන බවයි.
ණය ලබාදෙන්නන් කිහිප දෙනකුට එකවර අයදුම් කිරීමත් ඔබ මූල්‍ය ආතතියට ලක්ව සිටින බව ඇඟවුම් කරන අතර එයද ඔබේ credit score එක පහත දමයි.

ඕස්ට්‍රේලියාවේ තිබෙන පුද්ගලික ණය වර්ග මොනවාද?
ණය දෙන්නන්, ඔවුන්ගේ පොලී අනුපාත, ගාස්තු, අවශ්‍යතා සහ ණය කොන්දේසි පිළිබඳව පර්යේෂණ කිරීමෙන් අනතුරුව ඔබ නය ලබාගැනීමකට යාම වඩාත් යෝග්‍ය වේ.
Moneysmart වෙබ් අඩවිය පුද්ගලික ණය ගණනය කිරීම සිදු කරයි.
බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන තරඟකාරී පොලී අනුපාත සහිත පුද්ගලික ණය පරාසයක් ඔස්ට්‍රේලියාව තුල පිරිනමයි.
Heritage and People's Choice හි Paul Farmer පවසන්නේ ණය ගැනුම්කරුට ණය ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා බැංකු සහ සෙසු ණය ලබාදෙන්නන් ණය දීමේ රෙගුලාසිවලට බැඳී සිටින බවයි.
බැංකු නොවන ණය දෙන්නන් පුද්ගලික ණය ලබා දෙන අතර සාමාන්‍යයෙන් ඔවුන්ගේ ණය තක්සේරු අවශ්‍යතා බැංකුවලට වඩා ලිහිල් වේ.
කෙසේ නමුත්, මෙම ණය සඳහා ඉහළ පොලී අනුපාත හෝ ගාස්තු ගෙවීමට බොහෝ විට සිදු වේ.
ඔබ පුද්ගලික ණයක් ගැනීමට අපේක්ෂා කරන්නේ නම් අවධානය යොමු කල යුතු ප්‍රධාන ආකාර දෙකක් තිබේන අතර ඒවා සුරක්ෂිත සහ අනාරක්ෂිත ණය වශයෙන් හැඳින්වේ:
- Secured loans හෙවත් සුරක්ෂිත ණය: මෝටර් රථ වැනි විශාල වත්කම් මිලදී ගැනීම සඳහා සුරක්ෂිත ණය භාවිතා කරයි.ඔබට ණය බැඳීම් සපුරාලිය නොහැකි නම්, ඔවුන්ට තිබෙන ඕනෑම අවදානමක් අවම කර ගැනීමට ණය දෙන්නා ඔබේ වත්කම් ඇපකරයක් ලෙස භාවිතා කරයි.ඔබ ඔබේ ණය ආපසු ගෙවීම් නොකරන්නේ නම්, ඔවුන්ට ඔබේ වත්කම් පවරාගැනීම සිදු කරයි.සුරක්ෂිත ණය සඳහා සාමාන්‍යයෙන් ස්ථාවර පොලී අනුපාත පවතී.
- Unsecured loans හෙවත් අනාරක්ෂිත ණය: අනාරක්ෂිත ණය සඳහා ඇපයක් ලෙස වත්කමක් අවශ්‍ය නොවේ, එබැවින් පොලී අනුපාත ඉහල අගයක් ගනී.ණය දෙන්නා ඔබට ණයට ගත හැකි මුදල සීමා කරන අතර ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් $2,000 සිට $20,000 දක්වා වේ.
ණයක් සඳහා අයදුම් කිරීම
ඔබට ණය ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි බවට විශ්වාස නම්, ඔබට සාමාන්‍යයෙන් ඔබ කැමති ණය දෙන්නාට online ඔස්සේ අයදුම් කර ඔබේ ලියකියවිලි යොමුකළ හැක.
කෙසේ නමුත් අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට සිදු වේ.
ඔබගේ අයදුම්පත තක්සේරු කිරීමේදී ණය ලබා දෙන්නා, ඔබගේ ආදායම ණය ආපසු ගෙවීම් ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව තීරණය කළ හැකි බව Amy කියා සිටී.
ඔබ අස්ථාවර රැකියාවක යෙදී සිටින්නේ නම් හෝ ඔබ දිගු කලක් ඔබේ රැකියාවේ නොසිටියේ නම් එම සාධක ඔබේ ණය අයදුම්පතට එරෙහිව බලපෑ හැක.

ඔබට ණය ආපසු ගෙවීම කළමනාකරණය කළ නොහැකි නම් කුමක් කළ යුතුද?
ඔබ ණය ආපසු ගෙවීමට ප්‍රමාද වුයේ නම් සාමාන්‍යයෙන් අමතර ගාස්තු අය කෙරේ.
ඔබගේ මූල්‍ය තත්වයන් වෙනස් වී ඔබ දුෂ්කර තත්වයකට පත්වුවහොත්, ඔබේ ණය දෙන්නා සමඟ මූල්‍ය දුෂ්කරතා සඳහා වන විකල්ප සාකච්ඡා කිරීම වැදගත් වේ.
1800 007 007 ඔස්සේ ජාතික ණය උපකාරක සේවාව හරහා නොමිලේ මූල්‍ය උපදේශකයෙකු සම්බන්ධ කර ගත හැක.
ඔබට පරිවර්තන සේවාද ලබාගත හැක.
වංචා ගැන විමසිලිමත් වන්න
පුද්ගලික ණයක් සම්බන්ධයෙන් ඔබව යමකු සම්බන්ධ කර ගන්නේ නම්, එම සමාගම පිළිබඳව සහ ඔබ ගනුදෙනු කරන පුද්ගලයා පිලිබඳ පරීක්ෂා කිරීම වැදගත් වන බව Moneysmart හි Andrew Dadswell පවසයි.
අනතුරුව කිසිවකට එකඟ නොවන ලෙසත් සැකයක් පවතීනම්, උපකාර ඉල්ලා සිටින ලෙසත් Andrew කියා සිටී.
Moneysmart ඔබට, වංචා හඳුනා ගැනීමට උපකාර කරන අතර ඔබ වංචාසහගත ක්‍රියාවකට ඉලක්ක වී ඇත්නම් උපදෙස් දීම සිදු කරයි.





