අලුත උපන් දරුවන් සිටින දෙමව්පියන්ට ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දෙන දීමනා ගැන දැනුවත් වෙන්න

Smiling young parents with their baby girl at home

Smiling young parents with their baby girl at home Credit: StefaNikolic/Getty Images

දරුවෙකු ඉපදීමට කලින් කරන ගෙවීම් සහ අලුත උපන් දරුවන් සදහා වන ගෙවීම් අතිරේකය යනු කුමක්ද? මෑතකදී ඔබ දරුවෙකුට උපත ලබා දීම හෝ දරුවෙකු රැකබලා ගැනීම ආරම්භ කරන විට ඔබේ පවුල් බදු ප්‍රතිලාභ A කොටස හෙවත් Family Tax Benefit Part A ගෙවීම සඳහා එකවර වැඩි මුදලක් ඔබට ලැබෙනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.
ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

ඔබ දරුවෙකුට උපත ලබා දීම හෝ දරුවෙකු රැකබලා ගැනීම ආරම්භ කරන විට ඔබේ පවුල් බදු ප්‍රතිලාභ A කොටස හෙවත් Family Tax Benefit Part A ගෙවීම සඳහා එකවර වැඩි මුදලක් ඔබට ලැබෙනවා.

මෙම ගෙවීම ලබා ගැනීම සඳහා ඔබ
• මෑතකදී ඔබට දරුවෙකු ලැබීම
• පවුල් බදු ප්‍රතිලාභ A කොටස හෙවත් Family Tax Benefit Part A සඳහා සුදුසුකම් ලද අයෙකු වීම
• මෙම ගෙවීම ලබාගැනීම සදහා වන දරුවා වෙනුවෙන් ඔබ එවන විටත් දෙමාපිය නිවාඩු දීමනා ගෙවීම parental leave payment අයදුම් කොට නොතිබීම යන කරුණු බලපානවා

මෙම ගෙවීම සදහා ඔබ සුදුසුකම් නොලබන අවස්ථා
• ඔබේ සහකරු දැනටමත් අලුත උපන් දරුවා වෙනුවෙන් මෙම ගෙවීම් ලබා ගෙන තිබීම
• මෙම ගෙවීම ලබාගැනීම සදහා වන දරුවා වෙනුවෙන් ඔබ එවන විටත් දෙමාපිය නිවාඩු දීමනා ගෙවීම parental leave payment අයදුම් කොට නොතිබීම

ඕස්ට්‍රේලියාවේ දරුවන් පෝෂණය කිරීම හෝ දරුකමට හදා ගැනීමේ ආයතන වැනි අනුමත සත්කාර සංවිධාන දරුවන් සඳහා නේවාසික සත්කාර සපයනවා. නමුත් ඔවුන් මෙම ගෙවීම් සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ .

ඔබට කොපමණ ප්‍රමාණයක ගෙවීමක් ලබා ගත හැකිද?
ඔබට ලැබෙන මුදල ඔබේ පවුලේ ආදායම සහ ඔබට දරුවන් කී දෙනෙක් සිටීද යන්න මත රඳා පවතීනවා
මෙය කොටස් දෙකකට වෙන් කල හැකියි
1. දරුවෙක් ඉපදීමට කලින් කරන ගෙවීම් දීමනාව
මෙය එක් දරුවෙකුට ඩොලර් 667 ක එකවර ගෙවීමකි. එය බදු වලින් නිදහස් වනවා .
2. අලුත උපන් දරුවන් සදහා වන ගෙවීම් අතිරේකය
මෙය සති 13 ක් දක්වා අඛණ්ඩගෙවීමකි. එයද බදු වලින් නිදහස් වනවා

ඔබට ලැබෙන මුදල රඳා පවතින්නේ ඔබට දරුවන් කී දෙනෙක් සිටීද යන්න සහ ඔබේ පවුලේ ආදායම මත ය.
ඔබේ පළමු දරුවා සඳහා, ඔබට ලබා ගත හැකි උපරිම මුළු මුදල සති 13 සඳහා ඩොලර් 2,003.82 කි.
පසුකාලීන දරුවන් සඳහා උපරිම මුළු මුදල සති 13 ක් සඳහා ඩොලර් 668.85 කි.

ඔබ පවුල් බදු ප්‍රතිලාභ A කොටස හෙවත් Family Tax Benefit (FTB) Part A හි කොටස මූලික අනුපාතය හෝ ඊට වැඩි සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔබට අලුත උපන් දරුවන් සදහා කරන ගෙවීම් අතිරේකයේ උපරිම මුදලක් ලබා ගත හැකියි.
ඔබගේ අදායම් මට්ටම හා අනෙකුත් සාධක මත ඔබට ලැබෙන අනුපාතය අඩු නම් ඔබට ඔබට ලැබෙන්නේ අඩු මුදල් ප්‍රමාණයක්.

අදාල සති 13 තුළ ඕනෑම වේලාවක ගෙවීම් සදහා අවශ්‍ය වන ඔබගේ සුදුසුකම් අහෝසි වී ගිය හොත් , ඔබට ලැබෙන ගෙවීම servicesaustralia විසින් නවතා දමනු ලබනවා.

දරුවන් කිහිප දෙනෙක් උපත ලද විට මෙම ගෙවීම ලැබෙන්නේ කෙසේද
ඔබ නිවුන් දරුවන් දෙදෙනෙකු , තුන්දෙනෙකු , හතරදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකට උපත ලබා දුන්නේ නම් ඔබට මෙම දීමන දෙකම ලබා ගත හැකිය.
ඒ අනුව
• දරුවෙකු ඉපදීමට පෙර කරන ගෙවීම, එක් දරුවෙකුට ඩොලර් 667 ක එකවර මුදලක් ලෙස
• අලුත උපන් දරුවන් සදහා වන අතිරේක ගෙවීම , එක් දරුවෙකුට ඩොලර් 2,003.82 ක උපරිම අනුපාතයකින් ලබා ගත හැකියි.
එසේම අලුත උපන් දරුවන් කිහිපදෙනෙකු එකවර හදා ගැනීමට ගන්නා විටද ඔබ මෙම ගෙවීම ලබා ගැනීම සදහා සුදුසුකම් ලබනවා.

ඔබ දෙමව්පිය නිවාඩු වැටුප් ලබා ගන්නේ නම් ඔබට එකම දරුවා සඳහා දරුවෙකු ඉපදීමට පෙර කරන ගෙවීම සහ අලුත උපන් දරුවන් සදහා ගෙවන අතිරේකය ලබා ගත නොහැකයි.
ඔබ දෙමාපිය නිවාඩු වැටුප් ගෙවීම් දීමනාව බෙදා ගන්නේ නම්, ඔබ සහ ඔබේ සහකරු එකම දරුවා සඳහා දෙමාපිය නිවාඩු වැටුප් දීමනාව ඉල්ලා සිටිය යුතුය වනවා.
දෙමාපිය නිවාඩු වැටුප් දීමනාව ඉල්ලුම් කිරීම සදහා අදාල වන දරුවා හැර අනෙක් දරුවන් වෙනුවෙන් ඔබට දරුවෙකු ඉපදීමට පෙර කරන ගෙවීම සහ අලුත උපන් දරුවන් සදහා ගෙවන අතිරේකය ලබා ගත හැකිය.

මිට අමතරව ඔබට දරුවන් කිහිපදෙනෙකු සදහා වන දීමනාවද ලබා ගත හැකියි.
මෙම දීමනාව ලැබීමට නම් ඔබ නිවුන් දරුවන් තිදෙනෙකු, සතරදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින දෙමව්පියන් විය යුතු වෙනවා.
ඔබ නිවුන් දරුවන්දෙදෙනෙකු සිටින්නේ නම් ඔබට බහු නිවුන් දරු උපත් සදහා වන දීමනාව ලබා ගත නොහැක.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ www.servicesaustralia.gov.au හි පළවූ තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

__________________________________________________________________________________________________________________________________

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ
තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in
පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook
වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service