ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම් ඉතාමත් ප්‍රවේශමෙන් සංචාරය කරන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවන්ට සංචාරක අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
මෙම අනතුරු ඇඟවීම් පසුගිය අගෝස්තු 10 වනදා යාවත්කාලීන කර ඇති නමුත් තවමත් එම මට්ටම එලෙසම පවතින බව සඳහන්.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට ලබාදුන් අනතුරු ඇඟවීම්
ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීම්
ශ්‍රී ලංකාව පුරා මහජන පෙලපාලි සහ විරෝධතා ඇතිවිය හැකි අතර ඒවා ඇතැම්විට ප්‍රචණ්ඩකාරී විය හැකිය. පෙළපාලිවලින් බලපෑමට ලක්වන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින්න. පෙළපාලි නිසා ගමනාගමනයට සහ පොදු ප්‍රවාහනයට බාධා ඇති විය හැකිය.
මහජන හදිසි අවස්ථා ප්‍රකාශ කළ හැකි අතර කෙටි දැනුම්දීමකින් ඇඳිරි නීතිය පැනවිය හැකිය. අදාළ ගමන් සහ අනන්‍යතාව සනාථ කරන ලේඛන සෑම විටම ඔබ සමඟ රැගෙන යන්න.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර ඇතිවීමේ අවදානමක් දිගටම පවතියි. ත්‍රස්තවාදීන් විසින් විදේශිකයන් සහ/හෝ ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශ ඉලක්ක කළ හැකිය.
ශ්‍රී ලංකාව තුළ ඇතැම් ආනයනික ආහාර සහ ඖෂධ හිඟයක් පවතී,
ගුවන් තොටුපළවල ඇතුළු ඇතැම් ස්ථානවල සිදු කෙරෙන ආරක්ෂාව සම්බන්ධ පරීක්ෂා කිරීම් සඳහා අමතර කාලයක් ලබා දීමට සූදානම් වන්න.
උතුරු පළාතේ සහ නැඟෙනහිර පළාතේ ඇතැම් ස්ථානවල සලකුණු කරන ලද සහ සලකුණු නොකළ බිම් බෝම්බ සහ පුපුරා නොගිය බෝම්බ තිබේ. ප්‍රධාන මාර්ගවල ගමන් කරන්න. බිම් බෝම්බ අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න.
ලිංගික අතවර, හිරිහැර සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සිදුවිය හැකිය. ඔබ තනිවම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම්, පිළිගත් සංචාරක සමාගමක් හරහා ගමන් කරන්න.
ක්‍රෙඩිට් කාඩ් වංචා, භාණ්ඩ හා සේවා සඳහා වැඩිපුර මුදල් අය කිරීම සහ ව්‍යාජ භාණ්ඩ අලෙවිය ඇතුළුව වංචාසහගත දේ බහුලව සිදු වේ. ව්‍යාජ භාණ්ඩ, විශේෂයෙන්ම
ස්වර්ණාභරණ සහ මැණික් සම්බන්ධයෙන් විමසිලිමත් වන්න. ඔබේ බැංකු ප්‍රකාශ නිතර පරීක්ෂා කරන්න.
මෝසම් සමයේදී ගංවතුර සහ නායයෑම් සිදුවේ. ඔබගේ සංචාරක සැලසුම් වෙනස් කිරීමට සූදානම් වන්න.
සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා පිළිබඳ අනතුරු ඇඟවීම්
ඩෙංගු උණ ශ්‍රී ලංකාවේ බරපතල සෞඛ්‍ය අවධානමකි, මෝසම් සමයේදී ඩෙංගු රෝගීන් වැඩි වේ. Mosquito repellent හෙවත් මදුරු විකර්ෂක භාවිතා කරන්න. ඔබට උණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
අනෙකුත් කෘමීන් මගින් බෝවන රෝග අතර චිකුන්ගුන්යා, Japanese encephalitis සහ filariasis ඇතුළත් වේ. මදුරුවන් සහ කෘමි විකර්ෂක භාවිතා කරන්න. ඔබ සංචාරය කිරීමට පෙර Japanese encephalitis සඳහා අදාළ එන්නත ලබා ගන්න.
ආහාරවලින්, ජලයෙන් සහ අනෙකුත් ආකාරයෙන් බෝවන රෝගවලට typhoid, hepatitis සහ leptospirosis ඇතුළත් වේ. උණු කළ හෝ බෝතල් කළ ජලය පමණක් පානය කරන්න. ජලභීතිකා රෝගය සුනඛයන්, වඳුරන් සහ වවුලන් තුළ පවතී.
කොළඹ පවතින වෛද්‍ය සේවා ඔස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පවතී. කොළඹින් පිටත වෛද්‍ය සේවා සීමිතය. ඔබ බරපතල ලෙස රෝගාතුර වී හෝ තුවාල වී හෝ ඇත්නම්, ඔබට ඉක්මන් වෛද්‍ය සහය අවශ්‍ය වේ. ඔබගේ සංචාරක රක්ෂණය මෙය ආවරණය කරන බවට සහතික වන්න. ආනයන ප්‍රමාදයන් ඇතැම් ඖෂධ ලබා ගැනීමේ ගැටළු මතු කරයි.





