Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසවන්ත සහ විශ්වාසවන්ත බවින් අඩුම වෘත්තිකයන් මෙන්න

Varied Professions

Here are the Australia's most and least trusted professionals Source: Getty / Getty Images/FatCamera

ඔස්ට්‍රේලියාවේ විශ්වාසවන්තබවින් අඩුම වෘත්තිකයන් ලෙස නිවාස හා දේපළ වෙළෙඳ නියෝජිතයින් පත්වී ඇති අතර හදිසි සේවාවල නියුතු වෘත්තිකයන් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසවන්ත වෘත්තිකයන් ලෙස ඉහළින්ම සිටී.


ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසවන්ත වෘත්තිකයන් සහ විශ්වාසවන්තබවින් අඩුම වෘත්තිකයන් අනාවරණය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විශ්වාසවන්තබවින් අඩුම වෘත්තිකයන් ලෙස නිවාස හා දේපළ වෙළෙඳ නියෝජිතයින් පත්වී ඇති අතර හදිසි සේවාවල නියුතු වෘත්තිකයන් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසවන්ත වෘත්තිකයන් ලෙස ඉහළින්ම සිටී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————

ඔස්ට්‍රේලියාවේ පාලන ආයතනයේ නවතම ආචාර ධර්ම දර්ශකය මඟින් මේ තොරතුරු අනාවරණය කර ඇත.

ගිනි නිවන භටයින් සහ ගිලන්රථ සේවකයින් වඩාත් විශ්වාසදායක වෘත්තීන් ලෙස මෙම දර්ශකයේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගෙන ඇති අතර, ඖෂධවේදීන් තුන්වන ස්ථානයේ පසුවේ.

නිවාස හා දේපළ වෙළෙඳ නියෝජිතයින් ඔස්ට්‍රේලියාවේ විශ්වාසවන්තබවින් අඩුම වෘත්තිකයන් ලෙස සලකනු ලබන නමුත් සදාචාරාත්මක බැවින් පහළම අංශය ලෙස මාධ්‍ය අංශය සැලකේ.

අඛණ්ඩතාව අතින් ඉහළම ශ්‍රේණිගත අංශය ලෙස සෞඛ්‍ය සේවා අංශය පත්වී ඇති නමුත් bulk-bill නොකරන පවුලේ වෛද්‍යවරුන් තරමක් සදාචාර විරෝධී ලෙස සැලකේ.

Melbourne Thunderstorm Asthma
Parked Ambulances outside the St Vincents and Mercy Hospital, in Melbourne. Source: AAP

දේශපාලනඥයන් තවමත් පහළම ස්ථාන 5 අතර

පසුගිය වසරේ සමීක්ෂණයට සාපේක්ෂව දේශපාලනඥයන් ඇතුළු රජයේ සෑම තරාතිරමකම සිටින පුද්ගලයින් පිළිබඳ මහජනතාවගේ ඇති හැඟීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බව මෙම වාර්තාව පවසයි.

එසේ තිබියදීත්, දේශපාලනඥයන් තවමත් විශ්වාසවන්ත බවින් අඩුම, පහළම වෘත්තීන් පහේ රැඳී සිටියි.

යහපත්, සදාචාරාත්මක හැසිරීමක් සහ ධනාත්මක සංස්කෘතියක් ප්‍රමුඛව පැවතීම සහතික කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රවල සිටිනා සංවිධාන සහ පුද්ගලයින් විසින් තවත් කිරීමට බොහෝ කාර්යයන් ඇති බව මින් ඇඟවෙන බව පාලන ආයතනයේ ප්‍රධාන විධායක Megan Motto පැවසුවාය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now