යමෙකුට ඔස්ට්‍රේලියාවේ වීසා සහන ලබා දීමේදී ආගමන ඇමතිට මැදිහත්වීය නොහැකි අවස්ථා මෙන්න

Ministerial intervention

Source: Getty / Getty Images

යම් පුද්ගලයකුට ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප කිරීමකදී හෝ මානුෂීය හේතුන් මත විශේෂ වීසා සහන ලබා ගැනීමේදී ඇතැම් විශේෂ අවස්ථාවල ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මැදිහත්වීමේ හැකියාව Ministerial intervention ලෙස හැඳින්වේ.


ඔස්ට්‍රේලියාවේ වීසා ලබා දීමේදී ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මැදිහත්වී අදාළ වීසා අයදුම්කරුවන්ට වීසා පිරිනැමීම් සහ ඇතැම් වීසා සහන ලබාදීමට හැකියාවක් තිබේ.

ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට රැකවරණය පතා පැමිණි ශ්‍රී ලාංකික දමිළ පුද්ගලයකු වන Neil Para සහ ඔහුගේ පවුලේ උදවියට පසුගියදා ආගමන කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා පිරිනැමීමත් සමග මේ පිළිබඳ යළි සාකච්ඡාවක් ඇතිවී ඇත.

ඔහු ස්ථිර වීසා ලබා ගැනීම සඳහා අමාත්‍යවරයාගේ අවධානය ලබා ගැනීම පිණිස Ballarat සිට සිඩ්නි දක්වා කිලෝමීටර් 1000ක් පාද චාරිකාවක නිරත් වෙමින් ඊට සහයෝගය පතා අත්සන් විශාල ප්‍රමාණයක්ද එකතු කරගත්තේය. 

ඔස්ට්‍රේලියාවේ වීසා සහන ලබා ගැනීමේදී විෂයය බාර අමාත්‍යවරයාගේ මැදිහත්වීම

යම් පුද්ගලයකුට ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප කිරීමකදී හෝ මානුෂීය හේතුන් මත විශේෂ වීසා සහන ලබා ගැනීමේදී ඇතැම් විශේෂ අවස්ථාවල ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මැදිහත්වීමේ හැකියාව Ministerial intervention ලෙස හැඳින්වේ.

මේ සඳහා ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට බලය ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවේ 1958 දරන සංක්‍රමණික පනත හරහාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට මැදිහත්වීම සෑම වීසා ඛාණ්ඩයකටම ලබාගත හැකිද?

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔබට වීසා බලපත්‍රයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්නම් හෝ වීසා බලපත්‍රයක් අවලංගු කර ඇත්නම් සහ පසුව එම තීරණයට එරෙහිව Administrative Appeals Tribunal (AAT) වෙත අභියාචනයක් ඉදිරිපත් කර කර තිබේ නම්, ඔබට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ මැදිහත්වීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.

මෙය තාවකාලික වීසා ලාභීන්ට මෙන්ම රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින්ට සහ සරණාගතයින්ටද අදාළ වේ.

නමුත් ඇතැම් අවස්ථාවවලදී අමාත්‍යවරයාගේ මැදිහත්වීම ලබාගත නොහැකි අවස්ථාද ඇති බව මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

උදාහරණයක් ලෙස ඔබ යම් ආකාරයක වීසා කොන්දේසි කඩ කිරීමක් කර ඇත්නම් එහිදී අමාත්‍යවරයා මැදිහත් නොවන බව ඇය පැහැදිලි කළාය.

එමෙන්ම අදාළ පුද්ගලයාගේ චරිතය ඔස්ට්‍රේලියානු සම්මත නීතිවලට නොගැලපේනම් හෝ ඔහු හෝ ඇය ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවන් හිදී ද අමාත්‍යවරයා මැදිහත් නොවන බව වර්ණකුලසූරිය මහත්මිය විස්තර කළාය.

ඊට අමතරව මෙලෙස මැදිහත්වීමක් ලබා ගැනීම සඳහා ඔබ ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටිය යුතුය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now