ඔස්ට්‍රේලියාවේ දරුවන්ගේ පාසල් නිවාඩුව හොඳින් සැලසුම් කර ඔවුන්ට උපරිම විනෝදයක් ලබාදෙන්නේ මෙහෙමයි

Students enjoying STEM learning at a school holiday program

Source: SBS

දරුවන්ගේ පාසල් නිවාඩු කාලය දෙමාපියන්ට ඵලදායී ලෙස සැලසුම් කළ හැකි ආකාරය සහ මේ කාලයේදී දරුවන්ට උපරිම අන්දමින් විනෝද වීමට ඉඩ සලසන ක්‍රම කිහිපයක් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය තොරතුරු ගෙන ඒමට සූදානම්.


ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලයට සමගාමීව ලබාදෙන පාසල් නිවාඩුව මේ වන විට බොහෝ ප්‍රාන්තවල ආරම්භ වී තිබේ.

පාසල් නිවාඩු කාලයත් සමග දෙමාපියන්ට ඉතාම කාර්යබහුල වකවානුවක් උදාවෙයි.

දරුවන්ගේ පාසල් නිවාඩු කාලය දෙමාපියන්ට ඵලදායී ලෙස සැලසුම් කළ හැකි ආකාරය සහ මේ කාලයේදී දරුවන්ට උපරිම අන්දමින් විනෝද වීමට ඉඩ සලසන ක්‍රම කිහිපයක් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය තොරතුරු ගෙන ඒමට සූදානම්.

 

01. සැලසුම් කරන්න

පාසල් නිවාඩු කාලයේදී දරුවන් කිරීමට කැමති ක්‍රියාකාරකම් ලැයිස්තුවක් සෑදීමට ඔබේ දරුවන්ව සම්බන්ධ කර ගන්න.

ඊට අමතරව අදාළ කාලයේදී පවතින කාළගුණය පිළිබඳවද සැලකිලිමත් වන්න.

02. මුදල් වියදම් කිරීම අවම කරගන්න

ඔබ සැලසුම් කරන ක්‍රියාකාරකම් ලැයිස්තුවට විනෝද චාරිකා, බයිසිකල් පැදීම, මුහුදු වෙරළට සංචාරයක් යාම, ඔබේ නගරයේ පුස්තකාලයට යාම සහ එළිමහනේ කරන නොමිලේ ක්‍රියාකාරකම් වැනි පුළුල් පරාසයක ක්‍රියාකාරකම් රාශියක් ඇතුළත් කිරීමට වග බලා ගන්න.

නමුත් එහිදී වියදම් අවම වන බොහෝ විට නොමිලේ ලබාගත හැකි දේවල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

වියදම් අවම වන සේ දරුවන් සමග පාසල් නිවාඩු කාලයේ විනෝදය සපයන ක්‍රියාකාරකම් සැලසුම් කරගන්නේ කෙලෙසද කියා තාරුකා උඩවත්ත මහත්මිය මේ අයුරින් පැහැදිලි කළාය.

03. උපකාර අවශ්‍යනම්, ඉල්ලන්න

පාසල් නිවාඩු කාලයේදී දරුවන්ගේ ක්‍රියාකාරකම් සහ වැඩ කටයුතු කිරීම අමතර බරක් වන දෙමාපියන්ට එම බර බෙදා ගැනීම සඳහා උදව් ඉල්ලීමට බිය නොවන්න.

උදාහරණයක් වශයෙන්, දරුවන් රැකබලා ගැනීමට හෝ වෙනත් ආකාරවලින් උපකාර කිරීමට ඔබේ මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් උපකාර ඉල්ලා සිටීමට ඔබට හැකිය.

04. නව කුසලතා ඉගැන්වීමට සහ ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට මේ අවස්ථා භාවිතා කරන්න

පාසල් නිවාඩු කාලයේ සෑම දිනකම උදේම දරුවන්ව නිවසින් පිටත් වන ලෙස බල නොකරන්න.

තමන්ගේ උදේ ආහාරය සහ දිවා ආහාරය සාදා ගැනීමට දරුවන්ව පුරුදු කිරීම මෙහිදී කළ හැකි තවත් ප්‍රයෝජනවත් කාර්යයක් වන අතර නිවසේ සුරතල් සතෙකු සිටී නම් ඔහු සමග ඇවිදීමට යාම හෝ නිවාස අසළ ඇති වෙළෙඳ සැලට තනිවම ගොස් නිවසට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම වැනි නව කුසලතා වර්ධනය කර ගැනීමට මේ කාලයේ ඉඩ සලසා ගන්න.

05. පවුලේ සමගිය සහ සම්බන්ධතාව තර කරගැනීමට කදිම අවස්ථාවක් කරගන්න

පාසල් නිවාඩු කාලය ඔබේ දරුවන් සමඟ සමීපව සම්බන්ධ වීමට සහ ඔවුන්ට හොඳින් සවන් දීමට සහ ඔවුන්ව දැන හඳුනා ගැනීමට කදිම අවස්ථාවක් කරගන්න.

පවුලේ සෑම සාමාජිකයෙකු සමඟම එකට ගත කිරීමට යම් වේලාවක් සැලසුම් කරන්න, භාවිතා කරන්න.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service