ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුපකුත් අරන් ලේසියෙන්ම PR ගන්නත් පුළුවන් ගුරු වෘත්තිකයෙකු වෙන්නේ කොහොමද?

How to become a Teacher in Australia & Job market trends for Teachers

Multi-racial school children sitting in a classroom with the female teacher offering support Credit: JohnnyGreig/Getty Images

ඔස්ට්‍රේලියාවේ මේ වන විට වැඩිම ඉල්ලුමක් ඇති රැකියාවලින් එකක් ලෙසද ගුරු වෘත්තීය පත්ව තිබේ.


ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේදී බලපාන නිපුණතා රැකියා ලැයිස්තුවේ ප්‍රමුඛතම වෘත්තියක් ලෙස ගුරු වෘත්තීය මේ වන විට පත්ව තිබේ.

එනිසාම ඉතාම පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකියාවක් ඇති එක් වෘත්තියක් ලෙස ගුරු වෘත්තීය සැලකෙයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මේ වන විට වැඩිම ඉල්ලුමක් ඇති රැකියාවලින් එකක් ලෙසද ගුරු වෘත්තීය පත්ව තිබේ.

——————————————————————————-

මෙම ලිපියේ ඉදරිපත් කරන තොරතුරු සාමාන්‍ය සහ මූලික තොරතුරු වේ. ඔස්ට්‍රේලියාවේ ගුරුවරයෙකු වීමට ඔබ සැපිරිය යුතු දේ ඔබේ අධ්‍යාපන සුදුසුකම් සහ ඔබේ පළපුරුද්ද මෙන්ම ඔස්ට්‍රේලියානු සංක්‍රමණික අවශ්‍යතා ඔබ සපුරන්නේ කෙසේද යන්න මත පදනම් වන බැවින් ඔස්ට්‍රේලියාවේ ගුරුවරයෙකු වීමට ඔබට සුදුසු මාර්ගය සහ ඔබ ඊට සුදුසු දැයි දැනගැනීමට ලියා පදිංචි සංක්‍රමණ ඒජන්තවරයකු වෙත ගොස් හෝ පහත රජයේ නිල වෙබ් අඩවි වෙත ගොස් හෝ තොරතුරු ලබා ගැනීම සුදුසු වේ.

https://www.homeaffairs.gov.au/home

https://www.vic.gov.au/get-qualified-become-teacher

https://education.nsw.gov.au/teach-nsw/become-a-teacher

https://teach.qld.gov.au/become-a-teacher/steps-to-become-a-teacher/qualifications-to-become-a-teacher

https://www.trb.sa.edu.au/Registering-to-Teach

https://www.education.wa.edu.au/your-pathway

https://www.teachintheterritory.nt.gov.au/discover-teaching/teacher-pathways

https://www.education.act.gov.au/working-with-us/apply-to-teach

——————————————————————————-

ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තියේ ප්‍රභේද

තම පුහුණුව සහ රුචිකත්වයන් අනුව ඔස්ට්‍රේලියාවේ පහත අන්දමේ ඕනෑම ප්‍රභේදයක ගුරුවරයෙක් ලෙස ඔබට කටයුතු කළ හැකිය.

  • මුල් ළමාවිය ගුරුවරයෙක්
  • ප්‍රාථමික පාසල් ගුරුවරයෙක්
  • ද්විතීයික පාසල් ගුරුවරයෙක්

ඔස්ට්‍රේලියාවේ ගුරුවරයෙකු වීමට ලබාගත යුතු ඔස්ට්‍රේලියානු සුදුසුකම්

ගුරුවරයෙකු ලෙස රාජකාරී කිරීමට, ඔබට ගුරු උපාධියක් හෝ පශ්චාත් උපාධි මට්ටමේ සුදුසුකමක් තිබිය යුතුය.

ඔබ සම්පූර්ණ කරන පාඨ මාලාව ඔබට ඉගැන්වීමට අවශ්‍ය දරුවන්ගේ වයස් ඛාණ්ඩය මත හෝ ඔබට යම් අංශයක/ විෂයයක විශේෂීකරණය කිරීමට අවශ්‍යද යන්න මත රඳා පවතී.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මුල් ළමාවියේ ගුරුවරුන් වයස අවුරුදු 4-8 අතර දරුවන්ට ඉගැන්වීමට සුදුසුකම් ලබයි. ඔවුන් දරුවන්ගේ ක්‍රියාකාරකම්, නිර්මාණශීලිත්වය සහ සමාජ කුසලතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය පිළිබඳ ගුරු උපාධියක් මේ සඳහා අවශ්‍ය වේ.

ප්‍රාථමික පාසල් ගුරුවරුන් වයස අවුරුදු 5-12 අතර දරුවන්ට ඉගැන්වීමට සුදුසුකම් ලබයි. ඔවුන් පුළුල් ලෙස දරුවන්ට කියවීම, ලිවීම සහ අංක ගණිතය ඉගැන්වීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය පිළිබඳ ගුරු උපාධියක් මේ සඳහා අවශ්‍ය වන අතර මෙය සාමාන්‍යයෙන් වසර 4 ක පූර්ණ කාලීන පාඨ මාලාවකි.

ද්විතියික පාසල් ගුරුවරුන්ට ඉංග්‍රීසි සහ ඉතිහාසය, හෝ ගණිතය සහ භෞතික විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයක විශේෂීකරණය විය හැකිය. ද්විතියික පාසල් අධ්‍යාපනය පිළිබඳ ගුරු උපාධියක් මේ සඳහා අවශ්‍ය වන අතර මෙයද සාමාන්‍යයෙන් වසර 4 ක පූර්ණ කාලීන පාඨ මාලාවකි.

ඔබට ඔස්ට්‍රේලියාවේ රජයේ පාසල්වල ඉගැන්වීමට අවශ්‍ය නම්, සෘජුවම ඒ සඳහා යාමට හැකි වීම සඳහා ඔබේ පාඨමාලාව සම්පූර්ණ කරන අතරතුර එයට අනුමැතියක් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත. ඒ සඳහා ගුරුවරයෙකු ලෙස ලියාපදිංචි වීමට ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රෙගුලාසි පරීක්ෂා කරන්න. 

ගුරුවරුන් සඳහා ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළ

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ගුරුවරුන් සඳහා රැකියා පුරප්පාඩු 12,000 කට අධික සංඛ්‍යාවක් ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ රැකියා සෙවුම් වෙබ් අඩවියක් වන Seek පවසයි.

2021 සිට 2026 දක්වා වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් සඳහා වන රැකියාවල 9.4% ක වර්ධනයක් සිදුවන බවද ඔවුන් පවසයි.

ඔස්ට්‍රේලියාවේ ගුරු වෘත්තීන් සඳහා සාමාන්‍ය වාර්ෂික වැටුප $90,000 සිට $95,000 දක්වා පරාසයක පවතින බවද Seek වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම ගුරු වෘත්තීන් සඳහා සාමාන්‍ය පැයක ගෙවීම $45 සිට $50 දක්වා පරාසයක පවතී.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now