Key Points
- ඕස්ට්‍රේලියාවේදී නොමිලේ "දෘඩ අපද්‍රව්‍ය" බැහැර කිරීමේ සේවා සපයනු ලැබේ, නමුත් ඒ සඳහා කොන්දේසි සහ ව්‍යතිරේක අදාළ වේ
- විවිධ ප්‍රදේශ අනුව මෙහි අවශ්‍යතා වෙනස් වන බැවින් ඔබේ දෘඩ අපද්‍රව්‍ය බැහැර කරන අයුරු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ඔබේ නගර සභාව සම්බන්ධ කරගත යුතුය
- මෙම බොහෝ කුණු කසළ landfill වශයෙන් අවසන් වීම හේතුවෙන්, සෑම විටම භාණ්ඩ අලුත්වැඩියා කිරීම, විකිණීම හෝ පරිත්‍යාග කිරීම වඩාත් සුදුසු වේ
ඕස්ට්‍රේලියාවේ, බොහෝ නගර සභා මගින් නිවාස වලින් ඉවත් කරන විවිධ ගෘහ භාණ්ඩ ඇතුලු දෘඩ අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාවන් නොමිලේ සපයයි.
නමුත් මෙම අපද්‍රව්‍ය ඔස්සේ පරිසරයට වන බලපෑම තවමත් විශාල වන බව මෑත කාලීන දත්ත පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානුවන්, ලොව විශාලතම ඒක පුද්ගල අපද්‍රව්‍ය නිෂ්පාදකයින් අතර සිටින අතර, දෘඩ අපද්‍රව්‍ය ඇතුලු කසළ බොහොමයක් landfill හෙවත් කුණු කසළ වශයෙන් අවසන් වේ.
Alejandra Laclette ඕස්ට්‍රේලියානු ලාභ නොලබන පාරිසරික සංවිධානයක් වන Planet Ark හි ජ්‍යෙෂ්ඨ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපාර කළමනාකරු වශයෙන් කටයුතු කරයි.
Alejandra පවසන්නේ මෙලෙස ඉවතලන එක් කැබැල්ලකින් තවත් යමක් අලුතින් නිර්මාණය කල නොහැකි වීම හේතුවෙන්, "ගෘහ භාණ්ඩ" ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි දෘඩ අපද්‍රව්‍ය වශයෙන් සැලකෙන බවයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වශයෙන් කුණු කසළ එකතු කිරීමේ වර්ග දෙකක් පවතී:
- අදාල ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වන කසළ එකතු කිරීමේ සේවා
- දින සහ වේලාවන් වෙන් කරවාගැනීම් ඔස්සේ සිදු කරන කසළ එකතු කිරීමේ සේවා
මේ වනවිට වෙන් කරවාගැනීම් ඔස්සේ සිදු කරන කසළ එකතු කිරීම් ප්‍රචලිත වෙමින් තිබේ.
සිඩ්නි හි Blacktown නගර සභාව, මෙලෙස "දෘඩ අපද්‍රව්‍ය" එකතු කිරීමේ සේවා සඳහා වෙන් කරවාගැනීමේ ක්‍රමයක් භාවිතා කරන ඕස්ට්‍රේලියාවේ බොහෝ නගර සභා වලින් එකකි.
Maria Hondrogiannis යනු Blacktown නගර සභාවේ කසළ මෙහෙයුම් සඳහා ව්‍යාපෘති සහ පද්ධති සඳහා වන නිලධාරිනියක වන අතර ඇය පෙන්වා දෙන්නේ, නගර සභාවේ කසළ මෙහෙයුම් සඳහා ඇමතුම් සේවාවක් පවතින බවයි.
එබැවින්, නිවැසියන් ඇමතුමක් ලබා දීම මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවාගැනීම් සිදු කිරීමට අවශ්‍ය වන අතර අනතුරුව ඔවුන්ට නගර සභාව මගින් ඊළඟ වෙන්කරවා ගැනීමේ දිනය ලබා දෙන බවත් Maria පවසයි.
"දෘඩ අපද්‍රව්‍ය" ඉවත් කිරීමේ සේවාවක් වෙන්කරවා ගැනීමේදී හෝ අදාල ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වන කසළ එකතු කිරීමේ සේවාව භාවිතා කරන විට, නිවැසියන් අපද්‍රව්‍ය ප්‍රමාණය සහ වර්ගය සහ බැහැර කිරීමේ ක්‍රමවල සීමාවන් ඇතුළුව යම් යම් කොන්දේසිවලට අනුකූල විය යුතු වේ.

දෘඩ අපද්‍රව්‍ය බැහැර කිරීමේ නීති
දෘඩ අපද්‍රව්‍ය එකතු කරන දිනට පෙර සවස් වන තුරු භාණ්ඩ නිවසින් පිටතට නොදැමීම, ඕස්ට්‍රේලියාවේ වන පොදු රීතියක් වේ.
අසල්වාසීන් නීතිවිරෝධී ලෙස එම දෘඩා අපද්‍රව්‍ය ගොඩට කුණු දැමීමක් සිදු කිරීම වැලක්වීමට සහ නගර සභාවේ අවශ්‍යතාවයට අනුකුල නොවන සහ නොගැලපෙන ද්‍රව්‍ය එම දෘඩ අපද්‍රව්‍ය වලට පුද්ගලයින් එකතු කිරීම වැලක්වීමට මෙය සිදු කරයි.
නගර සභා අවශ්‍යතාවලට අනුකූල නොවන මෙවැනි ඇතැම් අවස්ථා වලදී, දැඩි දඩ මුදල් අය කිරීම සිදු කල හැක.
එකතු කිරීම සඳහා පිළිගන්නා දෘඩ අපද්‍රව්‍ය වර්ග ද විවිධ නගර සභා අනුව ද වෙනස් වේ.

Melbourne හි Merri-bek නගර සභා මන්ත්‍රී Mark Riley, සාමාන්‍යයෙන් දෘඩ අපද්‍රව්‍ය ලෙස සලකන ද්‍රව්‍ය සඳහා උදාහරණ කිහිපයක් සපයන අතර ඒවා පහත පරිදි වේ:
- ගෘහ භාණ්ඩ, මෙට්ට සහ මෙට්ට බහාලන පදනම (base)
- රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර (dishwashers), ශීතකරණ සහ අධිශීතකරණ වැනි භාණ්ඩ
- බුමුතුරුණු සහ කාපට්
- පරණ ලෝහ, දැව සහ වීදුරු
දෘඩ අපද්‍රව්‍ය ලෙස ඉවත නොදැමිය යුතු භාණ්ඩ සඳහා "තෙල්, ටයර්, පොලිස්ටිරින් සහ ඉදිකිරීම් සඳහා භාවිත කරන ද්‍රව්‍ය (construction materials) ඇතුළත් වේ.
Mark පෙන්වා දෙන්නේ ඔබ ඔබේ නිවසේ ප්‍රතිසංස්කරණ හෝ ඉදිකිරීම් සිදු කරන්නේ නම්, ඔබ ඉවත් කිරීමට සහ පිටතට රැගෙන යාමට ඉඩ ඇති සියලුම ද්‍රව්‍ය දෘඩ අපද්‍රව්‍ය ලෙස නොදැමිය යුතු බවයි. මේ හේතුවෙන් ඒ සඳහා වන නිසි අපද්‍රව්‍ය සේවාවක් හරහා ඒවා බැහැර කළ යුතු වේ.
ඕස්ට්‍රේලියාව පුරා ඇති දෘඩ අපද්‍රව්‍ය එකතු කිරීමේදී, E-waste වශයෙන් හැඳින්වෙන විද්‍යුත් අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් පිළිගනු නොලැබේ.
Sustainability Victoria හි අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරී Matt Genever පෙන්වා දෙන්නේ ප්ලග්, බැටරි හෝ විදුලි රැහැනක් සහිත ඕනෑම දෙයක් කුණු වශයෙන් ඉවත දැමීම සඳහා අවසර නැති බවයි.
එබැවින්, රූපවාහිනී, බැටරි, Hair dryers සහ ශීතකරණ වැනි ඕනෑම දෙයක්, ඒවා සඳහා වන නිසි ස්ථානවලට බැහැර කිරීම වැදගත් වේ.

Council transfer stations වශයෙන් හැඳින්වෙන කවුන්සිල හුවමාරු මධ්‍යස්ථාන ඔස්සේ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පහසුකම් සලසා ගත හැක.
නමුත් Matt පවසන්නේ, එය බැටරියක්, ජංගම දුරකථනයක් වැනි කුඩා දෙයක් නම් ඒවා බැහැර කිරීමට ඕස්ට්‍රේලියාව පුරා ස්ථාන දහස් ගණනක් තිබෙන බවයි.
සුපිරි වෙළඳසැල්, Harvey Norman සහ Officeworks වෙළඳසැල් මගින් එවැනි දේ බැහැර කිරීම සඳහා පහසුකම් සපයයි.
දෘඩ අපද්‍රව්‍ය එකතු කිරීමේදී "තීන්ත" වර්ග බැහැර කිරීමද සාමාන්‍යයෙන් පිළිගනු නොලැබේ.
අනවශ්‍ය තීන්ත සහ එහි ඇසුරුම් Paintback සංවිධානය හරහා ඉවත දැමිය හැකි අතර එම සංවිධානය, ගෘහාශ්‍රිතව භාවිතා නොකරන තීන්ත නිසි ලෙස බැහැර කිරීම සිදු කරයි.
ඕනෑම විෂ සහිත ගෘහස්ථ නිෂ්පාදනයක් දෘඩ අපද්‍රව්‍යවලට ඇතුළත් නොකළ යුතු වේ. ප්‍රාන්ත සහ ටෙරිටරි ඔවුන්ගේ අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කිරීම සඳහා නොමිලේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

එක් පුද්ගලයෙකු ඉවත් කරන දෙයක්, තවත් අයකුට අවශ්‍ය විය හැක
යම් නිවසකින් ඉවත් කරන දෘඩ අපද්‍රව්‍ය්‍ය රැගෙන යාමට වෙනත් පුද්ගලයින් පෙළඹීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ඇතැම් නගර සභා කැමැත්තක් නොමැති අතර ඇතැම විට මෙවැනි කටයුතු සඳහා දඩ නියම කරයි.
එමනිසා, ඔබේ ප්‍රදේශයට අදාළ නීති සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වඩාත් සුදුසු වේ.
නමුත් Merri-bek යනු යම් නිවසකින් ඉවත ලන දෘඩ අපද්‍රව්‍ය නැවත භාවිත කල හැකි මට්ටමක තිබේ නම් ඒවා වෙනත් පිරිසට රැගෙන යාම සක්‍රීයව දිරිමත් කරන නගර සභා වලින් එකකි.
කෙසේ නමුත් විදුලි භාණ්ඩ වැනි දෑ නැවත භාවිතා කිරීම ආරක්ෂිතද යන්න පරීක්ෂා කිරීම සැබවින්ම රැගෙන යන පුද්ගලයා සතු වේ.
එමෙන්ම මෙලෙස බැහැර ලන දෘඩ අපද්‍රව්‍ය සහ තිබෙන ස්ථාන සම්බන්ධයෙන් ප්‍රජාව අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීමේ කණ්ඩායම්ද මේ වනවිට සිටී.

Planet Ark පාරිසරික පදනමෙහි Alejandra Laclette පවසන්නේ ඔබ ඉවතලන භාණ්ඩ අපතේ නොයන බව සහතික කිරීමට බොහෝ විකල්ප පවතින බවයි.
නොමිලේ වෙනත් පුද්ගලයින්ට ඒවා රැගෙන යාම සඳහා ඒවා අන්තර්ජාලය හරහා පළ කිරීම, ඒවා විකිණීම හෝ පුණ්‍යායතනවලට පරිත්‍යාග කිරීම මගින් ඔබ ඉවතලන භාණ්ඩ අපතේ යමක් සිදු නොවේ.
නමුත් ඔබ යමක් පරිත්‍යාග කරන සෑම විටම එය හොඳ තත්වයේ සහ නැවත විකිණිය හැකි තත්වයේ තිබිය යුතු බව මතක තබා ගැනීම වැදගත් වේ.
එම භාණ්ඩ එසේ නොවුවහොත්, එය කුණු වශයෙන් නැවත බැහැර කිරීමට සිදු වන අතර, ඒ සඳහා පුණ්‍යායතනවලට මුදල් වැය වේ.
ඔබේ ප්‍රාදේශීය සභාවට අමතරව, Planet Ark වෙබ් අඩවියද, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සහ දෘඩ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම පිළිබඳ වැදගත් තොරතුරු ද සපයයි.
වැඩි විස්තර:
- ඔබේ ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය බැහැර කළ යුතු ස්ථානය ඇතුලුව ඔබේ ප්‍රදේශයේ වත්මන් තොරතුරු සහ සම්පත් සඳහා ඔබේ ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවියට පිවිසෙන්න.
- VIC,NSW, SA, WA සහ ACT ඇතුලු ඇතැම් අධිකරණ බල ප්‍රදේශ අන්තරායකර අපද්‍රව්‍ය ගබඩා පිළිබඳ තොරතුරු සංසරණය කරයි.
- අනවශ්‍ය තීන්ත සහ ඇසුරුම් බැහැර කිරීමට ඔබට පහසු ස්ථානයක් සෙවීමට Paintback වෙත පිවිසෙන්න.
- ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයකදී වගකීමෙන් යුතුව ඔබේ අපද්‍රව්‍ය බැහැර කිරීමට විසඳුම් සඳහා recyclingnearyou.com.au වෙත පිවිසෙන්න.
______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________






