ඕස්ට්‍රේලියාවේ දරුණු කුණාටු සඳහා සහ ගංවතුර තත්වයකට පෙර වඩාත් හොඳින් සූදානම් වන්නේ කෙසේද? SBS සිංහල වෙතින්

VIC FLOODS

SES personnel helping a family evacuate their home in Shepparton, Victoria (2022). Source: AAP / DIEGO FEDELE/AAPIMAGE

පසුගිය දශකය තුළදී ඕස්ට්‍රේලියාව ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ගංවතුර අත්විඳ තිබේ. මේ හේතුවෙන් අයහපත් කාලගුණය සඳහා සූදානම් වන්නේ කෙසේදැයි දැන ගැනීම ඔස්සේ ඔබේ දේපළ රැකගැනීමට හැකියාව පවතී.


Key Points
  • දරුණු කුණාටුවක් හෝ ගංවතුරක් සඳහා සූදානම් වීමට දින කිහිපයක් ගත විය හැක.
  • ඔබේ අවදානම් මට්ටම දැන ගැනීම පළමු පියවර වේ, එවිට ඔබට හදිසි සැලැස්මක් සූදානම් කර ගත හැක.
  • ඔබේ නිවසේ සිටින සියලු දෙනාම නිවසේ තනිව සිටින්නේ නම් හදිසි සැලැස්ම පිළිබඳව දැනුවත් වීමට බවට වග බලා ගන්න.
  • කාලගුණික තත්ත්වයන් නිරීක්ෂණය කර කුණාටුවක් ඇතිවීමට පෙර ඔබේ දේපළ ඒ සඳහා සූදානම් කරන්න.
  • ඔබට නිවාස ඇතුළත සිටීමට හෝ ඉවත් වීමට අවශ්‍ය නම් සෑම විටම හදිසි සැපයුම් තබා ගන්න.
2020-2022 අතර,ඇදහැලුනු දැඩි වර්ෂාපතනයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ විශාල සංක්‍යාවක් කිහිප වතාවක් ජලයෙන් යට වීම සිදුවිය. ගංවතුරට ගොදුරු වන ඇතැම් ප්‍රජා ඔවුන්ගේ යටිතල පහසුකම්වලට, නිවාසවලට සහ ජීවිතවලට පවා ව්‍යසනකාරී වූ හානි අත්විඳ ඇත.

මේ හේතුවෙන් හදිසි සේවා විශේෂඥයින් පවසන්නේ ඕස්ට්‍රේලියාවේ ජනතාව සෑම විටම දරුණු කාලගුණික සිදුවීම් සඳහා සූදානම් විය යුතු බවයි.

මෙලෙස සූදානම් වීමේ පළමු පියවර වන්නේ, ආපදාවකදී ඔවුන් කරන්නේ කුමක්ද යන්න විස්තර කරන හදිසි උපාය මාර්ග ඇතුලත්ව ඔවුන්ගේ අවදානම් මට්ටම අවබෝධ කර ගැනීමයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රාජ්‍ය හදිසි සේවා (SES) ප්‍රජා හැකියාවන් පිලිබඳ නිලධාරි Dorothy Tran පවසන්නේ පුද්ගලයින් සැලැස්මක් සෑදීමට පෙර, ඔවුන් එම සැලැස්ම සාදන්නේ මන්දැයි දැනගත යුතු අතර ඔවුන් ජීවත් වන, රැකියා කරන හෝ සංචාරය කරන ස්ථානයට කුණාටු හෝ ගංවතුර බලපෑම් ඇති විය හැකි හෙයින් සෑම විටම කුණාටුවක් සූදානම්ව සිටීම වැදගත් වන බවයි.

ගංගා, ඇළ දොළ අසල සිටින පිරිස විශාල කුණාටු හෝ අධික වර්ෂාපතනයකදී අතිරික්ත ජලය ගලා යා හැකි ස්ථානය දැන සිටිය යුතු වේ. එමෙන්ම ගංවතුර ඔවුන්ගේ සේවා ස්ථානයට හෝ නිවසට මෙන්ම දෛනික ගමනාගමනවලට බලපාන්නේ කෙසේද යන්න ද සලකා බැලිය යුතුය.

සෑම හදිසි සැලැස්මක්ම වෙනස් සහ විශේෂිත තත්ව වලට අනුව සකස් කර තිබේ. මේ හේතුවෙන් නිවසේ රැඳී සිටීම හෝ ඉවත් වීම තීරණය කිරීම වැදගත් වන බව Dorothy Tran පෙන්වා දෙයි. එමෙන්ම දේපළ හානි හෝ ජීවිත හානි අවම කර ගැනීමට සූදානම් වීමද අත්‍යවශ්‍ය වේ.

කාලගුණික තත්ත්ව නිරීක්ෂණය කර හදිසි සැපයුම් සූදානම් කිරීම වැදගත් වේ.

ගංගා සහ ජල මාර්ග අසල ජීවත් වන ජනතාව ගංවතුර ඇති වුවහොත් කාලගුණික තත්ත්ව පිළිබඳව නිතරම දැනුවත්ව සිටීමත් වැදගත් වේ.

ප්‍රජා වලට ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ, ඔවුන්ගේ App එක සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා යාවත්කාලීන කාලගුණ අනාවැකි නිරීක්ෂණය කළ හැකිය.

ජල මට්ටම් ඉහළ යාමට පෙර ඔවුන්ගේ හදිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් විය යුතුය. ඔවුන්ට දරුවන්, සුරතල් සතුන් සිටී නම්, අයිතිකරුවන් ඔවුන්ව ආරක්ෂිතව රැගෙන යන්නේ කෙසේද සහ කොහේද යන්න දැන සිටිය යුතුය.

එමෙන්ම ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන පිරිස තමන්ට අවශ්‍ය සැපයුම් මොනවාද යන්න කලින් සලකා බැලිය යුතු අතර, ඔවුන් රැඳී සිටියත් ඉවත්ව ගියත් හදිසි තත්ත්ව සඳහා සූදානම්ව සිටිය යුතුය.

හදිසි සැපයුම් වශයෙන්, අවශ්‍ය ඕනෑම ඖෂධයක්, ප්‍රථමාධාර කට්ටලයක්, ජලය, ඇඳුම් පැළඳුම්, දිගුකාලීනව භාවිත කල හැකි ආහාර, බැටරි, ෆ්ලෑෂ් ලයිට්, ඉටිපන්දම්, වැහි ආම්පන්න, බ්ලැන්කට් සහ වැසිකිලි යාම සඳහා භාවිත කරන දෑ ඇතුළත් විය යුතුය.

එසේම, විදේශ ගමන් බලපත්‍ර හෝ වෙනත් හැඳුනුම්පත්, බැංකු හෝ රක්ෂණ තොරතුරු වැනි වැදගත් ලියකියවිලි මෙන්ම දේපල ඔප්පු හෝ පවුලේ ඡායාරූප වැනි වෙනත් වටිනා භාණ්ඩද මේවාට ඇතුලත් වේ.

ඔබ ඔබේ මූලික අවශ්‍යතා ගැන සලකා බැලිය යුතු අතර ඔබට සුරතල් සතුන් හෝ ඔබේ පවුලේ දරුවන් සිටී නම්, ඔවුන් සඳහා අවශ්‍ය භාණ්ඩ ඔබ සතුව ඇති බවට වග බලා ගැනීම වැදගත් වන බව Dorothy Tran පවසයි. සුරතල් සතුන්ට පටි, ඔවුන්ගේ ආහාර වැනි දේ අවශ්‍ය විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

ළමුන් සඳහා, අමතර ඇඳුම්, ඔවුන්ට ආහාර තබාගත යුතු අතර, ළදරුවෙකු හෝ කුඩා දරුවෙකු නම් නැපි වර්ග ගැනීම සහ ඔවුන්ට ආරක්ෂිත සහ සුවපහසු හැඟීමක් ඇති බව සහතික කිරීම වැදගත් වේ.

News
Source: AAP
එසේම, හදිසි ඇමතුම් අංක ළඟ තබා ගත යුතු වේ, අන් අය ද ඔබේ සැලසුම් කලින් දැන සිටින බවට සහතික වීම වැදගත්ය.

Dorothy Tran පෙන්වා දෙන්නේ ඔබ නිවසින් පිටත්ව යාම සිදු කරන්නේ නම්, ඔබ යන්නේ කොහේදැයි පවුලේ අය සහ මිතුරන් සමඟ සාකච්ඡා කල යුතු බවයි.

මෙහිදී විශේෂයන්ම පවුලේ සිටින ඉංග්‍රීසි භාෂාව කතා නොකරන සාමාජිකයින් කුමක් කළ යුතුද යන්න නිවසේ සිටින සියලු දෙනාම දන්නා බව පවුල සහතික වීම වැදගත් වේ.

ඔබේ වත්මන් රක්ෂණ ඔප්පු ප්‍රමාණවත්ද යන්න පරීක්ෂා කිරීම ද වැදගත් වේ. ඔබගේ නිවස පවතින ප්‍රදේශයට විශේෂිත වූ හදිසි සිදුවීම් සම්බන්ධයෙන් එය ඔබව ආවරණය කරන බව සහතික කර ගැනීම වැදගත්ය. මේවාට හදිසි ගංවතුර, කුණාටු,නායයෑම් සහ ගස් වැටීම් නිසා සිදුවන හානි ඇතුළත් විය හැකිය.

A storm cell rolls in over Maroubra beach.
A storm cell rolls in over Maroubra beach. Source: Instagram

කුණාටුවකට පෙර සූදානම් වීම

දරුණු කුණාටු සහ ගංවතුර ඇතිවීමට පෙර, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රජා සඳහා ඔවුන්ගේ ප්‍රාදේශීය හදිසි සේවා ආයතනවලින් අනතුරු ඇඟවීමක් ලැබේ, එය පොදුවේ SES ලෙස හැඳින්වේ.

SES ස්වේච්ඡා සේවකයන් බොහෝ විට නිවැසියන්ට අනතුරු ඇඟවීමට නිවාස වෙත යාම සිදු කරයි. ඔවුන් ප්‍රජාවන්ට හදිසි අවස්ථා සඳහා සූදානම් වීමට, ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටි සහ විකල්ප පිළිබඳ තොරතුරු සැපයීමට ද සිදු කරයි.

දරුණු කුණාටුවක් ඔබේ ප්‍රදේශයට ආසන්න නම්, අවහිරතා වළක්වා ගැනීම සඳහා කාණු පද්ධති පිරිසිදු කිරීමෙන් ඔබේ දේපළ සකස් කිරීම වැදගත්ය.

WA Storm
Property damage at Bay Region, WA Credit: BOM, WA
තද සුළඟක් හේතුවෙන් පාවිය හැකි ඕනෑම දෙයක් පිළිවෙලකට තැබීම හෝ ගැට ගැසීම සිදු කල යුතුය. කැඩුණු හෝ නැතිවූ උළු ඇතුළුව ඔබේ වහලයට වී ඇති ඕනෑම හානියක් සැකසීමද වැදගත් වේ.

එසේම, ඔබේ වාහන ගස් යට, කාණු අසල හෝ හානියක් විය හැකි කිසිවක් අසල නවතා තැබීමෙන් වළකින්න.

ස්වේච්ඡා සේවකයන් අනතුරුදායක දෑ ඉවත් කිරීමෙන් හෝ ජලය ඇතුලතට නොපැමිණීම සඳහා තාවකාලික වැලි කොට්ට සකස් කිරීමෙන් දේපළ හෝ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සිදු කරයි.

SES මගින් අනතුරුදායක ප්‍රදේශ වල වෙසෙන ප්‍රදේශවාසීන් ඉවත් කිරීම් සඳහා ද සහාය වන අතර, වර්ෂාව නතර වී ජලය බැස ගිය පසු පිරිසිදු කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ කටයුතුද ඔවුන් සිදු කරයි.

නිවසේ රැඳී සිටීම යනු ඉහළ මට්ටමේ අවදානමක් කළමනාකරණය කිරීමයි

SES හි ඉහළම නිර්දේශය වන්නේ දරුණු කුණාටු හෝ ගංවතුරකට පෙර මිනිසුන් ඉවත් කිරීම වුවත්, ඇතැම් පළපුරුදු පිරිස තම නිවසේ රැඳී සිටීමට තීරණය කරයි. නමුත් මෙලෙස ස්වාභාවික විපතකදී නිවසේ රැඳී සිටීම සඳහා ඔවුනට විශේෂ සූදානමක් අවශ්‍ය වේ.

Nicole Wastle සිඩ්නි නගරයට නුදුරින් පිහිටි කුඩා නගරයක පහළ මැක්ඩොනල්ඩ් ගංගා කලාපයේ ජීවත් වේ. ඇගේ දෙමහල් නිවස වසර දෙකකදී හතර වතාවක් ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් අයගේ පවුල නිරන්තරයෙන් කාලගුණ අනාවැකි නිරීක්ෂණය කරන අතර ගඟේ ජල මට්ටම් සටහන් කිරීම සිදු කරයි.
Nicole flood.png
Nicole Wastle's home in Wiseman's Ferry has almost been completely submerged.
ඇය පවසන්නේ ගංවතුරකට පෙර සූදානම් වීමට තම පවුලට, දින තුන හතරක් ගත වන බවයි.

තම පවුල ව්‍යාපාරයක් සිදු කරන අතර මේ හේතුවෙන් භාණ්ඩ ගබඩා කිරීම සිදු කල යුතු බවත් තම ස්වාමියා කාලයකට සරිලන පරිදි ජෙනරේටර් සඳහා ඉන්ධන ගෙන ඒම සිදු කරන බවත් Nicole Wastle පවසයි.

එමෙන්ම පානීය ජලය වශයෙන් භාවිත කිරීමට නාන කාමරයේ තිබෙන නාන තටාකය ජලයෙන් පිරවීමද ඔවුන් සිදු කරයි.

අනතුරුව ඔවුන් තම යාන වාහන, ගෘහ භාණ්ඩ වැනි වටිනා භාණ්ඩ උස් බිමකට ගෙන යාම සිදු කරන අතර පවුලේ අයගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක ජැකට් සහ කුඩා බෝට්ටුවක් ද සූදානම්ව තබා ගනී.
Sydney house prices property market NSW Floods
Tim McKibbin, CEO of REINSW, said floods will have an immediate effect on the available housing stock. Source: AAP / AAP Image/Lukas Coch
ජලයෙන් යටවූ විට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීම ඉතා වැදගත් බව Nicole Wastle පවසයි.

ගංවතුර කාලවලදී ස්ථාවර දුරකථන, ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිත කිරීම ගැටලුකාරී වන නිසා ඇතැම් පිරිස වෝකිටෝකි භාවිතා කරයි.

මෙම තත්වයට මුහුණ දීම සඳහා ඇය චන්ද්‍රිකා අන්තර්ජාල සැපයුම්කරුවෙකු තෝරාගෙන සිටින අතර විදුලි උත්පාදක යන්ත්‍රයක් භාවිත කරයි.

අමතර තොරතුරු සඳහා, ඔබේ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ හදිසි සේවා වෙබ් අඩවි වෙත පිවිසෙන්න:
හදිසි අවස්ථාවකදී (000) අමතන්න.

_______________________________________________________________________________________________



ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


_______________________________________________________________________________________________


SBS සිංහලගුවන් විදුලි සේවය,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර


  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න


_______________________________________________________________________________________________

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service