- ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ඉංජිනේරුවන් මුහුණ දෙන අභියෝග මොනවාද?
- විදේශීය ඉංජිනේරුවන් ඔවුන්ගේ සුදුසුකම් හඳුනා ගන්නේ කෙසේද?
- ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කිරීමට ඔබට ලියාපදිංචි වීම අවශ්‍යද?
- ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කිරීමට සංක්‍රමණික ඉංජිනේරුවන් අරගල කරන්නේ ඇයි?
- සංක්‍රමණික ඉංජිනේරුවන් සඳහා networking උපාය මාර්ග කොතරම් වැදගත්ද?
- ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවන් සඳහා සැඟවුණු රැකියා වෙළඳපොළ කුමක්ද?
මේ විශේෂාංගය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ Work in Progress වෙතින් ප්‍රායෝගික උපදෙස් බෙදා ගැනීම සිදු කරන අතර ඕස්ට්‍රේලියාවේ අර්ථවත් වෘත්තීන් ගොඩනඟන දක්ෂ සංක්‍රමණිකයින්ගේ ගමන් ගවේෂණය කරන Australia Explained මාලාවක් ඔබට ගෙන එයි.
මෙම Australia Explained කථාංගයේ චොකලට් කර්මාන්ත ශාලාවක සේවය කිරීමේ සිට ඉංජිනේරු ක්ෂේස්ත්‍රයට එක් වූ ඉරාන යාන්ත්‍රික ඉංජිනේරු Hannah Talebi ගේ කතාව ඇතුළත් වේ. සංක්‍රමණික සේවකයින්ගේ අභියෝග සහ ඔරොත්තු දීමේ හැකියාව යන දෙකම මේ මගින් ඉස්මතු කරයි.
කුසලතාවන් වෙන කවරදාටත් වඩා වටිනා බවට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ.
එහෙත්, ඔවුන්ගේ සුදුසුකම් තිබියදීත්, ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණික ඉංජිනේරුවන්ගෙන් දැනට ඔවුන්ගේ ක්ෂේත්‍රයේ සේවය කරන්නේ සියයට 40 ක් පමණි.
ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ නවෝත්පාදනයන් මෙහෙයවීමට මොවුන් තවමත් භාවිතයට නොගන්න සම්පතක් වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු ක්ෂේත්‍රය පිටුපස ගාමක බලවේගය වන්නේ විදේශයන්හි උපන් ඉංජිනේරුවන් වේ.
අද වන විට, ඉංජිනේරුවන්ගෙන් සියයට 60 කට වඩා සංක්‍රමණික පසුබිම්වලින් පැමිණෙන අතර, කාන්තාවන් සියයට 74 කින් ඊටත් වඩා විශාල බලපෑමක් ඇති කරයි.
එමෙන්ම 2026 වන විට, සංක්‍රමණික ඉංජිනේරුවන් මෙම තීරණාත්මක කර්මාන්තයේ ශ්‍රම බලකා වර්ධනයෙන් සියයට 70 ක් බලගන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Hannah Talebi with Bernadette Foley, Engineers Australia chief engineer.
ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ඉංජිනේරුවන් මුහුණ දෙන අභියෝග මොනවාද?
ඉහළ ඉල්ලුමක් තිබියදීත්, දක්ෂ සංක්‍රමණික ඉංජිනේරුවන් දහස් ගණනක් රැකියා විරහිතව සිටීම දැකගත හැකියි.
ඔවුනට තිබෙන ප්‍රධාන බාධක අතරට:
- දේශීය සේවා පළපුරුද්ද නොමැතිකම
- සීමිත professional networks හෙවත් වෘත්තීය ජාල.
- සංකීර්ණ accreditation ක්‍රියාවලීන්.
- ඔවුනට නුහුරු බඳවා ගැනීමේ ක්‍රමවේද.
ඇතුලත් වේ.
ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු විද්‍යාල ජාතික මණ්ඩලයේ සිටින Hannah Talebi, දේශීය අත්දැකීම් හෝ සම්බන්ධතා නොමැතිව තාවකාලික වීසා බලපත්‍රයක් මත ඇගේ ගමන ආරම්භ කොට තිබේ.
මෙය බොහෝ සංක්‍රමණික ඉංජිනේරුවන්ට පොදු කතාවක් වශයෙන් දැක්විය හැකියි.
විදේශීය ඉංජිනේරුවන්ට ඔවුන්ගේ සුදුසුකම් හඳුනා ගත හැක්කේ කෙසේද?
ඉංජිනේරු වෘත්තියේ අවශ්‍ය කුසලතා සහ නිපුණතා තක්සේරු කිරීම සඳහා වගකිව යුතු රජය විසින් අනුමත කරන ලද ආයතනය වන Engineers Australia හි ඉංජිනේරු කුසලතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී Shellie McDonald පවසන්නේ විදේශීය සුදුසුකම් හඳුනා ගැනීම සංකීර්ණ වන බවයි.
වීසා බලපත්‍රයක් ලබා ගැනීම සහ ඉංජිනේරු කටයුතු සඳහා ඔබේ සුදුසුකම් තක්සේරු කිරීම වෙනස් ක්‍රියාවලීන් දෙකක් වේ.
පසුගිය මූල්‍ය වර්ෂය තුළ පමණක් ජාත්‍යන්තරව පුහුණුව ලත් ඉංජිනේරුවන් 28,000 ක් පිළිගැනීම සඳහා ඉල්ලුම් කොට තිබේ.
ජාත්‍යන්තර ගිවිසුම් මගින් යම් ප්‍රමිතීන් නියම කළද, ලියාපදිංචි කිරීමේ අවශ්‍යතා රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් විය හැකියි.

Naishadh Gadani works as a career counsellor at Monash University.
ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කිරීමට ඔබට ලියාපදිංචිය අවශ්‍යද?
එය ප්‍රාන්ත සහ ටෙරිටරි මත රඳා පවතී. ඇතැම් ප්‍රාන්තවල ඉංජිනේරුවන් ලියාපදිංචි කිරීම නීත්‍යානුකූලව අවශ්‍ය වන අතර අනෙක් ප්‍රාන්තවල එය අනිවාර්ය නොවේ.
කෙසේ වෙතත්, වඩා හොඳ වෘත්තීය අවස්ථා ලබා ගැනීම සඳහා Engineers Australia හි පිළිගැනීම අත්‍යවශ්‍ය යැයි සැලකේ.
සංක්‍රමණික ඉංජිනේරුවන් ඕස්ට්‍රේලියාවේ රැකියා සොයා ගැනීමට අරගල කරන්නේ ඇයි?
Hannah ඇගේ පළමු ඉංජිනේරු රැකියාව ලබා ගැනීමට පෙර, තනතුරු 100 කට අධික සංඛ්‍යාවක් සඳහා ඉල්ලුම් කොට තිබේ.
මේවයින් බොහොමයක් entry-level graduate roles හෙවත් ආරම්භක මට්ටමේ උපාධිධාරී භූමිකාවන් වේ.
සම්මුඛ පරීක්ෂණ එකක් හෝ දෙකක් පමණක් තිබු බවත් කෙසේ නමුත් ඒවායින් තම ප්‍රතික්ෂේප වූ බවත් Hannah කියා සිටී.
සේවක කුසලතා 'නොගැලපීම' ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටළුවක් වේ.
සීමිත වෘත්තීය ජාල සමඟ ඒකාබද්ධව ඕස්ට්‍රේලියානු අත්දැකීම් නොමැතිකම බොහෝ විට නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීම් වලට හේතුවේ.
මෙම තත්වය ඉහළ සුදුසුකම් ලත් ඉංජිනේරුවන් සඳහා පවා බලපායි.
ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළ සඳහා ඉංජිනේරුවන් තම CV සැකසිය යුත්තේ කෙසේද?
වෘත්තීය උපදේශකයෙකු සහ හිටපු ඉංජිනේරුවෙකු වන Naishadh Gadani පවසන්නේ ඕස්ට්‍රේලියාවේ CV සාක්ෂි මත පදනම් විය යුතු බවයි.
ඔබට ව්‍යාපෘති කළමනාකරණ අත්දැකීම් ඇති බව පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් නොවන අතර උදාහරණයක් වශයෙන් 'වසර පහක් පුරා ඩොලර් මිලියන 10 ක යටිතල පහසුකම් ව්‍යාපෘති කළමනාකරණය කිරීමේ පළපුරුද්ද" ඇති බව පැවසීම වැදගත් වන බව Naishadh කියා සිටි.
සේවා යෝජකයින් දැකීමට කැමති දේ එයයි.
ප්‍රතිඵල කේන්ද්‍ර කරගනිමින් සකස් කරන ලද CV එකක් බොහෝ විට අවධානයට ලක්වීමේ ප්‍රධාන දෙය වේ.

Shellie McDonald, Senior Manager of Engineering Talent at Engineers Australia.
සංක්‍රමණික ඉංජිනේරුවන්ට networking කොතරම් වැදගත්ද?
Hannah පවසන්නේ ඇගේ දියුණුව රැකියා අයදුම්පත් හරහා නොව ඇඩිලේඩ් හි චොකලට් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ලැබුණු බවයි.
ඇගේ තාක්ෂණික කුසලතා එහි කළමනාකරණයේ අවධානයට ලක් වූ අතර, ඉංජිනේරු භූමිකාවක් විවෘත කළ විට අයදුම් කිරීමට ඇයව දිරිමත් කොට තිබේ.
ඔබ සංක්‍රමණිකයෙකු නිසා, ඔබ වෙනත් තැනක අධ්‍යාපනය ලැබූ නිසා, ඔබව නිර්දේශ කළ හැකි වෘත්තිකයන්ගේ ජාලයක් ඔබට ඕස්ට්‍රේලියාවේ නොමැති අතර එය සංක්‍රමණිකයින් සඳහා ඇති ලොකුම අභියෝගය වන බව Hannah කියා සිටිනවා.
Networking ඔස්සේ හැනාට රැකියා මණ්ඩලවල කිසිදා නොපෙන්වූ අවස්ථා සඳහා නිර්දේශ වීමට අවස්ථාව ලබා දී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවන් සඳහා සැඟවුණු රැකියා වෙළඳපොළ කුමක්ද?
ඕස්ට්‍රේලියාවේ රැකියා වලින් හතරෙන් තුනක් පමණ කිසිදා ප්‍රචාරය නොකරන බව Naishadh Gadani කියා සිටී.
බඳවා ගැනීම මිල අධික සහ කාලය ගතවන බැවින් සේවා යෝජකයින් referrals සඳහා වැඩි කැමැත්තක් දක්වයි.
Hannah උපදෙස් දෙන්නේ, ඔබට උදව් කරන එකම පුද්ගලයා කවුද කියලා ඔබ කවදාවත් නොදන්නා අතර. ඔබ එක පිරිසක් වටා පමණක් රැඳී සිටියහොත් ඔබට එම පුද්ගලයා සොයාගත නොහැකි වනු ඇති බවටයි.
සැ.යු : මෙම ලිපියේ තොරතුරු සාමාන්‍ය ලෙස සපයා ඇති අතර ප්‍රකාශනය කරන අවස්ථාවේ දී නිවැරදි වේ. වඩාත්ම යාවත්කාලීන සහ සවිස්තරාත්මක තොරතුරු සඳහා, කරුණාකර Engineers Australia සහ Australian Government Department of Home Affairs. වැනි නිල බලධාරීන් වෙත යොමු වන්න. පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගලික තත්වයන්ට ගැලපෙන උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.