Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාව දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම සාර්ථක ද?

Ela (centre) and her friends enjoying social media (AP).jpg
Ela (centre) and her friends enjoying social media (AAP)

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වී මාස හයක් ගත වී තිබෙනවා. එතැන් සිට, ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් බොහෝ රටවල් ගණනාවක් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. විශේෂඥයින් සමාජ මාධ්‍ය තහනමේ ධනාත්මක බලපෑම් පෙන්වා දෙන අතරේ යෞවනයන් මේ ගැන සිතන්නේ කුමක්ද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල කාලීන තොරතුරු විග්‍රහයෙන්.


Published

By Allan Lee, Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වී මාස හයක් ගත වී තිබෙනවා. එතැන් සිට, ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් බොහෝ රටවල් ගණනාවක් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. විශේෂඥයින් සමාජ මාධ්‍ය තහනමේ ධනාත්මක බලපෑම් පෙන්වා දෙන අතරේ යෞවනයන් මේ ගැන සිතන්නේ කුමක්ද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල කාලීන තොරතුරු විග්‍රහයෙන්.


ලොව ප්‍රථම වරට, වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක වනවා.

එය Snapchat, Facebook, Instagram, Reddit, Threads, Tik Tok, X සහ YouTube ඇතුළු බහු විධ සමාජ මාධ්‍ය වේදිකා ආවරණය කරන ලෙස ක්‍රියාත්මක වනවා. බාල වයස්කාර දරුවන් මෙම සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය වීම වැළැක්වීමට අපොහොසත් වුවහොත් එකී සමාගම්වලට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5 දක්වා දඩයකට යටත් වීමට සිදු වුණා.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වී ඇති අතර සමාජ මාධ්‍ය තහනමට අනුකූල නොවන සමාගම් ඩොලර් මිලියන 99ක් දක්වා දඩ මුදලකට එනම් මින් පෙර පවතී දඩ මුදල මෙන් දෙගුණයක දඩ මුදලකට යටත් වනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now