ඔස්ට්‍රේලියාවේ මුහුණ දෙන බාධක සහ ගැටළු ගැන තම මව් භාෂාවෙන්ම රජයට කියන්න සංක්‍රමණිකයින්ට දැන් අවස්ථාවක්

Migrants now have a chance to tell the government in their native language about the barriers they face in Australia

Migrants now have a chance to tell the government in their native language about the barriers they face in Australia Source: SBS / Aaron Hobbs

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Multicultural Framework Review හෙවත් බහු සංස්කෘතික සමාලෝචනය සඳහා අදහස් සහ පැමිණිලි ලබාගැනීම විවෘත කර ඇති අතර, එහි වැදගත් පියවරක් ලෙස, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සියලු භාෂාවලින් එම යොමු කිරීම් පිළිගනු ඇත.


ඉතිහාසයේ පළමු වතාවට සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු තමන් මුහුණ දෙන බාධක සහ ගැටළු පිළිබඳව රජයට අනතුරු ඇඟවීමට තමන්ගේ මව් භාෂාව භාවිත කළ හැකිය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Multicultural Framework Review හෙවත් බහු සංස්කෘතික සමාලෝචනය සඳහා අදහස් සහ පැමිණිලි ලබාගැනීම විවෘත කර ඇති අතර, එහි වැදගත් පියවරක් ලෙස, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සියලු භාෂාවලින් එම යොමු කිරීම් පිළිගනු ඇත.

ප්‍රතිපත්ති සම්පාදකයින්ට දැනට "නොපෙනෙන" බාධක සහ ගැටළු දැනගැනීමට මෙම පියවර රජයට උපකාරී වනු ඇතැයි ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles බලාපොරොත්තු වේ.

මෙවැනි ආකාරයේ සමාලෝචනයක් ඔස්ට්‍රේලියාවේ පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සංක්‍රමණිකයන්ගේ අත්දැකීම් සහ ඔවුන්ට ඔස්ට්‍රේලියානු සමාජයට ඒකාබද්ධ වීමට ඇති ආකාරය පිළිබඳ ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා මෙහිදී තොරතුරු ගවේෂණය කරනු ඇත.

මෙම සමාලෝචනය පිළිබඳ තොරතුරු පොදුවේ ඔස්ට්‍රේලියාව තුළ කතා කරන භාෂා 35 කින් ද ලබා ගත හැකි වනු ඇත. 

මෙම සමාලෝචනය කුමක්ද?

බහු සංස්කෘතික ඔස්ට්‍රේලියාවේ වත්මන් සහ අනාගත අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා, මෙම සමාලෝචනය වත්මන් ෆෙඩරල් නීති සම්පාදනය සහ උපාය මාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

මේ සඳහා පහත සඳහන් ප්‍රධාන පිරිස් වෙතින් අදහස් සහ යෝජනා ලබාගනී:

  • සංක්‍රමණික පවුල් පසුබිමකින් පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්
  • ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි සංක්‍රමණිකයින් සහ විදේශයන්හි උපන් අය
  • සරණාගතයින් සහ මානුෂීය වීසා ලබා පැමිණි අය
  • ස්ථිර සහ තාවකාලික වීසා බලපත්‍ර ලාභීන්

මෙම සමාලෝචනය සඳහා පහත ඒවා ද ඇතුළුව සංක්‍රමණිකයින් සහ බහුසංස්කෘතික ප්‍රජාව සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රශ්න ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය:

  • රැකියා වෙළඳපොළට පිවිසීමට සහ කුසලතා වර්ධනය කරගැනීමට ඇති බාධා
  • ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සඳහා ඇති සේවාවල ගුණාත්මකභාවය
  • සංස්කෘතිකමය වශයෙන් සුදුසු aged care සහාය

මේ සඳහා අදහස්, පැමිණිලි සහ යෝජනා ඉදිරිපත් කිරීම් සැප්තැම්බර් 29 වන දින අවසන් වනු ඇති අතර මෙම සමාලෝචනයේ අවසන් වාර්තාව ලබන වසර මුලදී මධ්‍යම රජයට බාර දීමට අපේක්ෂා කෙරේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now