ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රියදුරන් 1,842 කට රිය පදවන අතරේ ජංගම දුරකථන භාවිතා කිරීම සහ ආසන පටි පැළඳ නොසිටීම සම්බන්ධයෙන් නිකුත් කළ දඩ සහ demerit points වැරදීමකින් නිකුත් කර ඇති බවක් වාර්තා වේ.
AI බලයෙන් ක්‍රියාත්මක වන මාර්ග ආරක්ෂණ කැමරා පද්ධතියක දෝෂයක් නිසා මෙය සිදුවී ඇති බව සඳහන්.
රියදුරන් ජංගම දුරකථන භාවිත කරමින් හෝ ආසන පටි නොමැතිව රිය පැදවීමේදී වසරක කාලයක් තුළ දෙවතාවක් හසු වුවහොත් double demerit points නිකුත් කිරීමට ක්වීන්ස්ලන්ත මාර්ග අධිකාරිය පියවර ගෙන තිබේ.
2021 නොවැම්බර් 01 සිට 2023 අගෝස්තු 31 දක්වා වූ මාස 22ක් පුරා මෙම දෝෂය ඇතිවී තිබේ.
——————————————————————————————
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුව www.facebook.com/sbssinhala
- SBS සිංහල වෙබ් අඩවිය www.sbs.com.au/sinhala
- SBS Audio APP (Free)
___________________________________________________________________
එහිදී නිකුත් කළ double demerit points හේතුවෙන් රියදුරන් 121 දෙනෙකුගේ රිය පැදවීම තහනම් කෙරුණු අතර රියදුරන් 632 ක් Good Behaviour Bonds සඳහා යොමු කර තිබේ.
එමෙන්ම වෙනත් ප්‍රාන්තවල හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රලාභීන් 11 දෙනෙකුට ද මේ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රිය පැදවීම තහනම් කර තිබේ.
ඊට අමතරව ක්වීන්ස්ලන්ත රියදුරන් 1,036ක් පමණ ආසන පටි පැළඳ නොසිටීම සම්බන්ධයෙන් වන වැරදි සඳහා හසුවී ඇති අතර, අනාවරණය කරගත් වැරදිකරුවන්ගෙන් 42 දෙනෙකුට කිසි විටෙකත් රියදුරු බලපත්‍යක් තිබී නොමැත.
මෙම දඩවලට මුහුණ දුන් රියදුරන් වෙතොත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අදාළ ආයතන සම්බන්ධකරගෙන මේ පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගැනීමට සහ ලැබුණු දඩ වැරදි නම් ඒවා ඉවත් කරන ලෙසට ඉල්ලීම් කළ හැකිය.
ජංගම දුරකථන සහ ආසන පටි කැමරා ඔස්ට්‍රේලියාව පුරාම
AI මත පදනම් වූ ජංගම දුරකථන සහ ආසන පටි කැමරා ඔස්ට්‍රේලියාව පුරා සහ ලොව පුරා මේ වන විට ව්‍යාප්ත කෙරෙමින් පවතී.
මෙවැනි ආකාරයේ කැමරා ස්ථාපනය කරන ලද ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය පත්ව තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම කැමරාවලින් එක් මාසයක් තුළ රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතා කරන රියදුරන් 1,162 ක් අල්ලාගෙන ඇති බව හෙළි කෙරිණි.
එමෙන්ම රිය ධාවනයේදී ආසන පටි පැළඳ නොසිටී වික්ටෝරියා ප්‍රාන්ත රියදුරන් 2,993 ක් ද එම කාලයේදී හසුකරගෙන තිබුණි.





