"කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" - නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන "Wagga Wagga " සිංහල භාෂා පාසැල.

Wagga Wagga Sinhala language school_NSW_Australia

Source: SBS Sinhala

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන "Wagga Wagga " සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. "Wagga Wagga " සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, ආචාර්ය සුජීවා රත්නායක - වත්මන් විදුහල්පතිනිය ආචාර්ය යාපා බණ්ඩාර - සිංහල භාෂා පාසැල් කමිටුව ජේෂ්ඨ පන්ති නියෝජනය, සඳින් ජයසේකර , අමා බණ්ඩාර , සිනලි උඩමාඳුර ජන ගී ඉදිරිපත්කිරීම දිනාරා පියසිරි ,ශෂින් පෙරේරා, නෙතුකි ජයසේකර, යොමිත් පියසිරි සමුහ ගීත ගායනා සඳහා සම්බන්ද වුනු සියළුම දූ පුතුන්ට අපගේ ස්තූතිය වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now