ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ අයට දකුණු ඕස්ට්‍රේලියාවේ රැකියා සොයා ගැනීම පහසු කරන්න ප්‍රාන්ත රජයෙන් වැඩසටහනක්

Building foreman reading plans as workman insulates factory roof

Credit: Monty Rakusen/Getty Images

ඔස්ට්‍රේලියාවට විවිධ ක්ෂේශ්ත්‍ර හරහා සංක්‍රමණය වීමට බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙහිදී එක් එක් ප්‍රාන්ත වලින් විවිද ක්ෂේශ්ත්‍ර සඳහා නිපුනතා සහිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදු කරනවා. ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ පවතින ශ්‍රම හිඟයට විදෙස් පුහුණු ශ්‍රමිකයින් ලබා ගැනීම පහසු කිරීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නව වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු කර තිබෙනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය විසින් BuildConnect ලෙස නව වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. දකුණු ඕස්ට්‍රේලියාවේ Master Builders Association සමග එක්ව මෙම මෙම BuildConnect වැඩසටහන හඳුන්වා දීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබෙනවා. BuildConnect වැඩසටහන හරහා දකුණු ඕස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ රැකියා අවස්ථා ලබාගැනීමට පුහුණු ශ්‍රමිකයන්ට සහය වීම සිදු කරනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ සිටින හෝ විදේශයක සිටින නිපුනතා ඇති ශ්‍රමිකයින්ට මේ හරහා රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව උදා වනවා.

මෙහිදී මූලික වශයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින සංක්‍රමණිකයින් සහ ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ ව්‍යාපාර අතර ඇති සබඳතාවය ඉහල නැංවීමක් මෙම වැඩසටහන හරහා සිදුවනවා.

ඒ අනුව,

  • නිපුණතා සහිත සංක්‍රමණිකයන් ඔවුන්ගේ සුදුසුකම් සහ ප්‍රවීණත්වයට අනුකූල වන රැකියා අවස්තාවන් සමඟ සම්බන්ධ කිරීම
  • ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ ව්‍යාපාරික ආයතන සමග දිගුකාලීන සබඳතා ගොඩනංවා ගැනීම
  • රැකියාවක් සඳහා සේවකයකු බඳවා ගන්නා සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහාය අයදුම් කරුට මෙන්ම සේවා යෝජකයාටද ලබා දීම
  • පුහුණු ශ්‍රමිකයින්, ව්‍යාපාරික ආයතන, ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ පුහුණු කරුවන් සහ ඉහල නිලධාරීන් අතර සිදු කෙරෙන හමුවීම් සංවිධානය කිරීම වැනි විවිද ක්‍රියාකාරකම් සිදුකිරීම මෙම BuildConnect වැඩසටහන හරහා සිදුවනවා.

මෙහිදී දකුණු ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුවන අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.

  • නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති
  • T2D ව්‍යාපෘතිය වැනි පොදු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති
  • වාණිජ ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති
  • නව කාන්තා හා ළමා රෝහල
  • ප්‍රාන්තයේ පළමු මහා පරිමාණ හයිඩ්‍රජන් බලාගාරය

මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට ඔබ BuildConnect වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන සමග ලියාපදිංචි විය යුතු වනවා.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ දකුණු ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියේ පළවූ තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න. මෙහිදී මේ සම්බන්දයෙන් මූලික තොරතුරු පමණක් ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය කටයුතු කර ඇත. පෞද්ගලික තත්ව වලට අදාළව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now