Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබත් Loyalty Points තියෙන පාරිභෝගිකයෙක්ද? එසේනම් ඔස්ට්‍රේලියාවේ මේ අලුත්ම වංචාවෙන් ප්‍රවේශම් වෙන්න

scam
Source: Getty / Getty Images/Sitthiphong Thadakun / EyeEm

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව Qantas Frequent Flyer, Telstra සහ Coles සමාගම්වල loyalty points වැඩසටහන්වල පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව ක්‍රියාත්මක වෙමින් පවතී.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව Qantas Frequent Flyer, Telstra සහ Coles සමාගම්වල loyalty points වැඩසටහන්වල පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව ක්‍රියාත්මක වෙමින් පවතී.


විශාල, සුප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු සමාගම් ආශ්‍රිතව ක්‍රියාත්මක වන loyalty points වැඩසටහන්වල ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් නව වංචාවක් ඔස්ට්‍රේලියාවේ ජාතික වංචා-විරෝධී මධ්‍යස්ථානය විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ පිළිබඳ පසුගිය මාස 4 තුළ ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් පැමිණිලි 209 ක් ලැබී ඇති බව ඔවුහු පවසති.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව Qantas Frequent Flyer, Telstra සහ Coles සමාගම්වල loyalty points වැඩසටහන්වල පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් මෙම වංචාව ක්‍රියාත්මක වෙමින් පවතී.

ඕනෑම loyalty points වැඩසටහනක් මෙවැනි වංචාවකට යොමු කළ හැකි බව ඔස්ට්‍රේලියානුවන් දැන සිටීම ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Catriona Lowe පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම වංචාව සිදුවන්නේ කොහොමද?

පාරිභෝගිකයින්ට ඔවුන්ගේ loyalty points කල් ඉකුත් වන බව සඳහන් කරමින් කෙටි පණිවිඩයක් හෝ විද්‍යුත් තැපෑලක් ලැබේ.

එම කෙටි පණිවිඩයේ හෝ විද්‍යුත් තැපෑලෙහි ව්‍යාජ වෙබ් අඩවියකට link එකක් ඇතුළත් වන අතර, එයට login වීමට පාරිභෝගිකයින්ව පොළඹවයි. loyalty points භාවිතා කිරීම සඳහා ක්‍රෙඩිට් කාඩ් විස්තර සැපයීමටද පාරිභෝගිකයන් එහිදී පොළඹවනු ඇත.

වංචාකරුවන් පාරිභෝගිකයින්ගේ loyalty points සොරකම් කරයි. අන්තර්ජාලයේ වෙනත් platforms වල භාවිතා කිරීමට සහ අනන්‍යතාව වංචා කිරීමට වංචාකරුවන් පාරිභෝගිකයින්ගේ login තොරතුරු සහ පුද්ගලික තොරතුරු සොරකම් කරයි.

 

මෙයින් ආරක්ෂාවීමට නම්

කෙටි පණිවිඩයක ඇතුළත් link එකක් කිසිවිටෙක click නොකරන්න.

ඔබගේ loyalty points වල තත්ත්වය පරීක්ෂා කිරීමට ඊට අදාළ app එකට හෝ වෙබ් අඩවිය වෙත පමණක් පිවිසෙන්න.

ජාතික වංචා-විරෝධී මධ්‍යස්ථානය වංචාකරුවන් විසින් පෙනී සිටි අදාළ සමාගම් සම්බන්ධ කර ගෙන ඇති අතර ප්‍රජාවට සිදුවන හානිය අවම කිරීම සඳහා ව්‍යාජ වෙබ් අඩවි ඉවත් කිරීමට වෙබ් අඩවි සේවා සපයන්නන් සමඟ කටයුතු කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Catriona Lowe පැවසුවාය.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now