මෙවර ASEAN සමුළුවසඳහා අග්නිදිග ආසියාතික රටවල් නවයක නායකයින් මෙල්බර්න් නුවරට හි රැස් වෙලා තියෙනවා.
ඕස්ට්‍රේලියාව මෙම උත්සවයේ සත්කාරකත්වය දරන නිසා, අගමැති ඇන්තනි ඇල්බනීසී හට අග්නිදිග කලාපයේ පෙරමුණ ගැනීමට අවස්ථාව ලැබිලා තියෙන බවත් වාර්තා වෙනවා.
කලාපයේ ආර්ථික හා සමාජීය ප්‍රගතිය ප්‍රවර්ධනය කරන්නට වගේම කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න තමයි 1967 දී , අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය පිහිටුවා තිබෙන්නේ
ඕස්ට්‍රේලියාව එම සංගමයේ කොටසක් නොවන නමුත් කණ්ඩායම සමඟ දිගුකාලීන සබඳතාවක් පැවතිලා තියෙනවා - 2024 වසරට ඕස්ට්‍රේලියාව ASEAN සංගමයේ පළමු dialogue partner බවට පත් වෙලා වසර 50 සනිටුහන් කරනවා. අගමැති ඇන්තනි ඇල්බනීසී පවසන්නේ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම වෙතට තමා අවධානය යොමු කර ඇති බවයි. ඒ වගේම
සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කරගෙන ස්වෛරිත්වය ගොඩ නගාගත යුතු අතර, සාකච්ඡා මර්ගයෙන් නීති රීති සහ සම්මතයක් එක්ක ඒ වෙනස්කම් කළ හැකි බවත් අගමැති වරයා ප්‍රකාශ කලා.