Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ASEAN සමුළුව හේතුවෙන් අගමැතිට අග්නිදිග කලාපයේ පෙරමුණ ගැනීමට අවස්ථාව: කාලීන විග්‍රහය මාර්තු 05

Asia-Pacific foreign ministers pose for photos at the ASEAN Regional Forum meeting in Singapore.

Asia-Pacific foreign ministers pose for photos at the ASEAN Regional Forum meeting in Singapore. Source: AAP

Association of Southeast Asian Nations' හෙවත් ASEAN විශේෂ සමුළුව සඳහා රාජ්‍ය නායකයින් එක්රැස් වන එකට අදාල න්‍යාය පත්‍රයේ ප්‍රමුකත්වය ගන්නෙ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, කලාපීය ආරක්ෂාව, දේශගුණික විපර්යාස සහ පිරිසිදු බලශක්තිය කියන කාරණා. මේ ASEAN සමුලුව තමයි 2018 වසරෙන් පස්සෙ ඔස්ට්‍රේලියාව විසින් පවත්වන ලද විශාලතම රාජ්‍යතාන්ත්‍රික උත්සවය. මේ පිළිබඳ වැසිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබ වෙත

Published

Updated

By Kavindya Umayanganee Chandrasoma, Rania Yallop

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Share this with family and friends

Association of Southeast Asian Nations' හෙවත් ASEAN විශේෂ සමුළුව සඳහා රාජ්‍ය නායකයින් එක්රැස් වන එකට අදාල න්‍යාය පත්‍රයේ ප්‍රමුකත්වය ගන්නෙ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, කලාපීය ආරක්ෂාව, දේශගුණික විපර්යාස සහ පිරිසිදු බලශක්තිය කියන කාරණා. මේ ASEAN සමුලුව තමයි 2018 වසරෙන් පස්සෙ ඔස්ට්‍රේලියාව විසින් පවත්වන ලද විශාලතම රාජ්‍යතාන්ත්‍රික උත්සවය. මේ පිළිබඳ වැසිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබ වෙත

මෙවර ASEAN සමුළුවසඳහා අග්නිදිග ආසියාතික රටවල් නවයක නායකයින් මෙල්බර්න් නුවරට හි රැස් වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියාව මෙම උත්සවයේ සත්කාරකත්වය දරන නිසා, අගමැති ඇන්තනි ඇල්බනීසී හට අග්නිදිග කලාපයේ පෙරමුණ ගැනීමට අවස්ථාව ලැබිලා තියෙන බවත් වාර්තා වෙනවා.

කලාපයේ ආර්ථික හා සමාජීය ප්‍රගතිය ප්‍රවර්ධනය කරන්නට වගේම කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න තමයි 1967 දී , අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය පිහිටුවා තිබෙන්නේ

ඕස්ට්‍රේලියාව එම සංගමයේ කොටසක් නොවන නමුත් කණ්ඩායම සමඟ දිගුකාලීන සබඳතාවක් පැවතිලා තියෙනවා - 2024 වසරට ඕස්ට්‍රේලියාව ASEAN සංගමයේ පළමු dialogue partner බවට පත් වෙලා වසර 50 සනිටුහන් කරනවා. අගමැති ඇන්තනි ඇල්බනීසී පවසන්නේ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම වෙතට තමා අවධානය යොමු කර ඇති බවයි. ඒ වගේම

සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කරගෙන ස්වෛරිත්වය ගොඩ නගාගත යුතු අතර, සාකච්ඡා මර්ගයෙන් නීති රීති සහ සම්මතයක් එක්ක ඒ වෙනස්කම් කළ හැකි බවත් අගමැති වරයා ප්‍රකාශ කලා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now