COVID-19 වසංගතය අතරතුර, දේශසීමා වසා දැමීම සහ සංචරණ සීමා නිසා සියලුම ගුවන් සමාගම් සිය ගුවන් ගමන් වේගයෙන් අවලංගු කරන ලදී.
ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට Qantas සහ එහි අනුබද්ධිත Jetstar ගුවන් සේවාවල ඒකාබද්ධ flight credits ඩොලර් මිලියන 570 කට වඩා තිබේ.
Qantas හි එම අගය ඩොලර් මිලියන 370 ක් ලෙස දක්වා ඇත.
මේ වසර අවසානයේදී එම flight credits කල් ඉකුත් වීමට නියමිතව තිබූ නමුත්, මහජන විරෝධය සහ ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නඩුවක් මධ්‍යයේ Qantas ගුවන් සමාගම එම කල් ඉකුත් වීමේ දිනය ඉවත් කර තිබේ.
Flight credits පිළිබඳ ඔබ දැනගත යුතු දේ සහ COVID සමයේ ඔබට හිමි flight credits භාවිතා කරන ආකාරය පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Flight credit යනු කුමක්ද?
Flight credit යනු ගුවන් ගමනක් අවලංගු කරන විට, ගුවන් සමාගම සතු අදාළ මගියා විසින් දැරූ ප්‍රවේශපත්‍ර සඳහා වියදම් කළ මුදලය, අනාගතයේ දිනකදී එම ගුවන් සේවයේ ගුවන් ගමනක් සඳහා අදාළ මගියාට එම මුදල් භාවිත කර ආසනයක් වෙන් කරවා ගත හැකිය.
ආසන අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇති තත්වයන් අනුව විවිධ කොන්දේසි අදාළ විය හැකිය.
Qantas COVID credit යනු කොවිඩ් වසංගතයේ ආරම්භය සහ 2021 සැප්තැම්බර් 30 අතර අවලංගු කරන ලද ගුවන් ගමන් වලින් ලැබෙන Flight credit වේ.
Flight credit පරීක්ෂා කරන්නේ කෙසේද?
ඔබගේ Flight credit පරීක්ෂා කිරීමට ඇති හොඳම ක්‍රමය රඳා පවතින්නේ ඔබගේ ගුවන් ගමන වෙන්කරගත් ආකාරය මතය.
ඔබ Qantas හෝ Jetstar සමඟ සෘජුවම ගුවන් ගමන වෙන්කරවා ගත්තේ නම්, ඔබට Find My Credit tool එක සමඟින් ඔබේ විස්තර පරීක්ෂා කළ හැකි අතර, එහිදී ඔබට credit වවුචර අංකය, booking reference එකක්, අවසාන නම සහ ඊමේල් ලිපිනය ඇතුළු විස්තර අවශ්‍ය විය හැකිය.
ඔබ සංචාරක නියෝජිතයෙකු වැනි තෙවන පාර්ශවයක් හරහා ගුවන් ගමන වෙන්කරවා ගත්තේ නම්, ඔබට ඔබේ booking reference අංකය හෝ ටිකට් අංකය සහ අවසාන නම අවශ්‍ය වේ.
මෙම විස්තර නොමැති නම්, ඔබට සංචාරක නියෝජිතයා සෘජුවම සම්බන්ධ කර ගැනීමට සිදු විය හැකිය.
මට මගේ Flight credit සඳහා මුදල් ආපසු ලබා ගත හැකිද?
අවලංගු කරන ලද ගුවන් ගමන් වල flight credit ආපසු මුදල් ගෙවීමක් සඳහා මාරු කළ හැකි බව අස්වීමට නියමිත Qantas ප්‍රධානී Alan Joyce පසුගිය සතියේදී පැවසීය.
මුදල් ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට, ඔබට 1300 668 885 අංකයෙන් Qantas සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වනු ඇත.
ඔබ තුන්වන පාර්ශ්වයක් හරහා ගුවන් ගමන වෙන් කර ඇත්නම්, ඔබේ මුදල් ආපසු ගෙවීම සංවිධානය කිරීමට ඔබට ඔවුන් හා සම්බන්ධ වීමට අවශ්‍ය වනු ඇත.
Jetstar පාරිභෝගිකයින් මුදල් ආපසු ගෙවීම සඳහා සුදුසුකම් නොලබන නමුත් ඔවුන්ගේ ණය වවුචර දින නියමයක් නොමැතිව භාවිතා කළ හැකිය.
Qantas සහ Jetstar, flight credit භාවිතා කරන්නේ කෙසේද?
Qantas flight credit, Qantas ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් Flight Credits පිටුව හරහා හෝ මුල් පිටුවේ ඇති Use Flight Credit tab එක හරහා ලබා ගත හැකිය.
එහිදී ඔබට credit reference සහ ඔබගේ අවසන් නම ඇතුළත් කිරීමට අවශ්‍ය වනු ඇත, ඉන්පසු Find Flights to book a new trip යන්න ක්ලික් කරන්න.
ඔබට Jetstar flight credit තිබේ නම්, ඔබට 2023 දෙසැම්බර් 31 දක්වා ඊට අදාළ COVID වවුචර භාවිත කළ හැක.
ඔබ ඒ වන විට ඔබේ වවුචර් භාවිතා නොකරන්නේ නම්, ඔබට ඔබේ flight credit දින නියමයක් නොමැතිව දීර්ඝ කර ගැනීමට Jetstar ගුවන් සේවය සම්බන්ධ කර ගත හැකිය.
Flight credits භාවිතා කළ හැක්කේ කුමන අන්දමේ ගුවන් ගමන් සඳහාද?
Flight credits, දේශීය හෝ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කළ හැකිය.
ඔබ ඔබේ මූලික ගුවන් ගමනේ වෙන්කරවා ගත් රටට වඩා වෙනත් රටකට යාමට කැමති නම් හෝ multi-city booking හෙවත් නගර කිහිපයක් වෙන්කරවා ගැනීමට සැලසුම් කරන්නේ නම්, ඔබට Qantas සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වනු ඇත.
වෙනත් කෙනෙකුට මගේ flight credit භාවිතා කළ හැකිද?
Qantas flight credits වෙනත් අයෙකුට මාරු කළ නොහැකි අතර මුල් වෙන්කරවා ගැනීමේදී සිටි මගීන්ට පමණක් ලබා ගත හැකිය.
අදාළ මුල් වෙන්කරවා ගැනීමේදී තවදුරටත් එකට ගමන් නොකරන මගීන් කිහිප දෙනෙකු සිටී නම්, ඔබට ඔබේ flight credit බෙදා ගැනීමට Qantas ගුවන් සේවය සම්බන්ධ කර ගත හැකිය.
මේ අතර Jetstar වවුචර වෙනත් කෙනෙකුට ගුවන් ගමනක් වෙන්කරවා ගැනීම සඳහා භාවිතා කළ හැකිය.
ඔබට ඔවුන්ගේ නම් මගීන් ලෙසත්, ඔබේ විස්තර වෙන්කිරීමේ සම්බන්ධතාව ලෙසත් එක් කිරීමට එහිදී අවශ්‍ය වනු ඇත.





