කුරුලෑ යනු බොහෝ පුද්ගලයින්ට මානසික ගැටළු ප වා ඇතිකරන තත්ත්වයකි.
කුරුලෑ යනු තෙල් සහ මිය ගිය සමේ සෛල රෝම කූප අවහිර වූ විට ඇතිවන සමේ රෝගයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කළු ලප සහ වේදනාකාරී සැරව පිරුණු කුරුලෑ ඇතුළු රෝග ලක්ෂණ ඇති වේ.
Global Burden of Disease අධ්‍යනයට අනුව, වයස අවුරුදු 12 සිට 25 දක්වා යෞවනයන් සහ තරුණ වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන මෙම කුරුලෑ තත්ත්වය ලොව පුරා මිලියන 800 කට පමණ බලපායි.
ඔස්ට්‍රේලියාවේ පර්යේෂකයන් පිරිසක් කුරුලෑ සඳහා නව ප්‍රතිකාරයක් සොයාගෙන තිබේ.
Rodney Sinclair යනු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්යවරයෙකි.
ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන්නන් අතර කුරුලෑ බහුලව පවතින බවත්, කුරුලෑ ඇති පුද්ගලයින්ට පීඩාවන් සහ අඩු ආත්ම විශ්වාසයක් අත්විඳිය හැකි බවත් ඔහු පවසයි.
විවිධ සංස්කෘතික පසුබිම්වල පුද්ගලයන් කුරුලෑ වලට වෙනස් ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බව මහාචාර්ය Sinclair පවසයි.
කුරුලෑ ඇතිවීමට ඇතැම් ජානමය සාධක ඇති අතර එය පුද්ගලයන් අතර අවදානම වැඩි කළ හැකි නමුත් එය බොහෝ වාර්ගික සහ සියලුම සංස්කෘතීන්ට අයත් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට බලපාන බව පෙනෙන්නට ඇතැයි ද ඔහු පැහැදිලි කරයි.
දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද නව අධ්‍යයනයකින් Narasin නම් සංයෝගය ප්‍රතිනිෂ්පාදනය කිරීමෙන් කුරුලෑ සඳහා නව ප්‍රතිජීවකයක් සොයාගෙන ඇත.
Narasin යනු පශු සම්පත් කර්මාන්තයේ සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-දිලීර කාරකයකි.
මෙම පර්යේෂණය මගින් රසායනාගාරයේදී Narasin පරීක්‍ෂා කරන ලද අතර එහිදී කුරුලෑ බැක්ටීරියා වර්ධනය වීම නැවැත්විය හැකි බව සොයා ගන්නා ලදී.
අදාළ අධ්‍යයනයේ දී Narasin, මිනිස් කෙස් කළඹකට වඩා 50,000 ගුණයකින් කුඩා ප්‍රමාණයේ මෘදු අල්ට්‍රාෆයින් අංශු ඉලක්කගත කුරුලෑ ඇති ස්ථානවලට ජෙල් ආකාරයෙන් යොදන ලදී.
මේ අතර කුරුලෑ සඳහා විවිධ මුඛ ප්‍රතිකාර නියම කර ඇති අතර, ඒවායින් විවිධ අහිතකර බලපෑම් ඇති බව මෙම අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ Fatima Abid පවසයි.
කුරුලෑ සඳහා ප්‍රතිකාර කළ හැකි ධාරිතාවක් ඇති ප්‍රතිකාරයක් ලෙස Narasin මින් පෙර ගවේෂණය කර නොමැත.
එය මිනිසුන් සඳහා අත්හදා බලා නැතත්, එය භාවිතයට ආරක්ෂිත යැයි පර්යේෂණවලින් පෙනී යන බව අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ Fatima Abid පවසයි.
මේ සඳහා නැනෝ තාක්ෂණය භාවිත කළ බවත් මෙය oral හෙවත් මුඛයෙන් ලබාගත හැකි ප්‍රතිජීවකයක් ලෙස භාවිතා නොකරන බවත් ඇය වැඩිදුරටත් පැහැදිලි කරයි.
මෙම අධ්‍යයනයේ මීළඟ අදියරට සායනික පරීක්ෂණ ඇතුළත් වන බව ද අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ Fatima Abid පවසයි.
මෙම ප්‍රතිකාරය යහපත් එකක් බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ඖෂධ සහ චර්ම රෝග සඳහා ඖෂධ බෙදාහැරීමේ පර්යේෂකයෙකු වන Yousuf Mohammed පවසයි.
කුරුලෑ යනු විශාල ගැටලුවක් වන අතර රූපලාවණ්‍ය හා සමාජ විද්‍යාත්මක බැවින් ඔබ්බටඑය ගමන් කරන බවත් මෙය ඉතා අපුරු සොයාගැනීමක් බවත් ඔහු සඳහන් කරයි.





