Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ දකුණු ආසියානු ප්‍රජාව සඳහා SBS ගුවන් විදුලියෙන් නව නාලිකාවක්

SBS Pop Desi.PNG

SBS ගුවන් විදුලිය සිය දකුණු ආසියාතික භාෂාවලින් ගෙන එන වැඩසටහන් ශ්‍රාවකයන්ට තමන් රැකියාවේ සිටින විට, නිවසේ සිටින විට හෝ ඕනෑම ස්ථානයක සිටින විට ඔවුන් වෙත ළඟා වීම සහතික කිරීම පිණිස වැඩසටහන් ප්‍රචාරය කෙරන කාලසටහන් යාවත්කාලීන කර තිබේ.

SBS ගුවන් විදුලිය එහි දකුණු ආසියානු භාෂා වැඩසටහන් ශ්‍රවනය කිරීම සඳහා තවත් වේදිකාවක් නිවේදනය කර ඇති අතර මේ නිසා ඔබේ ප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන් සහ විශේෂාංගවලට සවන් දීම දැන් අන් කවරදාටත් වඩා පහසුවී තිබේ.

ඒ අනුව 2023 ඔක්තෝබර් 5 වනදා බ්‍රහස්පතින්දා සිට, බංග්ලා, ගුජරාටි, හින්දි, නේපාල, මලයාලම්, පන්ජාබි, සිංහල, දෙමළ සහ උර්දු වැඩසටහන් පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා SBS PopDesi ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

නිවසේ සිටින දකුණු ආසියානු භාෂාවක් කතා කරන මිලියන 1.5 කට අධික ඔස්ට්‍රේලියානුවාසීන් වෙත ළඟා වීමට මෙම නාලිකාව හරහා SBS ගුවන් විදුලිය අරමුණු කරයි.

යාවත්කාලීන කරන ලද සහ නැවුම් කාලසටහනක් සමඟින්, SBS PopDesi සවන්දෙන්නන්ට ඔවුන් කැමති වේදිකාවේ සහ ඔවුන් තෝරා ගන්නා වේදිකාවේ ඔවුන්ගේ කථා, ගීත සහ විශේෂාංග ශ්‍රවණය කිරීමට තවත් විකල්ප ලබා දෙනු ඇත.

ශ්‍රාවකයින්ට SBS ඇනලොග් සහ ඩිජිටල් ගුවන්විදුලි සේවා හරහා වැඩි තේරීමක් සහ නම්‍යශීලී බවක් ලබා දෙමින් SBS Radio 2 නාලිකාව හරහා ඇති හුරුපුරුදු කාලසටහන් වලදී අදාළ වැඩසටහන් ඇසීමට, නැවත නැවත ඇසීමට හෝ සමගාමීව විකාශනය කිරීමට දිගටම හැකිය.

මෙම අලුත් කිරීම, ශ්‍රාවක කැමැත්ත වඩාත් හොඳින් සපුරාලීම සඳහා ගුවන් විදුලි විකාශනය, live streaming, ඩිජිටල් විකාශනය සහ පොඩ්කාස්ට් හරහා ඩිජිටල්-පළමු නිෂ්පාදනය වේගවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද SBS50 ශ්‍රව්‍ය උපාය මාර්ගයේ කොටසකි.

"දකුණු ආසියානු උරුමයන් සහිත ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රජාවන් සඳහා නව ගුවන් විදුලි නාලිකාවක් තිබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා" යනුවෙන් SBS ශ්‍රව්‍ය සහ භාෂා අන්තර්ගතයන් පිළිබඳ අධ්‍යක්ෂ David Hua පැවසීය.

"SBS භාෂා වැඩසටහන්, ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ විනෝදාස්වාදය සපයන අංග හා සංගීතය සමග එක තැනකින් ඔබට ලබා ගත හැකිය. මෙම නව පුළුල් පිරිනැමීම සඳහා ශ්‍රාවක ප්‍රතිචාරය දැනගැනීමට අප සිටින්නේ නොඉවසිල්ලෙන්."
SBS ශ්‍රව්‍ය සහ භාෂා අන්තර්ගතයන් පිළිබඳ අධ්‍යක්ෂ David Hua

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම් සහිත ප්‍රජාවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා SBS නිතිපතා එහි භාෂා වැඩසටහන් යාවත්කාලීන කරයි.

ඔස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන සංක්‍රමණික ජනගහනය දකුණු ආසියානුවන් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ 2021 සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ පන්ජාබි භාෂාව කතා කරන ජනගහනය 239,033 ලෙසත් හින්දි භාෂාව කතා කරන්නන් 197,132ක් ලෙසත් නේපාල භාෂාව කතා කරන්නන් 133,068 ක් ලෙසත් උර්දු භාෂාව කතා කරන්නන් 111, 873ක් ලෙසත් වාර්තා වේ.

2021 සංගණන දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ දෙමළ භාෂාව කතා කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 95,404 කි. සිංහල භාෂාව කතා කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 85,869 කි.

ඊට අමතරව ගුජරාටි භාෂාව 81,334 ක් කතා කරන අතර මලයාලම් භාෂාව 78,738ක් ද බංග්ලා 70,116 ක් ද සහ තෙළිඟු භාෂාව 59,406 ක් කතා කරන බව සඳහන්.

SBS PopDesi දකුණු ආසියාතික ප්‍රජාවන් සඳහාම වෙන් වූ නාලිකාවක් බවට නැවත සන්නාමගත කිරීම සහ ඇතැම් භාෂා වැඩසටහන් නව කාල වේලාවන්වල ප්‍රචාරය සඳහා ගෙන යාම සැලසුම් කර ඇත්තේ ශ්‍රාවකයින්ට අදාළ වැඩසටහන් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීම සඳහාය.

SBS PopDesi destination V2.png

ඔක්තෝබර් 05 වනදා සිට වෙනස් වන දේ මෙන්න:

SBS Pop Desi new schedule.png

SBS සිය වැඩසටහන් තිළිණ කිරීම් ඩිජිටල් ලෙස නව්‍යකරණය කරන බැවින් එය අනාගතයේදී ශ්‍රව්‍යකරණයේ කොඳු නාරටිය ලෙස ගුවන් විදුලියේ භූමිකාව ශක්තිමත් කරනු ඇත.

SBS එහි සුවිශේෂී ශ්‍රව්‍ය අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම අඛණ්ඩව සිදු කරන බැවින් මෙය සැබවින්ම තීරණාත්මක කාලයකි.

SBS PopDesi සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා සහ සති අන්තයේ පස්වරු 5 සිට 6 දක්වා දකුණු ආසියාතික භාෂා වැඩසටහන් විකාශනය කරනු ඇත.

සෑම විටම ජනප්‍රිය PopDesi සංගීත මිශ්‍රණය මෙම පැය වලින් පිටත උදේ, සවස සහ සති අන්තවල විකාශය කෙරේ.

දැන් ශ්‍රාවකයන්ට AM/FM රේඩියෝව, DAB+ රේඩියෝව, Digital TV හරහා SBS ගුවන් විදුලි වැඩසටහන් ඇසීමට සහ අපගේ SBS.com.au/Audio වෙබ් අඩවියෙන් සහ SBS Audio App එකෙන් ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබේ.

ඉහත සඳහන් කර ඇති සියලුම භාෂා වැඩසටහන් SBS Radio 2 හි හුරුපුරුදු කාල වේලාවලදී නැවත නැවත හෝ සමගාමීව විකාශය කරනු ලැබේ.

SBS Radio 2 මෙල්බර්න්, සිඩ්නි, කැන්බරා සහ නිව්කාසල් හි AM සහ FM සංඛ්‍යාත දෙකෙහිම විකාශය වේ. SBS රේඩියෝව ඔස්ට්‍රේලියාව වටා ඇති අනෙකුත් ප්‍රධාන කලාපවල AM හෝ FM සංඛ්‍යාත ඔස්සේ ජාතික වශයෙන් විකාශය කරයි. සම්පූර්ණ සංඛ්‍යාත ලැයිස්තුව සඳහා මෙතැනින් පිවිසෙන්න.

මෙම වෙනස්කම් සිදුවන්නේ ගුවන් විදුලි වැඩසටහන් ප්‍රචාරය කෙරෙන කාලසටහන් සහ වේදිකා වල පමණක් වන අතර, SBS ඔස්ට්‍රේලියාවේ ප්‍රජාවන්ට තොරතුරු සපයන විශ්වාසදායක මූලාශ්‍රයක් ලෙස දිගටම පවතින බැවින් ඔබ බොහෝ සෙයින් ආදරය කරන SBS වැඩසටහන්වල ඇති ගුණාත්මකභාවය නියතව පවතිනු ඇත.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now