ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු සිංහල ගීත හඳුන්වාදෙන SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියානු ආදිවාසී අයිතීන් අහිමිවීම පිළිබඳව ගැයෙනා අපූරු ගීතයක් පිළිබඳවයි.
උලුරු කන්දෙන් ගීතය,
ගායනය - නලින් ජයවර්ධන (බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය)
ගී පද - ලක්ෂ්මන් කොඩිතුවක්කු (නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය)
සංගීතය - සංගීත් වික්‍රමසිංහ (ශ්‍රී ලංකාව)
—————————————————————————————-
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ “මගේ ගීතය" වැඩසටහනට සවන්දෙන්න පහතින්






