දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය නව තහනමක් හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කළා. ආදර සබඳතා හෝ නව පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට තිබෙන Dating යෙදවුම්වලට සමහර පුද්ගලයන්ගේ ප්‍රවේශය ඒ අනුව සපුරා තහනම්. එලෙස තහනම බලපැවැත්වෙනු ඇත්තේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සහ ලිංගික අපරාධවලට වරදකරුවන් වූ පුද්ගයන්ටයි. මෙවැනි දෙයක් ඕස්ට්‍රේලියාවේ සිදු වන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
අවවාදයයි: සංවේදී කරුණු සහිතයි
ඔබ හෝ ඔබ දන්නා අයෙකුට ලිංගික හිංසනය, අඩන්තේට්ටම්, පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතා කිරීමට අවශ්‍ය නම් 1800 737 732 අංකය ඔස්සේ 1800respect සේවය අමතන්න. එසේත් නැත්නම් www.1800RESPECT.org.au වෙබ් අඩවියට පිවිසෙන්න. හදිසි අවස්ථාවක දී 000 අමතන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






